පිරිමින් නඩු අහනවට කාන්තාවන් විරෝධය..


ලංකාවේ ඉහළ උසාවි සම්පූර්ණයෙන්ම පාහේ පුරුෂ පාර්ශවයෙන් පුරවලා තියෙනවා.  කාන්තාවන්ට දැන් දැන් එහි ඉඩක් ඇත්තේම නැති තරම්. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ දැන් විනිසුරුතුමන්ලා 29 ක් සේවය කරනවා.  එයින් එකම එක කාන්තා විනිසුරුවරියයි ඉන්නේ.  ලංකාවේ පළාත් සහ රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සම අවස්ථා තියෙනවා. හැබැයි අධිකරණ කේෂ්ත්‍රයේ විනිසුරුවරියන්ට ඉඩ හොඳමට සීමා කරලා තියෙනවා යැයි ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානයේ කැඳවුම්කාරිනී සුවන්ති වීරසේකර පවසයි.

කුරුණෑගල පැවති රැස්වීමක් අමතමින් වීරසේකර මහත්මිය ප්‍රකාශ කළේ, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17 ක් සිටිය යුතු නමුත්,  දැනට සේවයේ යෙදෙන්නේ 13 දෙනෙකු පමණී.  හැබැයි බො‍හෝ දෙනා කතා කරන්න අකමැති කාරණය තමයි, අද ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන්නේ එකම එක කාන්තා විනිසුරුවරියක් පමණයි කියන එක.  ශ්‍රේෂ්ඨාධිකණයේ කාන්තාවට තියෙන්නේ 7.6.% ක් පමණයි.  

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන ගත්තාම අභියාචනාධිකරණය විනිසුරුවරියන්ට තනිකරම ඛේදවාචකයක්.  සේවයේ යෙදිය යුතු විනිසුරුවරුන් 20 න් දැන් ඉන්නේ විනිසුරුවරුන් 16 ක් විතරයි. එකම කාන්තා විනිසුරුවරියක් වත් නෑ.  

අධිකරණ විනිසුරුවන් ගැන සමාජ කථිකාවක් සිද්ධ වෙන අවස්ථාවක වුනත් කිසිම පාර්ශවයකින් මේ කතාව කියන්නේ නෑ. ජනතාව අතර මතයක් තියෙනවා, අධිකරණ කේෂ්ත්‍රය ලොකු පුටු කාන්තාවන්ට ඇකැපයි කියලා. එකේ සත්‍යතාවයක් නැතුවාම නෙවෙයි. උදාහරණයකට  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) ඉතිහාසයේ මෙතෙක් කිසිදු කාන්තාවක් සභාපති තනතුරට පත් වෙලා නෑ.  

මේ තත්වය ඉහළ උසාවියට පමණක් සීමා වෙලා නෑ. 2021 වසරේ දත්ත අනුව මහාධිකරණ, වානිජ්‍ය මහාධිකරණය, සිවිල් අභියාචනා මහාධිකරණයන් හි කාන්තා විනිසුරුවරියන් හිටියේ 21.2% යි. දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණයන් හි කාන්තා විනිසුරුවරියන් සිටියේ 34.8% ක් විතරයි.  ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම නොකර ඉදීමෙන් රටටම අගතියක් වෙනවා. විශේෂයෙන්ම නීති කේෂ්ත්‍රයේ බැබලෙන කාන්තාවන්ට බලවත් අසාධාරණයක් වෙනවා.    මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය මගින් තහවුරු කර ඇති සමානාත්මතාවයේ අවස්ථාව, ‍ඔවුන්ගේ පත්වීම් බලධරයා විසින් මේ වන විටත් අහිමි කරලා තියෙනවා.  

අගවිනිසුරු ප්‍රමුඛ ඉහළ උසාවිවල විනිසුරුවන් කිහිප දෙනෙකුට සේවා දිගුවක් දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන ආණ්ඩුව, කිසිම වියදමක් නැතුව නීත්‍යානුකුලව කරන්න පුළුවන් අවම දේවල් ටික වත් කරන්නේ නෑ. අධිකරණ සේවය අද පවතින තත්වයෙන් වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම විනිසුරුවරුන් අතර ‘ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පරතරය’ අවම කිරීමට වත් පියවර ගත යුතු යැයි නිදහසේ කාන්තාවෝ කැඳවුම්කරු සුවන්ති වීරසේකර පැවසූවාය.





Women's Representation in Sri Lanka's Judiciary Faces Severe Constraints

The representation of women in Sri Lanka's judiciary is alarmingly low, with the top courts predominantly comprising male judges. Currently, there are 29 justices serving in the Supreme Court and the Court of Appeal, yet only one is a woman. Despite opportunities in provincial and state services, women face significant barriers within the judicial system, as highlighted by Suwanthi Veerasekara, a leading advocate from the organization 'Women for Freedom'.

Speaking at a meeting in Kurunegala, Veerasekara emphasized that the Supreme Court should ideally have 17 judges, but currently only 13 are in service. The stark reality is that only one female judge is presiding over cases in the Supreme Court, reflecting a mere 7.6% representation of women.

The situation is even more dire at the Court of Appeal, where out of 20 judges that should be in place, only 16 are actually serving, and again, there are no female judges. This gender disparity in judicial positions not only highlights the struggles women face when seeking advancement in law but also fuels societal conversations, or rather the lack of them, about the issue. There is a prevailing public perception that the legal profession is not welcoming to capable women, a notion not without some truth. For instance, throughout the history of the Bar Association of Sri Lanka, no woman has ever held the position of president.

This deficiency is not limited to the apex courts. Statistics from 2021 reveal that women represented only 21.2% of judges in the High Court, Commercial High Court, and Civil Appellate High Court, while their presence in District and Magistrate Courts was marginally better at 34.8%. The failure to address these vacancies in higher courts ultimately undermines the integrity of the judiciary as a whole, significantly disadvantaging women within the legal sector. The constitutional guarantee of equality under Article 12 has been severely compromised, with impactful appointments missing from the judiciary due to the neglect of qualified female candidates.

Amid these concerns, the government has not taken significant legal steps to rectify the situation, despite its constitutional obligation to provide service extensions for several judges in higher courts without incurring costs. Veerasekara underlined the necessity for substantial reforms in the judiciary by bridging the gender gap among judges, advocating for meaningful change to address the systemic disparities that persist within the legal system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post