ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමේ උත්සාහයක් මුල් කරගනිමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු යන මහත්වරුන් අතර දැඩි පරිපාලනමය අර්බුදයක් හටගෙන ඇති බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
පසුගිය සඳුදා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කැඳවන ලද විනය පරීක්ෂණයකට අමාත්‍යවරයා සෘජුව මැදිහත් වීමත් සමඟ මෙම මතභේදය උච්චතම අවස්ථාවට පත්ව තිබේ.
වැඩ තහනමට ලක්ව සිටි සේවකයෙකු යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් පැවති මෙම පරීක්ෂණය, අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත ප්‍රමාද කර පසුව අකාලයේ නතර කර ඇති බව වාර්තා වේ.
සිවිල් ගුවන් සේවා විෂය පථය නියෝජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවතියද, අමාත්‍යවරයාගේ මෙවැනි මැදිහත් වීම් හේතුවෙන් ජාතික ගුවන් සේවයේ පරිපාලන ගැටලු විසඳීමට බාධා එල්ල වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට මාස 16ක කාලයක් තිස්සේ ස්ථිර ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ද මීට පෙර දැඩි විවේචන එල්ල කර තිබුණි.
සම්මුඛ පරීක්ෂණ වට දෙකක් පවත්වා අයදුම්පත් සිය ගණනක් ලැබී තිබියදීත්, වසරකුත් මාස හතරක් තිස්සේ සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වීම ඛේදනීය තත්ත්වයක් බව එහිදී අවධාරණය කෙරිණි.
මෙම පුරප්පාඩුව පිරවීම සඳහා ආයතනය තුළින්ම නිලධාරියෙකු පත් කිරීමට ගත් තීරණය අනුව, තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානියා සහ වාණිජ අංශ ප්‍රධානියා යන දෙදෙනා ලැයිස්තුගත කර තිබුණි.
එහිදී අමාත්‍ය කරුණාතිලක මහතා විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමකින් තොරව තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානියා වන චාමර පෙරේරා මහතා එම ධුරය සඳහා තෝරාගෙන ඇති බව පැවසේ.
කෙසේ වෙතත්, අදාළ නිලධාරියා යටතේ පවතින තොරතුරු තාක්ෂණ අංශයේ සිදුව ඇති බව කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ දැඩි විවේචන හමුවේ එම පත්කිරීම තාවකාලිකව නතර කිරීමට අමාත්‍යවරයාට සිදුව ඇත.
චාමර පෙරේරා මහතාගේ කළමනාකරණය යටතේ ආයතනයට සහ එහි සංස්කෘතියට බරපතළ හානි සිදුව ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වෘත්තීය සමිති ද සිය විරෝධය පළ කර සිටියි.
විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිය මෙම පත්කිරීමට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.
Administrative Crisis Unfolds Over Appointment of SriLankan Airlines CEO
Significant administrative turmoil has erupted between Ports and Civil Aviation Minister Nimal Siripala de Silva and Deputy Minister Janaka Kodithuwakku as they clash over the appointment of a new Chief Executive Officer for SriLankan Airlines, according to reports from the Daily Mirror.
The tension peaked during a disciplinary inquiry convened by the Deputy Minister last Monday, where the Minister's direct intervention exacerbated the dispute.
This inquiry was initially intended to address the reinstatement of an employee who had been suspended but was postponed and then abruptly halted following the Minister's involvement.
While the Civil Aviation sector operates under the Deputy Minister's jurisdiction, insiders reveal that such interferences from the Minister have hindered the resolution of ongoing management issues within the national carrier.
Parliamentary oversight committee chairman S.M. Marikkar previously criticized the failure to appoint a permanent CEO for SriLankan Airlines for the past 16 months, highlighting the need for timely leadership in the troubled airline.
Despite two rounds of interviews and numerous applications being received, the inability to identify a suitable candidate over four months has been described as a lamentable situation.
The decision to fill this vacancy by appointing an internal candidate has led to the shortlisting of the Head of Information Technology and the Head of Commercial. Reports suggest that the Minister unilaterally selected Chamara Perera as the preferred candidate for this position without consulting the Deputy Minister.
However, due to serious allegations of corruption and misconduct surrounding the Information Technology division under Perera's management, the Minister has temporarily suspended this appointment in light of public criticism on social media.
Concerns have also been raised by professional unions regarding the detrimental impact that such allegations could have on the institution and its culture during Perera's management.
Notably, trade unions associated with the Janatha Vimukthi Peramuna have indicated plans to take action against the proposed appointment in the future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුන් ඔක්කොම උද්ධච්ච kalakanni.
ReplyDeleteAne Pala pako yanna..E news nikan boru mawala danawa... Ubala comment danawa...Ayyo sunbun wipakshyata wuna wade
Deleteලප සාපෙ
DeleteEka new Bayyonge Sape..By Sape
Deleteමේ ආන්ඩුව හෙන මූසලයි. රටට විපත්ම තමයි. එකිනෙකා කුලල් කා ගන්නවා. ජනාධිපති රූකඩයක්. ලාල්ලට වසන්තලට එරෙහිව කට හොල්ලන්න බයයි. රට නායකයෙක් නැති ගමනක.
ReplyDeleteUbalage Pakshaya gana wenna athi oya kiyanne...Ane pako..Gihin chu karala nida ganin
DeleteAyyo Karu, what are you doing? You first lied about your degree saying you have a PhD. And the Lori talk you gave about justice and anti corruption😃
ReplyDeleteලප සාපෙ
Delete