අපි අරගලවල කලේ නන්දා මාලිනීගේ ගීතවලින් පන්නරය අරගෙනයි..- අගමැතිනි


 ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, නන්දා මාලිනියගේ නිර්මාණ තම පරම්පරාවේ ජීවිත සහ සමාජ දැක්ම කෙරෙහි බලපෑ ආකාරය පිළිබඳව අදහස් දැක්වූවාය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, නන්දා මාලිනිය යනු හුදෙක් ගායිකාවක පමණක් නොව, තම පරම්පරාවේ හෘද සාක්ෂිය සහ ජීවන අත්දැකීම් ඇයගේ හඬින් ප්‍රතිරාවය කළ සුවිශේෂී කලාකාරිනියක බවයි.

"අපි හැදුණේ වැඩුණේ වගේම විවිධ සමාජ අරගලවලට සම්බන්ධ වුණේ ඇයගේ ගීතවලින් ලැබුණු පන්නරය සහ ශක්තිය ඇතිවයි. රසිකාවියක ලෙස ඇයගේ නික්මයාම විශාල අඩුවක් සහ වේදනාවක් ලෙස දැනෙනවා," යැයි අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

කලාකරුවෙකුගේ භෞතික ජීවිතය අවසන් වුවද, ඔවුන් ඉතිරි කර යන උසස් කලාත්මක නිර්මාණ සහ හඬ තවත් පරම්පරා ගණනාවක් පුරා ජීවමානව පවතින බවත්, එය රටක් ලෙස රැකගත යුතු උරුමයක් බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.





Prime Minister Pays Tribute to Legendary Singer Nanda Malini

In a poignant farewell, Prime Minister Harini Amarasuriya joined the public in paying final respects to the revered singer Nanda Malini, reflecting on the profound impact her artistry had on her generation's cultural identity and worldview.

During her remarks to the media, the Prime Minister emphasized that Nanda Malini was not merely a singer; she was a unique artist who encapsulated the heart and experiences of her generation through her powerful voice.

"We grew up inspired by her songs, which served as a rallying cry and a source of strength during various social struggles. Her departure leaves a significant void and brings immense sorrow to her admirers," she expressed.

Highlighting the enduring legacy of artistic figures, the Prime Minister noted that although an artist's physical presence may conclude, their extraordinary creations and powerful voices continue to resonate through generations. This artistic legacy, she affirmed, is a cultural heritage that must be preserved as a nation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. අරගල කරල රටට සාපයක් වුනා කාලකන්නි හරිනියි ලපයයි. නන්දා මාලිනී රටට සාපෙ ගේන්න උදව් කරලා මැකිලා ගියා.

    ReplyDelete
  2. නන්දා මාලිනී කවදාවත් හරිනිලට ඇද උඩ ආප්ප අරගල කරන්න පන්නරය දුන්නෙ නෑ

    ReplyDelete
  3. ඒක වෙන්න ඇති දැන් බයිල ගහන්නේ, නැද්ද?

    ReplyDelete
  4. The whole country is suffering because of Aragalaya

    ReplyDelete
  5. උඹලා මොන JVP ද බං, උඹලා බලය ගන්න JVP බෝඩ් එක ගහගත්ත කෝටිපති පචයෝ සෙට් එකක්. උඹලා සැප විඳින ගමන් JVP බෝඩ් එක පෙන්නලා අනිත් එවුන්ව කඩේ යවලා බලය ගත්තා.

    ReplyDelete
  6. Wesa balli, thopi aragala karala una vinaseta waga kiyanne naha neda paddathra wega gon wahe, thota ballo dala hukanna ona wesa ganai..

    ReplyDelete
  7. arppa arppa....dan banawa arppa....harina rasai arppa.....

    ReplyDelete
  8. නන්දා මාලිනී රටට සාපෙ ගේන්න උදව් කරලා මැකිලා ගියා. RIP

    ReplyDelete
Previous Post Next Post