මාලිමා නායක මණ්ඩල ලාල් විජේනායක 22ට එරෙහිව නඩු දමයි...


 යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පෙර ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලාල් විජේනායක මහතා පෙන්වා දෙන්නේ, මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිදු කරන මැදිහත්වීම හුදෙක් ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින දේශපාලන බල අරගලයක් ලෙස හුවා දැක්වීම ජනතාව නොමඟ යැවීමක් බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සහ ශිෂ්ටසම්පන්න සමාජයක පුරවැසියන් ලෙස ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව ඔහු අවධාරණය කරයි.

"අප ඉදිරියේ ඇති සැබෑ අභියෝගය වන්නේ දේශපාලන පක්ෂයක් ආරක්ෂා කිරීම නොව, දීර්ඝකාලීන අරගලයකින් ජනතාව දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කරන්නේද නැද්ද යන්නයි," යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.

මීට අමතරව, ලාල් විජේනායක මහතා කැඳවුම්කරු ලෙස කටයුතු කරන ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය ද මෙම සංශෝධනයට එරෙහිව අධිකරණය හමුවේ වෙනත් පෙත්සමක් ගොනු කර ඇත.

අදාළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි වගන්තියට පටහැනි වන බැවින්, එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව එම සංවිධානය ද සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව අද දින අවසන් වීමට නියමිතය.





Call for Public Referendum on Proposed 22nd Constitutional Amendment

The Chief Executive Member of the National People's Power, senior lawyer Lal Wijenayake, has filed a petition in the Supreme Court demanding that the government seek public approval through a referendum before implementing the proposed 22nd constitutional amendment.

In a special statement, Wijenayake emphasized that framing the intervention against this amendment simply as a political struggle between the government and opposition misleads the public.

He highlighted that the move aims to safeguard the independence of the judiciary and to affirm the citizens’ rights to live in a civilized society.

"The real challenge before us is not the protection of a political party, but whether we can secure the democratic rights won by the people through a long-term struggle for future generations," the statement noted.

Additionally, Wijenayake revealed that the organization "Lawyers for Democracy," for which he serves as a convenor, has also submitted a separate petition against the amendment to the court.

Since the amendment is rooted in Section 3 of the Constitution, the organization asserted that a public referendum must be conducted for its ratification, as stated in their petition.

Today marks the deadline for submitting petitions against the 22nd constitutional amendment.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. Supiri. Ape namal ilaga janapathi. ape rajathuma namal pamanayi. ethumata wada namaskara karami

    ReplyDelete
    Replies
    1. meka namolyage prasnayk neme

      nagapu inimagata

      payn gaheema gana prasnayak

      Delete
Previous Post Next Post