විනිසුරු වයස ජනමත විචාරණයකට යොමු කරන්න නීතියක් නැතැයි ආණ්ඩුව කියන්නේ බොරු..


 පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පක්‍ෂ  නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නීතිය පිළිබඳ මහාචාර්ය ජනාධිපති නීතිඥ නලින්ද ජයතිස්ස ඇමතිතුමා ප්‍රකාශයක් කළා අපි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා කියන්නේ නොදන්නාකමටලු.

එතුමා කියනවා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විමසුමකට යොමු කිරීමේ විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැතිලු. එතුමානම් කමක් නෑ කියමුකෝ. තමන් නීතිඥයෙක් විදිහට හඳුන්වා ගන්න සුසන්ත දොඩාවත්ත මන්ත්‍රීතුමාත් අපිට ආරාධනා කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය කියවන්න, 83 වන වගන්තියේ තමයි තියෙන්නේ ජනමත විචාරණයකට යොමු කළ යුතු කාරණා. හැබැයි අධිකරණ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ වයස තීරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තිය සංශෝධනය කිරීමේදී ජනමත විචාරණයට යොමු කළ යුතුයි කියලා ව්‍යවස්ථාවේ නෑයි කියලා දොඩාවත්ත මන්ත්‍රීතුමා රටට කියනවා.

ඇත්තෙන්ම ඔය වගේමයි මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස ගැන මේ දිනවල මාධ්‍ය හමු පවත්වන මාලිමා නීතිඥයෝ, දැන් මාලිමා නීතිඥ සංගමය එළියට බහින්නේ නෑ ඒ වෙනුවට ඇවිල්ලා තියෙන ජනවරමේ නීතිඥයෝ කියන කණ්ඩායමත් ඔය කාරණය ඔය විදිහටම කියනවා.

ඉතින් මේ සියලු දෙනාම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරයට යොමුකිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ප්‍රකාශ කරන නිසා අපිට ඔවුන්ට නීතිය පිළිබඳ පාඩමක් නැවත වතාවක් කරන්න සිද්ධ වෙනවා.

නලින්ද ඇමතිතුමනි, ඔබතුමා වැස්සකට හරි නීති විද්‍යාලයට ගොඩ වෙලා තිබෙනවා නම් නීති හෝඩියේ උගන්වන පාඩමක් තමයි ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන විට ඊට අදාළ නඩු තීන්දු සමග අර්ථ නිරූපණය කළ යුතුයි. නීතිය වන්නේ හුදෙක් පාර්ලිමේන්තුව සම්මත කරන ව්‍යවස්ථා පනත් පමණක්ම නෙවේ. ඉහළ අධිකරණවල තීන්දුත් නීතියේ කොටසක්.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් තේරෙන විදිහට කිව්වොත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස වෙනස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා අපි ප්‍රකාශ කරන්නේ නඩු තීන්දු තුනක් පදනම් කරගෙන.

මුලින්ම ලංකාවේ නඩු තීන්දුව ගමු. දිලීප් නවාස් සහ ජනක් ද සිල්වා කියන විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් විජිත් මලල්ගොඩ විනිසුරුතුමා 2022 දී කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ලබා දෙද්දී ඉතා වැදගත් කාරණයක් කිව්වා.

ඒ තීන්දුවේදී කියනවා අධිකරණයේ ස්වාධීනත්වය ජනතා පරමාධිපත්‍යයේ කොටසක්. ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍යයේ කොටසක් අධිකරණයේ ස්වාධීනත්වය. එතකොට අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට බලපානවා. ජනතා පරමාධිපත්‍යයට බලපාන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තිය අනුව ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වයට බලපානවා නම් තුන්වෙනි වගන්තියට බලපානවා, තුන්වෙනි වගන්තියට බලපානවා නම් 83 වෙනි වගන්තිය අනුව ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. දැන් කොහොමද අපි කියන්නේ මේ 22 වන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට බලපානවා කියලා?

විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස තීරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තිය අඩංගු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 'අධිකරණයේ ස්වාධීනත්වය' කියන පරිච්ඡේදයටයි. එහෙනම් 107 වෙනි වගන්තිය අධිකරණයේ ස්වාධීනත්වය කියන පරිච්ඡේදයේ තියෙන නිසා 107 වෙනි වගන්තියට කරන සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට බලපානවා. අධිකරණයේ ස්වාධීනත්වය ජනතා පරමාධිපත්‍යයේ කොටසක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ තියෙනවා. ජනතා පරමාධිපත්‍යය කියවෙන තුන්වෙනි වගන්තියට බලපාන ඕනෑම දෙයක් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා 83 වෙනි වගන්තියේ තියෙනවා. ඔන්න ඔය කාරණය පදනම් කරගෙන තමයි විපක්ෂයේ අපි නීතිය හරියට අධ්‍යයනය කරලා තමයි රටට කිව්වේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා.

ඒ වගේම නීතියේ තිබෙන තවත් ඉතා වැදගත් මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ තමන්ම විනිසුරු නොවිය යුතුයි.

එංගලන්තයේ හිටිය කීර්තිමත් අගවිනිසුරුවරයෙක් වන ශ්‍රීමත් එඩ්වඩ් කෝක් 1610 තරම් ඈතකදී තමයි වෛද්‍ය බොන්හැම් නඩුවේදී මේ මූලධර්මය හඳුන්වා දුන්නේ. අද වන විට ඒ නඩු තීන්දුවෙන් බිහි වුණු මේ මූලධර්මය විශ්වීය නීතියක් බවට පත් වෙලා සෑම රටකම අධිකරණයන් විසින් පිළිගන්නා මූලධර්මයක් බවට පත් වී තිබෙනවා. එතකොට එංගලන්ත නඩු තීන්දුත් අපේ රටේ නීතිය පෝෂණය කරගන්න ඉතිහාසය පුරාම භාවිතා කරලා තියෙනවා.

ඒ අනුව බලද්දී තමන්ගේ නඩුවේ තමන් විනිසුරුවරයෙක් නොවිය යුතුයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඍජුම ප්‍රතිලාභීන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට මේ වෛද්‍ය බොන්හැම් නඩු තීන්දුව අනුව තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන 22 වන සංශෝධනය අහන්න බෑ.

අපි දන්නවා තමන්ගේ මිත්‍රයෙක්ගේ, ඥාතියෙක්ගේ නඩුවක් ආවාම ඒ සම්බන්ධයෙන් හෙළිදරව් කරලා විනිසුරුවරුන් ඒක තමන්ගේ සමාන වෙනත් උසාවියකට යොමු කරනවා. දැන් මේකේ සියලුම විනිසුරුවරුන් එක වගේ ප්‍රතිලාභීන් වන නිසා තමන්ට අහන්නත් බෑ වෙනත් උසාවියකට යොමු කරන්නත් බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? එහෙනම් ඉහළ උසාවියට යොමු කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් තිබෙන උසාවිය තමයි ජනතා අධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලුම අධිකරණ පාවිච්චි කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තියෙන් අධිකරණයට භාර දුන්නු ජනතාවගේ අධිකරණ බලය. අධිකරණයට නඩුව අහන්න බැරි තැන්වලදී ජනතාව ඒක ඍජුවම නඩුව අහනවා. ජනතාවගේ තීන්දුව දෙන්නේ ජනමත විචාරණයකදී.

ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා අපි ඉතාම නීතිමය මූලධර්මානුකූලව ප්‍රකාශ කරන්නේ.

ඒ වගේම තවත් කීර්තිමත් ඉංග්‍රීසි අගවිනිසුරුවරයෙක් වන ගෝඩන් හෙවාට් සාමිවරයා 1923 දී මැකාති නඩුවේදී ප්‍රකාශ කරනවා අධිකරණය යුක්තිය ඉටු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ, යුක්තිය ඉටු කළ බව විද්‍යාමාන විය යුතුය.

දැන් මේ මූලධර්මය රැකෙන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කරන්න ඕනේ? ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ලබා දෙන අල්ලසක් ලෙස බැලූ බැල්මට පෙනෙන මේ ව්‍යවස්ථා සංශෝධනය ජනතා අධිකරණයට යොමු නොකර තමන්ම තීන්දු කළොත් ඊට පස්සේ ජනතාවට පේන්න හිතෙනවා තමන්ට වසර දෙකක සේවා දිගුවක් ලබා දුන්නු ආණ්ඩුවට මේ විනිසුරුවරුන් පක්ෂග්‍රාහීව ක්‍රියාත්මක වේවි කියලා. එහෙම හිතුනාම ඇති. විනිසුරුවරයා ඇත්තටම පක්ෂග්‍රාහී වෙන්න ඕනේ නෑ, පක්ෂග්‍රාහී කියලා හිතුනත් ඇති. ඇයි? හෙවාට් සාමිවරයා කිව්වේ යුක්තිය ඉටු කිරීම පමණක් ප්‍රමාණවත් නෑ යුක්තිය ඉටු කරන බව විද්‍යාමාන වෙන්න ඕනේ. ඔය විද්‍යාමාන වීම නැති වෙනවා තමන්ගේ නඩුව තමන් අහලා ආණ්ඩුවෙන් ලබා දෙන මේ තුටු පඬුර භාර ගත්තොත්. එහෙම බැලුවත් මේක අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කරන්න ඕනේ.

ගරු නලින්ද ජයතිස්ස ඇමතිතුමනි, සුසන්ත දොඩාවත්ත මන්ත්‍රීතුමනි, නීතිඥ සංගමයේ රැස්වීම්වලට නොපැමිණ මාධ්‍ය හමුවල පාලු ගෙයි වලං බිඳින මාලිමා නීතිඥවරුනි, අපි 22 වන සංශෝධනය ජනමත විමසුමට යොමු කළ යුතුයි කියන්නේ මෙන්න මේ වැදගත් නඩු තීන්දු තුන මත පිහිටා ඉඳිමින් කියන එක ඔබට දැනුම් දෙන්න කැමතියි.

ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මින් ඉදිරියටවත් අර්ථ නිරූපණය කරද්දී ඊට අදාළ නඩු තීන්දු ගැනත් අවධානය යොමු කරන්නයි කියලා නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඇතුළු මාලිමා නීති විශේෂඥයන්ට අපි සිහිපත් කරනවා.





Call for Public Referendum on Constitutional Amendment Regarding Judges' Retirement Age

Addressing the media at the party headquarters, Udaya Gammanpila, the leader of the political party, expressed concerns over recent statements made by Minister of Justice, Nalin Jayatissa, during a Cabinet media briefing. The Minister indicated that the proposed 22nd Constitutional Amendment should not require public consultation, an assertion Gammanpila challenged.

Jayatissa suggested that there was no clause in the Constitution that mandates public consultation for amendments regarding the retirement age of judges. Gammanpila countered this by inviting Minister Susanth Dodawatta to refer to Article 83 of the Constitution, which outlines matters that do require public referendum. However, Dodawatta claimed there was no need for public consultation regarding amendments to Article 107, which pertains to the retirement age of senior judges.

Prominent lawyers, including those from the Malima legal association, have echoed these sentiments, stating that a public consultation is unnecessary for the proposed amendment. Gammanpila and others argue that a legal lesson on the necessity of public input is warranted.

Minister Jayatissa, if familiar with legal principles, should recognize that the Constitution must be interpreted alongside relevant court decisions. Law is not solely defined by statutes passed in Parliament—it also encompasses judicial rulings.

In essence, the call for a public referendum on the amendment relates to the changes in the retirement age of the judiciary, positioned firmly on three significant court rulings.

One crucial ruling in Sri Lanka involved Justices Dilip Navaz and Janak de Silva, where Judge Wijith Malalgoda articulated critical insights regarding constitutional compliance during a 2022 decision on procedural reforms. The ruling emphasized the independence of the judiciary as integral to public sovereignty, and thus, any constitutional amendment affecting judicial independence must be subjected to a referendum.

Gammanpila insisted that the implications of legislative changes affecting judicial independence must be considered public matters, as underscored by Article 83 of the Constitution. By elevating the discourse, he categorized amendments impacting judicial independence as inherently requiring public feedback before legislative advancement.

He stressed the principle that a person should not be a judge in their own case, an established norm highlighted in the historic Bonham's Case of 1610, introduced by Sir Edward Coke. This principle has since permeated global legal frameworks. In this light, those judges directly benefiting from constitutional modifications, such as the proposed 22nd Amendment, cannot preside impartially.

Asserting the need for public accountability, Gammanpila posited that without public scrutiny, judges might appear biased, undermining the credibility of the judicial process and the government's commitment to fairness.

The appeal therefore insists on a public referendum for the 22nd Amendment, underlining three essential court decisions. As such, Gammanpila reiterated that Minister Jayatissa and his colleagues in the Malima legal community should heed the implications of their proposals in light of the Constitution and judicial decisions.

In conclusion, Gammanpila highlighted the importance of continual attention to judicial rulings when interpreting the Constitution, echoing calls for transparency and public engagement in legal matters that significantly impact society.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. මේ පජාත කාලකණ්නි ජේවීපී පාණ්ඩුව නම් එලවන්නම ඕන.හැබැයි ගොම්මන්පිලයො, වෙන එකෙක් දාල ඔය කතාවම කියවපන් උඹේ මූණත් තහඩුව පෙන්නන්නෙ නැතිව. උඹව දැක්කම මිනිස්සුන්ට අප්පිරියයි. ටිකක් ලස්සන මූණු ටිකක් දාල උඹ තිරයෙන් එහා පැත්තෙ හැංගිලා වැඩේ කොරපන්.

    ReplyDelete
    Replies
    1. Awadana ganikawa

      Delete
    2. නැව්විරුවෝAugust 4, 2026 at 7:08 PM

      ඇයි මොකද ගම්මන්පිලගෙ මුහුනට වෙලා තියෙන්නෙ? අපිටනම් කිසිම අප්‍රසන්න බවක් පෙනෙන්නෙ නෑ.

      Delete
    3. එකෙන්ම. මූ අජූත වෙච්ච එකෙක් නිසා කියන දේට වටිනකමක් නෑ.

      Delete
    4. අඩුකුලේ ජෙප්පන්ට, කොනකපපු එවුන්ට, කුරුසකාරයින්ට, කොටින්ට ගම්මන්පිල කියන දේ වටින්නෙ නැති වුනාට බහුතර ජනතාවටනම් වටිනව.

      Delete
    5. නැව්විරුවෝAugust 4, 2026 at 10:33 PM

      අනිවාර්යයෙන්ම.

      Delete
  2. මුන්ට දැන් රෙද්දෙ rewila ඉන්නේ. ඔක්කොම රාජකාරි පැත්තක තියලා මේක සම්මත කරන එක තමයි ප්‍රධාන කාරිය.

    ReplyDelete
    Replies
    1. ඔව්. නැත්නම් බෝනගේන් සූරයගෙ විශ්‍රාම වයස වැඩිකරල දෙනවමයි කියල කොටා ප්‍රමිශ්කට වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරන්ඩ බැරිවෙනවනෙ.

      Delete
    2. මැද්දෙන් පැලිච්ච තුන් හුලස් බනිස් ගෙඩියක බලේ!!!

      Delete
    3. කොටා MKR මෝඩයාට (කියන්නෙන් පටන්ගන්න අහවල්එක) රත්තරන් කියන්නෙ නිකම් නෙමේනෙ.

      Delete
Previous Post Next Post