පේරාදෙණි කළු පාලම හදන්න තව කාලයක් යයිලු...


මහනුවර නගර සංවර්ධන සැලසුම අවසන් වන තෙක් පේරාදෙණිය දුම්රිය පාලම යළි ඉදිකිරීමට ඉඩක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි
.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, 'ඩිට්වා' සුළි කුණාටුවෙන් පාලමට හානි සිදුවී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, උඩරට දුම්රිය මාර්ගයේ අදාළ කොටස තවමත් අසම්පූර්ණව පවතින බවයි.

මහනුවර යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරන තෙක් මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් පියවර නොගනු ඇති බවට ද ඔහු චෝදනා කළේය.

නගර සංවර්ධන ව්‍යාපෘතිය නිම වීමට පෙර මහනුවර දක්වා දුම්රිය සේවාව යථා තත්ත්වයට පත් කරන ලෙස සෝමරත්න මහතා මෙහිදී අදාළ විෂය භාර අමාත්‍යවරයාට අභියෝගයක් ද කළේය.

"අතීතයේදී අපි නිවාඩු දිනවල විශේෂ දුම්රිය දෙකක් බැගින් ධාවනය කළා. නමුත් දැන් එවැනි සේවාවක්වත් ලබා දීමට අපට හැකියාවක් නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව අද වන විට මෙතරම් පිරිහීමකට ලක්ව තිබෙනවා," යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Mahanuwara Rail Overpass Reconstruction on Hold Until Urban Development Project Completion

The Sri Lanka Railway Station Masters Association has announced that the reconstruction of the Peradeniya rail overpass in Mahanuwara cannot proceed until the completion of the city's urban development plan.

In remarks to the media, the association's President, Sumedha Somaratna, highlighted that nearly a year has passed since the overpass sustained damage from the windstorm 'Ditwa'. However, he emphasized that the relevant sector of the railway line remains incomplete.

He further criticized the authorities for their inaction, stating that no steps will be taken to repair the overpass until the proposed multi-modal transport hub in Mahanuwara is constructed.

Somaratna challenged the relevant minister to restore railway services to Mahanuwara before the urban development project is finalized. "In the past, we operated special trains during holiday periods, but now we are unable to provide such services. The railway department is currently under significant strain," he remarked.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. වසුරුගන්ධ බේරේ ගූ නෑ රාළලා ගේ පජාතබණ්ඩාර වසුරුගන්ධAugust 31, 2026 at 5:59 AM

    මෙහෙමයි, ඔය පාලම හදන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වරුන්ගේ අධීක්ෂණයෙන්. ඔය යක්කුන්ට පොතේ පතේ කට පාඩම් මිසක් ප්‍රායෝගිකව කෝම්පිට්ටුවක් වත් අටව ගන්ඩ බෑ. ඒකයි ඕක ප්‍රමාද.

    චීනෙකුට දුන්න නම් මෙලහකට ඔය වගේ පාලම් 25ක් 30ක් හදලා. ඉන්දියන් කාරයෙකුට දුන්න නම් ඌත් ඔය වගේ පාලම් 4ක් 5ක් වත් මෙලහකට හදලා. ලංකාවේ මගේ මිත්‍රයෙක් ඉන්නවා පාලම් හදන, ඒ යකාට දුන්න නම් ඒ යකාත් මෙලහකට ඔය මඟුල අටවලා දීලා ඉවරයි. මිනිහා ඉතාම හොඳින් සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත් කටයුතු ගොඩක් සම්පූර්ණ කලා පහුගිය අවුරුදු 15 ක කාලය තුළ. එහෙම මිනිස්සුන්ට දෙන් නැතුව මේ පොතේ ගුරාලා ටිකක් එකතු වෙලා කරන්ඩ බැරි මඟුල් කරන්ඩ දඟලනවා නටන්ඩ බැරි මිනිහට පොළොව ඇදයි කියනවා, පිස්සො.

    ReplyDelete
    Replies
    1. යකෝ බැරිකම වහගන්න campus එකට බංනීන එපා

      දොබි රස්සාව තියාගනින්
      උබම කියනවා අධීක්ෂණයෙන් kiyala

      Delete
  2. ඕව රාජපක්ෂලගෙ වැරදි, නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. ow, ditta kalamankaranaya kale nahane

      Delete
  3. කාලකන්නි මූසල ජෙපි හුන්ඩුව

    ReplyDelete
  4. 3 denek eka matheka neti paksha Wala in anduwata bayinawa 😄😄😄

    ReplyDelete
Previous Post Next Post