22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම්වලට විරුද්ධව කරුණු දැක්වීම සඳහා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනුගත වන අතර එය මෙරට ජනතාවගේ දීර්ඝකාලීන ප්‍රාර්ථනාවක් බවයි.
"නීතිඥ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කර ඇති පෙත්සම්වල අඩංගු කරුණු සත්‍ය කරුණු නෙවෙයි. 22 වන සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිතයි. අධිකරණයේ ස්වාධීනත්වය නැති වී ඇත්තේ මෙවැනි සංශෝධනවලින් නොව, පිටතින් සිදුකරන ඇතැම් බලපෑම් සහ කතාබහ නිසයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සංශෝධනය ජනතාවගේ පරමාධිපත්‍යයට සහ වරමට එකඟ වන බැවින්, කිසිදු ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකියාව පවතින බව ද වටගල මහතා මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව, මෙම සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම්වලට එරෙහිව ජාතික ජන බලවේගය අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
National People's Power Files Intermediate Petition Against 22nd Constitutional Amendment
The National People's Power has lodged an intermediate petition with the Supreme Court in response to challenges against the 22nd constitutional amendment. This legal move aims to counter the objections raised in various petitions submitted against the amendment.
In a statement to the media, Deputy Minister Sunil Watagala emphasized that the amendment fully aligns with the current constitution and is a long-standing aspiration of the Sri Lankan populace. He asserted that the claims made in the petitions, particularly those from various legal associations, lack factual basis.
Watagala further pointed out that allegations suggesting the 22nd amendment undermines judicial independence are unfounded. He remarked that judicial independence is compromised not by such amendments, but rather by external pressures and discussions that occur outside the legal framework.
Highlighting that the amendment resonates with the supreme authority of the people, he noted that it could be approved in Parliament without a public referendum.
Consequently, Watagala reiterated that the National People's Power stands firm against the petitions filed against this constitutional amendment as they appear before the judiciary.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නොදකින් බූරුවා!
ReplyDeleteAy upset da? Paradila innakota ohoma thama ban...Thawa sahena kalayak saapa kara kara inna wei
DeleteUmbalane kiyanne dan thiyana usavi horu kiyala Apita thiyana adikarane hondai.
ReplyDeleteNohuka oya deka indala yanna.kale satan karapu kala kanni nithiya apita kiyanna enne.ane nohuka yanava oi yanna
"ඒ අනුව, මෙම සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම්වලට එරෙහිව ජාතික ජන බලවේගය අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය". ඒ කියන්නෙ මේක රජයේ අවශ්‍යතාවයක් නෙමෙයි, ජාතික ජන බලවේගයේ අවශ්‍යතාවයක්.
ReplyDelete160 කියන්නේ ජනතාව නෙවෙයි. තව කෝටි 2.5 විතර ඉන්නවා.
ReplyDeleteAtagala wasalaya.
ReplyDelete22ඉදිරිපත් කළෙ මුන්. මුන්ව අයිතියක් නැහැ තමුන් ඉදිරිපත් කල දෙයක් ශ්රෙෂ්ටාධිකරණයෙ අභියොගයට ලක්වෙන වනම් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරන්න. උඹලට තියෙන්නෙ උඹලගෙ හෙන්චයි දීලීර පීරීස් ලවා ඉදිරිපත් කරලා තියෙන කරණු වලට උත්තර බදින එක. කොහොමත් උඹලා පරාද වෙලා ඉවරයි.
ReplyDeleteJanamatha vicharanayak paradunoth aekey prashnaya Janapathitada naththan Aanduvatada?
ReplyDeleteඅන්න ඒ බය තියාගන්න
ReplyDelete