මන්ත‍්‍රී පඩි වැඩි කලේ නෑ.. වැඩි කල ඉන්ධන මිලට හරියන්න ඉන්ධන දීමනාව ගැලපුවා..- නි. ඇමති


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් වැඩිකිරීමක් සිදුකර නොමැති බවත්, සිදුව ඇත්තේ රජයේ නිලධාරීන්ට හිමි ඉන්ධන දීමනාව වත්මන් වෙළඳපොළ මිලට අනුව යාවත්කාලීන කිරීම පමණක් බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මන්ත්‍රී වැටුප් ඉහළ දමා ඇති බවට සමාජය තුළ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ, ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන් සඳහා එම දීමනාව වත්මන් මිල ගණන්වලට ගැලපීමට රජය තීරණය කළ බවයි.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නැහැ. නමුත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වීමත් සමඟ, ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිලට ගැලපීමට රජය පියවර ගත්තා. ඒ අනුව ඉන්ධන දීමනාව ලබන සියලුම නිලධාරීන්ගේ මාසික ආදායමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. එය මන්ත්‍රීවරුන්ටත් පොදු තත්ත්වයක්," යනුවෙන් ජයවීර මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුපේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත්, දීමනා සංශෝධනය වීම හේතුවෙන් වැටුප් වාර්තාවල යම් මූල්‍යමය වැඩිවීමක් නිරීක්ෂණය විය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සභාවට දන්වා සිටියේය.





Minister Denies Claims of Increased MP Salaries Amid Fuel Allowance Adjustments

The monthly salaries of Parliament members have not been increased, according to Nishantha Jayawickrama, the Deputy Minister of Economic Development. Instead, what has occurred is merely an adjustment of the fuel allowances provided to government officials, aligning them with current market prices.

During a recent parliamentary discussion, the Deputy Minister emphasized the government's decision to update these allowances in response to rising costs, distinctly rejecting reports circulating within society that suggested an increase in parliamentary salaries.

He clarified that the adjustments made to the fuel allowances apply to all government officials entitled to receive them, ensuring that their benefits reflect the ongoing market conditions. "There has been no increase in the salaries of Parliament members. However, as the country’s economy stabilizes, the amounts received by government officials under the fuel allowance will be adjusted accordingly, resulting in a noticeable increase in the monthly income of all those entitled to it, including the MPs," Jayawickrama elaborated.

The Deputy Minister reiterated that there have been no changes to the basic salary of MPs. He acknowledged that adjustments in allowances might lead to some financial increase reflected in salary reports, but stressed that these adjustments do not equate to a raise in their official remuneration.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. Ethakota ballo minissu hinga kannada kiyanne, thopi monavada karana samaja sevaya

    ReplyDelete
  2. රු60000? ඇයි මන්ත්‍රීලා ගහන්නේ අමුතු තෙල් ජාතියක්ද? නැත්නම් උන්ට උද්ධමනේ රටේ අනිත් මිනිස්සුන්ට වඩා වැඩිද?

    ReplyDelete
    Replies
    1. රටේ ගොන්නු ඉතින් තනකොල කාලා පයින් යන නිසා ඕන නෑ කියලා හිතන්න ඇති.
      දිනපතා මුන් කියන බොරු අහගෙන ඒව විශ්වාස කරන්න ඉතින් අති විශේෂ මෝඩ කමක් ඕන නේ.

      Delete
  3. එහෙනං ඒ විදියට ඉන්ධන ගැලපුමක් රජයේ සේවකයන්ටත් දීපල්ලා. උනුත් එන්නේ උඹලා වැඩිකරපු තෙල් වලින්, උඹලා වැඩි කරපු කරන්ට් එකෙන් දුවන වාහන වලින් තමයි. මාලිමාවට ඡන්දෙ දීපු ගොන්නුන්ට නම් ඒක වැඩි කරන්න එපා. මොකද උන් හෙන ආසාවෙන් ඒ වැඩි වෙච්ච මිල ගෙවන්නෙ.

    ReplyDelete
    Replies
    1. උන්ට නම් ඕන නෑ. තැපෑලෙන් දුන්නේ ඕවට ආස නිසානේ.
      පුන්නක්කු සහනාධාරේ වැඩි කරා නම් ඇති.

      Delete
    2. National Pacha Party (NPP)August 8, 2026 at 5:45 AM

      පුන්නක්කු මිල වැඩි උනේ නැහැ.

      Delete
  4. පොඩි කතාවක් තියෙනව. බලන්නකො නිකන් කියන්නෙ.
    1. වී මිලට සාධාරණ මිලක් ඉල්ලා ගොවි විරෝධය - මීගමුව බන්ධනාගාරයේ වලක්වා ගන්න පුලුවන්කම තියෙද්දී, ජනාධිපති, අගමැති, පොලිස් ඇමති, බන්ධනාගාර ඇමති, ආරක්ශක නියෝජ්‍ය ඇමති සෙට් එකම සද්ද නැතුව ඉඳලා 30 දෙනෙක් මැරෙන්න ඇරීම නිසා අවධානය ඒකට යොමුවී ගොවි උද්ඝෝශණ කෙල වීම
    2. පල්ලියේ ෆාදර් කෙනෙක් වන වත්මන් අගවිනිසුරුගේ ධූර කාලය දික් කිරීමට නීතීඥ විරෝධය - මහර බන්ධනාගාරයේ ගැ‍ටුමක් ඇති වීම සහ මුළු බන්ධනාගාරයම අලුකරන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම
    3. අගවිනිසුරුගේ ධූරය දික් කිරීමට ගැසට් එක නිකුත් කිරීම - එකවර බන්ධනාගාර 3ක ගැසට් එක ගැසූ දිනට පසු දින ගැ‍ටුම් ඇති වීම.

    මේව උඹට තේරෙන්නෙ නැත්තන් විපක්ශ නායකයිනි, උඹලා දේශපාලනෙන් විශ්‍රාම ගනිල්ලා. තේරෙනෙ එකෙක් පත් වෙයි එතකොට.

    ReplyDelete
  5. හොරතල් පේඩිගේ හුරතල් සමන් කුමාරAugust 8, 2026 at 6:14 AM

    අනිවාර්යෙන් මන්ත්‍රී වැටුප වැඩිකල යුතුයි. මේ ආණ්ඩුව දිවිහිමියෙන් අපි ආරක්ෂා කරනවා. ආයේ අඩුකුලේ අපේ ආණ්ඩුව ඇරෙන්න වෙන ආණ්ඩු මේ රටේ නෑ. අපි මේක ගත්තේ ආපහු දෙන්න නෙවේ. අම්බලන්ගොඩ කරා කුලේ අපේ රජා ෆොන්සේකා දාලා රාජපක්ෂලා ඔක්කොම මරවනවා. මහින්දයා ගෝල්ෆේස් එකේ කකුල් දෙකෙන් එල්ලිලා ඉන්න දවස වැඩි ඈතක නෙවේ. ගෝඨාභයගේ මරණ දඩුවම දැනට ස්ථිරයි. ෆාස්ටර් ඒක ලස්සනට ගේම ගහලා දෙයි. අපිට මාර විදියට සප් එකක් දෙන දෙමළ සහෝදරවරු, මුස්ලිම් සහෝදරවරු, සහ නාගරික/ අර්ධ නාගරික ලුම්පන් ක්‍රිස්තියානි සහෝදරවරු (ෆර්නිනැන්ඩස්, බොතේජු,ෆොන්සේකා..... ) මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ. අපේ චන්ද ගොඩ විතරක් ලක්ෂ 80යි.අපි ඔක්කොම එක හඩින් ඉල්ලන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය දැන්වත් ඉවර කරලා ලුම්පන් කොටස් මගින් පාලනය වෙන නමට සමාජවාදී නමුත් ක්‍රිස්තියානි පාලනයක් ගේන්න කියන එක තමා.මුලින්ම ඒක උන්ගේ මහ එව්න් ටික ඉවර කරලා ඉන්න ඕනා ෆොන්සේකා දාලා.අපේ චන්ද ගොඩ විතරක් ලක්ෂ 80යි

    ReplyDelete
    Replies
    1. උපහාසෙට වුනත් කියන කතාව ඇත්ත.
      ඒක තමයි දැන් ඇස්පනාපිට සිද්ධවේගන යන්නෙ.

      Delete
  6. තොපි ආවෙ පාරෙ බස් එකේ යනවා කියල නේද.දැන් ජනතාවට කන්න බොන්න නැති වෙලේ ලක්ශ ගනන් පඩි වැඩි කරගත්ත එක හරිද? කෝ මේ සක්ක්ලි ඩෝබිලා

    ReplyDelete
  7. සමන් කුමාර ට මල් මිටක්.

    ReplyDelete
Previous Post Next Post