නේපාලයේ සිදු වූ ඛේදවාචකය මෙන් විපත් කුඩා පරිමාණයෙන් හෝ මෙරට තුළ ද ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අනතුරු අඟවා සිටී.
මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ නේපාලයේ සිදු වූ මෙම ඛේදවාචකය මෙරටට ද සෘජු පාඩමක් කියාදෙන බවය.
මෙරට මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව අතරතුර සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නායයෑම ඊට හොඳම උදාහරණය සපයන බවද මහාචාර්යවරයා පැවසීය. එම නායයෑම නිසා ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හිරවී එමගින් මුළු ගම්මානයම යට කරමින් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
ගංගා සහ ඇළ දොළ ආසන්නයේ පිහිටි දිරාපත් වූ පාෂාණ සහ විශාල පස් තට්ටු නායයෑමට ලක්වූ විට එම පස් තට්ටු මගින් ජල මාර්ග අවහිර විය හැකි අතර එලෙස එක්රැස් වන විශාල ජලකඳ එම අවහිරතා බිඳ දමා පහළට ගැලීමෙන් නොසිතූ මොහොතක දැවැන්ත ජලගැලීම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ සාමාන්‍ය නායයෑම් සිතියම්ගත කරනවා සේම, මෙලෙස ජල මාර්ග අවහිර වී ක්ෂණිකව ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් සහිත ප්‍රදේශ ද කඩිනමින් සිතියම්ගත කර පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම වැදගත් වන බවය.
එමගින් සරසවිගම සිදු වූ ඛේදවාචක වැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීමට හැකිවනු ඇති බව ද ඒ මහතා පැවසීය.
චතුර පමුණුව
Geological Expert Warns of Potential Disasters in Sri Lanka Following Nepal Tragedy
Recent geological events, including a tragic landslide in Nepal, underscored the urgent need for Sri Lanka to prepare for similar occurrences, warned former Senior Professor Athula Senaratne from the University of Peradeniya's Department of Earth Science and Geography.
Professor Senaratne pointed out that the disaster in Nepal serves as a stark reminder for Sri Lanka about the vulnerabilities it faces. He highlighted the recent "Dithwa" cyclone, during which a significant landslide occurred in the Sarasiwama region, resulting in the loss of more than 20 lives as the landslide engulfed the entire village.
In areas near rivers and water bodies, the risk escalates significantly when landslides cause large rocks and debris to block waterways. Such blockages may lead to sudden and destructive floods when the amassed water breaches the obstacles unexpectedly, he cautioned.
Moreover, Professor Senaratne stressed the importance of mapping areas prone to common landslides and identifying regions at risk of sudden floods due to blocked waterways. He emphasized that timely warnings and hazard mapping would be essential in preventing tragedies similar to the Sarasiwama landslide in the future.
By taking proactive measures, it may be possible to avert such catastrophic incidents going forward, the professor concluded.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
