පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කිසිදු අයුරකින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ඉන්ධන දීමනාව පදනම් කරගනිමින් ඇතැම් පාර්ශවයන් විසින් මන්ත්‍රී වැටුප් වැඩි කර ඇති බවට අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එහෙත් එවැනි කිසිදු වැටුප් වැඩිකිරීමක් රජය විසින් සිදු කර නොමැති බවත්, පවතින තත්ත්වය පිළිබඳව ජනතාව නොමඟ නොයන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
"50,000න්, 60,000න්, 100,000න් හරි කීයකින් වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරලා නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයක් පවතිනවා. ඒ ඉන්ධන ලීටර් ප්‍රමාණයට සාපේක්ෂව ඒක දීමනාවක් හැටියට එකතු වෙනවා. මේක සාමාන්‍යයෙන් ඒ මොහොතේ පවතින තෙල් මිලත් එක්ක තමයි ගණනය කිරීම් කරන්නේ.
හැබැයි 2026 මාර්තු මාසේ ඉඳලා ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක මේ ප්‍රමාණය ගණනය කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රජයේ නිලධාරීන්ට සිදුවුණානම් ඒක විශාල වැඩිවීමක් වෙනවා. ඒ නිසා 2026 මාර්තු මාසේ 1 වැනිදා තිබුණු තෙල් මිල පදනම් කරගෙන තමයි ගණනය කිරීම් කළේ. මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි දක්වා ඒ කාලේ තෙල්මිලට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ඒ ගණන් හැදුවානම් මීට වඩා ඉහළ ප්‍රමාණයක් ඔවුන්ට හිමිවෙනවා. නමුත් අපි මාර්තු 1 වැනිදා පැවැති මිල අනුව ගණන් හැදුවා ඒ චක්‍රලේඛය අපි ජූලි මාසේ 1 වැනිදා අවසන් කළා.
ජූලි මාසේ 1 වැනිදා ඉඳලා ගණන් හැදෙන්නේ. 1 වැනිදාට වෙළෙඳපොලේ පවතින මිල අනුව. අඩු වුණොත් අඩු වෙනවා වැඩි වුණොත් වැඩි වෙනවා. ඒ අනුව තමයි තෙල් මිල වැඩි වුණ නිසා අර අමතරව එකතු වෙච්ච ගණනක් ගණන් හදලා පෙන්වලා තියෙන්නේ."
No Plans to Increase Parliamentarians' Salaries, Minister Confirms
In a definitive statement, Minister Nalinda Jayatissa emphasized that the government has no intentions of raising salaries for parliamentarians at this time. His remarks came during a media briefing in Colombo, where he addressed questions from journalists regarding the current compensation of lawmakers.
He pointed out that recent claims suggesting an increase in pay for parliamentarians based on fuel allowances were unfounded. "There has been no raise in salaries by the government, and we urge the public not to be misled about the existing situation," he stressed.
According to Jayatissa, the fuel allowances provided to parliamentarians and state officials are adjusted according to prevailing fuel prices. However, he clarified that the government has not increased salaries in any capacity: "No additional amounts, whether it be 50,000, 60,000, or 100,000, have been allocated to parliamentarians' salaries." The fuel allowance is calculated in relation to the volume of fuel provided and is influenced by current market rates.
Looking ahead, Jayatissa mentioned that with the potential rise in fuel prices projected for March 2026, calculations could result in significant increases for parliamentarians and government officials if conducted based on future fuel rates. "As of now, we have based our calculations on the oil prices from March 1, and concluded the relevant adjustments by July 1 of this year,” he explained.
He added that from July 1 onward, allowances will be recalculated according to market prices on that date, indicating transparency and fluctuation based on current prices. "If prices drop, allowances will decrease; if prices rise, they will increase," he concluded, reiterating the government's commitment to ensuring economic feasibility in its compensation policies.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කෝච්චියට බෙල්ල තිබ්බේ නෑ
ReplyDeleteබෙල්ල උඩින් කෝච්චිය ගියා
එච්චරයි
මේ පක යා කතාකරන්නේ කටින්ද පුකෙන්ද
ReplyDeleteමේ පක යා කතාකරන්නේ කටින්ද පුකෙන්ද
ReplyDeleteරාජ්‍ය සේවක පිරිසට නැත්ද?
ReplyDeleteWhat about the rest. Are MPS are very special.
ReplyDeleteShame on you.
ReplyDeleteඑතකොට රජයේ සේවකයො ඇතුළු රටේ ජනතාව විතරද තමන් ගන්න සොච්චන් පඩියෙන් බඩට නොකා නොබී, රත්තරන් බඩු ඉඩම් විකුණ විකුණ දරුවන් ඇතුළු පවුලේ සියළු වැඩ කරගන්න ඕනෙ. ආණ්ඩුව පෙට්‍රල් ඩීසල් මිල වැඩිකරන ගානේ ජනතාව ඉන්ධන වියදමුත් දරා ගන්න ඕන අනිත් හැම වියදමක්ම අහස උසට නැගල. එක්කො ජනතාවගෙ පඩි වැඩි වෙන්න ඕනෙ නැත්තම් ඉන්ධන ඇතුළු ජීවන වියදම් අඩු කරන්න ඕනෙ.
ReplyDeleteජනතාවට නැති කිසි දෙයක් ජනතා නියෝජිතයන් ලෙස ලබා නොගන්නා බවට දස අතේ පොරොන්දු දීල බලය අරගෙන පේනව නේද මුන්දැලගේ කෙරුවාව.
ReplyDeleteපාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම බීම නිකං, පෙට්‍රල් නිකං, නිල නිවාස ඇතුළු හැම සැප පහසුකමක්ම භුක්ති විඳිනවා විතරයි.
රටේ කිසිම සංවර්ධනයක් ඇත්තෙත් නැහැ. බදු ගහ ගහ උන් විතරක් සැපෙන් ඉන්නවා. ජනතාව ගැන කිසිම අනුකම්පාවක් ඇත්තෙම නැති ආණ්ඩුවක් පත් උනාමයි.