වුවමනා වූ පමණින් පළාත් සභා ඡන්දය තියන්න බෑ...- නලින්ද


 ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට අවශ්‍ය වූ පමණින් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කර සීමා නිර්ණය කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

හිරු පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජයේ අමාත්‍යවරුන් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාවට විවෘත කර ඇති බවයි.

එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීමට ද රජය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, මැතිවරණය පැවැත්වීමට නම් අදාළ නීති රීති නිසි පරිදි සම්මත විය යුතු අතර සීමා නිර්ණය කටයුතු ද අවසන් විය යුතු බව අවධාරණය කළේය.

එම නීතිමය රාමුව සකස් වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.





Government Minister Calls for Urgent Resolution of Legal Barriers to Provincial Council Elections

Health and Media Minister Dr. Nalinda Jayatissa emphasized the necessity for immediate action to eliminate existing legal obstacles preventing the conduct of provincial council elections. He stated that such elections cannot proceed merely at the government's or the President's discretion.

Speaking during an interview with Hiru News, the Minister pointed out that, for the first time in history, current government ministers have openly declared their assets and liabilities to the public.

He also indicated that the government is looking to implement legal amendments to enhance the efficiency of the Commission to Investigate Allegations of Bribery or Corruption.

Addressing practical issues surrounding the provincial council elections, the Minister clarified that proper legal procedures must be established for the elections to take place, and boundary delimitation processes must be finalized.

Dr. Jayatissa confirmed the government's readiness to hold provincial council elections as soon as the legal framework is established.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. ආණ්ඩුවට මොළයක් තියෙනවා නම් තේරෙන්න ඕනේ ගතවන දිනයක් පාසා මැතිවරණයන් ආණ්ඩුවට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු වෙමින් තියෙනවයි කියන එක

    ඡන්දෙ හෙට තියෙනවට වඩා අද තියෙන එක ආණ්ඩුවට වාසියි

    අණ්ඩුව හදන්නේ කිසිම ඡන්දයක් නොතියා ලාම්පු කලගෙඩි සෙල්ලමක් කරලා ජනමත විචාරණයකින් ජනාධිපති ගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීරඝ කර ගන්න - ඒ වැඩේට තමයි දෙවගැති සූරරා අළුත්කඩේ තියා ගන්න හදන්නේ

    හැබ්යි ඒ වැඩේ වුනත් ආණ්ඩුව හිතන තරම් ලේසි වෙන්නේ නෑ

    ආණ්ඩුව හිතුවාට දැන් මිනිස්සු කලකිරිලා වුනාට ආපහු මොනවා හරි ජිල්මාට් දාලා මිනිස්සු ටිකක් අල්ල ගන්නම් කියලා ඒවා වෙන්නේ නෑ

    දෙසැම්බර් වෙන කොට ආණ්ඩුවේ නොහැකියාවේ ප්‍රතිඵල මිනිස්සුන්ට පේන්න පටන් ගන්නවා

    ඊට පස්සේ තමයි ආණ්ඩුවට තේරෙන්නේ කලින් ඡන්දෙ තිබ්බා නම් ඉවරයි කියලා

    ReplyDelete
  2. බලේ තියන කොට මොළේ නෑ.
    ඕක තමයිලු යථාර්ථය.

    ReplyDelete
  3. Thiyala balannako. Asa hitheyi. Sinhalayage chanden, sinhalayatama kelinawa.

    ReplyDelete
  4. මේ අනිත් මූසලයා

    ReplyDelete
  5. Eka pan parin karanna barida danahisssa..

    ReplyDelete
  6. මොනවා වුනත් පළාත් සභා තිබ්බොත් මුංට වෙනදේ බැලිය හැකි 😆😆

    ReplyDelete
  7. 68 ලක්සෙ ගවයන් හිතනවනම් මුන් චන්දෙ තියයි කියල , හීනයක් විතරයි .

    ReplyDelete
  8. යකෝ ලපයට 75% ක ජනතාව කැමති කිව නේද
    ඉතින් තියපියකෝ චන්දෙ.

    ReplyDelete


  9. I wish the JVP had been given a chance to run the government in the early years in Sri Lanka. Then they would have learned the hardships of running a government pragmatically, and people would also have learned that there are no magicians. It’s unfortunate that the country had to wait this long to learn that.

    *

    ReplyDelete
  10. මේකා අත කරකවලා ගුග්ලි දානවා.

    ReplyDelete
    Replies
    1. අත කරකවලා පුකෙන් ගුග්ලි දානවා.

      Delete
  11. බළය ලබාගැනීමට කුමණ්ත්‍රණය කරනා දූශිත දෙශපාළුවන් හිටුවපස්ගසා අලි ඇතුන් යොදවා පාගා දමා කාලෝචිත ලෙසට රාජ්‍ය පාළනය කිරීම මැනවි ,.!August 7, 2026 at 10:05 PM

    මුදල් නාස්තිකරමින් කුමණ්ත්‍රණික දේශපාළුවන්ගේ බළ අරගලයට, සුඛ විහරණය සඳහාම පවත්වනා කිසිඳු ජන්දයක් පුරවැසියන් වන අපහට කිසිඳු විටක ස්ථීර ලෙසට අවශ්‍ය නොවන බවත්,..!‍
    සමාජ සාධාරණත්වය ඉශ්ඨසිද්ධකර..
    හින්සා පීඩාවෙන් තොරව සබූද්ධිකලෙස සැබෑ මානව අයිතිවාසිකම් බුද්ධිමත්ලෙස භුක්තිවිදීමට, දූශණය භීශණය නොමැතිව පරිසරයක, ඵක රටක් ඵක නීතියක් යටතේ..
    සැමට සමාණව ජීවත් වීමට සාමකාමී පරිසරයක් නිර්මාණය කර රැකගනිමින්..

    සිරකර තබා මස්පිනිසම අමාණුශික ලෙස පවත්වාගෙන යන සත්වඝාථනයන් ඇතළුව..
    ගවඝාථන, ඌරන්, ඵළුවන් ඝාථණය කිරීම, වහාම නවතාළීමට නව නීති සම්පාදනය කරමින් ශ්‍රී ලංකාවට ආවේනික වන පරිදි සියළු මිළේඥ සත්ව ඝාථන වළකා..
    මින් ඉදිරියට කිසිදු චන්දයක් නොපවත්වා රාජ්‍යයේ සවාධිපත්‍ය ස්වාධීනතවය රැකගෙන රාජ්‍ය පාළණය කරනා ලෙස පාළකයන්ගේ අවධානයට,..!

    ReplyDelete
Previous Post Next Post