අඟුලාන මුහුදු තීරයේ සාමාන්‍ය මුර සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේගවත් ප්‍රහාරක යාත්‍රාවක් හදිසි ආපදාවකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව විශේෂ සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
අදාළ යාත්‍රාවේ සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් ආරක්ෂිතව බේරාගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, ඔවුන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇත.
මෙම ආපදාවට ලක්වූ යාත්‍රාව සහ ඒ ආශ්‍රිත සෝදිසි මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිසිය සහ ප්‍රදේශයේ ධීවර ජනතාව ද මේ වන විට සිය සහයෝගය ලබා දෙමින් සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Sri Lankan Navy's Fast Attack Craft in Distress off the Gulf of Mannar
A Sri Lankan Navy fast attack craft engaged in routine patrols off the coast of Mannar has reportedly faced a sudden emergency situation.
In response to the incident, the Navy promptly initiated a specialized search and rescue operation.
Members of the naval personnel aboard the vessel were successfully rescued and have since been hospitalized for further medical evaluation.
In addition to the Navy, the Sri Lanka Air Force, local police, and nearby fishing communities are currently providing their support for the rescue operations related to the distressed vessel. The Navy is conducting further investigations regarding the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොමාන්ඩර් යෝශිත සහ බිං කුමන්ඩො කරන්නාගොඩයා
ReplyDeleteපැද්ද ඔරුවක් වගේ