පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස වෙත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද ගොස් තිබුනේ විමර්ශනයක් සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම මන්ත්‍රීවරයා විසින් මගහැර ඇති බව කියමිනි.
මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණද ඔහු ඒ සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් නිලධාරීන් මෙලෙස ඔහුගේ නිවසට ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාගේ පාර්ශවයෙන් කළ විමසීමකදී ඔහුගේ සමීපතමයෙකු අවධාරණය කළේ මන්ත්‍රීවරයා කිසිසේත්ම කොමිසම මගහැරීමට කටයුතු කර නොමැති බවයි.
නියමිත දිනට පැමිණීමට නොහැකි බව සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොමිසමට දැනුම් දී තිබූ බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබා දීමට කොමිසම එකඟ වී තිබූ පසුබිමක නිලධාරීන් මෙලෙස නිවසට පැමිණ ඇති බවත් එම පාර්ශවය පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් වැඩිදුරටත් තහවුරු කළේ, එකඟ වූ පරිදි ඉදිරි දිනකදී ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට සූදානමින් සිටින බවයි.
Anti-Corruption Commission Officials Visit Ravi Karunanayake's Home Following Missed Appointment
Officials from the Commission to Investigate Allegations of Bribery or Corruption paid a visit to the residence of Parliament member Ravi Karunanayake today. This action came after the Commission noted that the politician failed to attend a scheduled inquiry, where he was expected to provide a statement regarding an ongoing investigation.
According to media reports, while Karunanayake had been notified about the requirement to appear for questioning, he did not show up, prompting the officials to visit his home in search of him.
However, a close associate of Karunanayake emphasized that the minister was not attempting to evade the Commission, suggesting that there may have been a misunderstanding regarding the scheduling of his appearance.
Furthermore, the representative indicated that Karunanayake's legal team had informed the Commission through official channels that he was unable to attend on the scheduled date. They had requested an alternative date, which the Commission had agreed upon, highlighting the context of the officials' visit.
His lawyers confirmed that Karunanayake is prepared to attend the Commission's inquiry on the newly proposed date, reaffirming their commitment to cooperating with the investigation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Looka Mirikapau gamanma duwala
ReplyDeleteAllanawa nam menna නියම loka හොරා... මූ හොරා kaapu සල්ලි billion ganan.. Pattama patta හොරා
ReplyDeleteOne of the most corrupted.
Deleteaei ban dawas ganan dina ellanne... dan masa dekaka idan katti paninawa............
ReplyDeleteරවියා හොරෙක් වගේම රංගයා මිනීමරුවෙක්
ReplyDelete
ReplyDeleteඅල්ලස් කොමිසමට පොල්ල තියපු රවී | Ada Derana
Ada Derana
921 views
•
1 hour ago