මහජනතාවට පීඩාවක් වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
ශබ්ද දූෂණය හේතුවෙන් දරුවන්, රෝගීන් සහ වැඩිහිටියන් මුහුණ දෙන සෞඛ්‍ය හා මානසික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය ප්‍රකාරව මහජන පීඩාවක් වන අයුරින් ශබ්ද විකාශනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
ඒ අනුව, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා අවසර ලබා දීමේදී පහත සඳහන් කාල සීමාවන් දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත.
අවසර ලබා දෙන කාල සීමාවන්:
• සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා: රාත්‍රී 10.00 දක්වා පමණි.
• සිකුරාදා සහ සෙනසුරාදා: පසුදින අලුයම 01.00 දක්වා.
• ඉරිදා: මධ්‍යම රාත්‍රී 12.30 දක්වා.
පොලිසිය අවධාරණය කරන්නේ රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා සාමාන්‍යයෙන් අවසර පත්‍ර නිකුත් නොකරන බවයි.
කෙසේ වෙතත්, විශේෂ ආගමික හෝ සංස්කෘතික උත්සව සම්බන්ධයෙන් කරුණු සලකා බලා නීත්‍යානුකූලව අවසර ලබා දීමට හැකියාව පවතී.
අවසර පත්‍රයක් ලබා තිබුණද, එම ශබ්දය අදාළ පරිශ්‍රයෙන් පිටතට ගොස් අසල්වැසියන්ට හෝ මහජනතාවට කරදරයක් වන අයුරින් පවත්වාගෙන යාම තහනම් වේ.
අවසර පත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝනය කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවන බවද එම නිවේදනයේ දැක්වේ.
යම් ස්ථානයක අධික ශබ්දයක් පවතින්නේ නම්, ඒ පිළිබඳව අදාළ පුද්ගලයන්ට පොලිසිය විසින් අවවාද කරනු ලබන අතර, එම අවවාද නොතකා කටයුතු කරන්නේ නම් ශබ්ද විකාශන උපකරණ පොලිස් භාරයට ගැනීමටත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරනු ඇත.
නීති විරෝධී ලෙස අධික ශබ්දයක් නිකුත් කරන අවස්ථාවන් පිළිබඳව 118 හෝ 119 යන හදිසි ඇමතුම් අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Sri Lanka Police Strengthen Action Against Noise Pollution
In a bid to combat noise pollution affecting the public, the Sri Lanka Police have announced stringent legal measures against individuals using sound amplifying devices and speakers. This decision comes in light of health and mental issues faced by children, patients, and the elderly due to excessive noise levels.
A statement from the Police Media Division highlights that broadcasting noise in a manner that causes public disruption is deemed an offense punishable under Article 261 of the Penal Code, in compliance with directives from the Supreme Court.
The police have established specific time restrictions for the use of sound amplification devices when granting permits. These restrictions include:
• Monday to Thursday: until 10:00 PM.
• Friday and Saturday: until 1:00 AM the following day.
• Sunday: until 12:30 AM midnight.
Furthermore, the police clarified that permits will not be issued for sound broadcasting between 10:00 PM and 6:00 AM the next morning. However, legal permission may be granted for special religious or cultural events after careful consideration.
Even with an issued permit, any noise that disturbs neighbors or the public outside the designated area is strictly prohibited. Police officials will monitor compliance with the conditions stipulated in the permits.
If excessive noise is reported from any location, the police will issue warnings to the responsible individuals. Should they fail to heed these warnings, action will be taken to confiscate the sound devices and initiate legal proceedings.
The public is urged to report instances of illegal noise disturbances by contacting the police at emergency hotline numbers 118 or 119.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනේ, මොන ආණ්ඩුවෙන් ගෙනාවත් බොහොම වටින නීතියක්.
ReplyDeleteඉතාමත් හොඳ දෙයක් අනුර කුමාර ජනපතිතුමා කරලා තිබෙනවා .ඉතාම විශිෂ්ට දෙයක් .පාසල් පිට්ටනි වල සති අන්තයට පුදුම ශබ්දයක් තිබෙන්නේ වටේ පිටේ මිනිහෙක්ට ජීවත් වෙන්න බෑ පාඩමක් කරන්න ටීවී එකක් බලන්න නිවාඩුව සහනෙන් ඉන්න බෑ..මේ නීතිය ගෙන ඒමම ඇති මේ ආණ්ඩුවට නැවත ඡන්දෙ දෙන්න
Deleteඩෝබිලා කුලියට පැඩ්ඩාට ලප ආන්ඩුව මේ නීතිය කියාත්මක කරන්නේ බෞද්ධයන්ට එරෙහිව විතරයි. පල්ලිවල පැය හයෙන් හයට ස්පීකර් දාලා කරන කන්දොස්කිරියාව නවත්තන්නේ නැහැ. ඩෝබිලා ඒ ගැන කතා කරන්න බයයි.
Deleteඩෝබිලා කුලියට පැඩ්ඩාට ලප ආන්ඩුව මේ නීතිය කියාත්මක කරන්නේ බෞද්ධයන්ට එරෙහිව විතරයි. පල්ලිවල පැය හයෙන් හයට ස්පීකර් දාලා කරන කන්දොස්කිරියාව නවත්තන්නේ නැහැ. ඩෝබිලා ඒ ගැන කතා කරන්න බයයි.
Deleteමුලින්ම තහනම් කරන්න ඕනේ හම්බ පල්ලි වල මළ අඳෝනාව.. දවසට කීපාරක් කියෝනවද .. ඒක අස්සේ ඉන්න හැත්තට ඇහෙන ගානට තිබ්බාම ඇති..මේක සෞදි අරාබිය.. මැලේසියාව නෙමේ ..
ReplyDeleteහැබැයි ඒව තහනම් කරන්නේ නෑ .. ඔය නීති රීති ඒවට අදාල නෑ ..
same applies for temples too
Deleteගඩාෆි 1976 ලංකාවට ආවා නොබැඳි සමුළුවට සහභාගි වෙන්ඩ, ඒ ඇවිත් කිව්වා මම ලංකාවේ පල්ලි කීපයක් දැක්කා, මම ඊළඟ පාර එනකොට මේ පල්ලියේ යාඥා කරණ එක ඊළඟ පල්ලියේ ඇහෙන ගාණට පල්ලි බිහිවෙලා තියෙන්ඩ ඕනෑ කියලා. එහෙම කියලා ලංකාවේ මුස්ලිම් පල්ලි වලට විශාල මුදල් ප්‍රමාණයක් එව්වා. අලුතෙන් පල්ලි තැනුනේ ඒ දවස් වල ඒ විදියට. ලංකාවේ තේ කිලෝග්‍රෑම් මිලියන 20ක් ඔවුන් වාර්ෂිකව මිළදී ගත්තා. 2003 වසරේදී ලිබියන් රජය පමණක් තේ කිලෝ මිලියන 20ක් අර ගත්තා. හැබැයි මේ දේවල් එක්ක පල්ලිත් හන්දියක් හන්දියක් ගාණේ බිහි වුණා. ඒ අනුව තමයි රටට කෙල වෙන්ඩ පටන් ගත්තේ. මුස්ලිම් අරාබි සංස්කෘතිය දැන් ලංකාවේ සිංහල සංස්කෘතිය වෙමින් තිබෙනවා, ගෑණු ළමයෙකුට කොටට ඇඳගෙන යන්ඩ බෑ "ආ නංගී ගලල ද" කියලා අහනවා. මුළු ඇඟම වහගෙන යන්ඩ ඕනෑ මේ උණුසුම් දාඩිය ලංකාවේ. නැත්නම් කුණු හරප, බැණුම් එලෝ කෝටියයි. කොහොමත් ඔය පල්ලි වල අඬ වැඩියාව නිසා තමයි අපිට නම් ඉන්ඩ බැරි. ඒක නතර වෙන්ඩම ඕනෑ.
Deleteපාන්දර පන්සල් පල්ලිවල මල ඇඬියාව නවත්වන්න බෑ මුන්ට ඒවට බයයි.
ReplyDeleteඔව්. ඒක තමයි නැවැත්විය යුතුම එක! සමහර පන්සල්වල උදේ හවස දෙකේම කරච්චලේ!
ReplyDeleteඅදහන මොකක් හෝ ආගමක් දහමක් නිවැරදිව අවබෝධයෙන් උවමනාවෙන් බුද්ධිමත් ලෙස ශ්‍රවණය කර එම යහපත් කරුණු කාරණා තම ජීවිත ගමනට යොදා ගන්නවානම් එය තමන්ටත් සෙසු ලෝකයාටත් යහපතක් මිස කරච්චලයක් නොවනු ඇති බව මගේ අදහසයි.
Deleteවාර්ෂික ආගමික උත්සව සඳහා පමණක් සීමාවන් සහිතව අවසරදී, පන්සල්වල උදේ හවස පිරිත් කරච්චලේ නවත්වන්න.!
ReplyDeleteතවත් කරදරයක් තමයි දානෙ ගෙවල්වල ස්පීකර් ආඳෝනා! හරිම කරදරයක්.! තමන්ගේ ගෙදරින් පිටත ඉන්න අයට ඉන්න බැරි තරමට සද්දෙට ස්පීකර් දාන එක වහාම නැවැත්විය යුතුයි.
ReplyDeleteUde 5 ta kagahana asan walata wiruddawa paminillak karanawa puluwan nam allapan
ReplyDelete