ඉංග‍්‍රිසි දැනුමින් ලංකාව ඉදිරියට..


 Education First (EF) ආයතනය විසින් 2025 වසර සඳහා නිකුත් කරන ලද නවතම ගෝලීය ඉංග්‍රීසි ප්‍රවීණතා දර්ශකයට (English Proficiency Index) අනුව, ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබේ.

මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 486ක් ලබා ගනිමින් ආසියානු කලාපයේ 09 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර, ඉන්දියාව ලකුණු 484ක් ලබා ගනිමින් 10 වැනි ස්ථානයට පත්ව ඇත. ලෝකයේ රටවල් 123ක් අතරින් ශ්‍රී ලංකාව සමස්ත දර්ශකයේ 73 වැනි ස්ථානය දිනාගෙන තිබේ.

කෙසේ වෙතත්, දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වන නේපාලය (ලකුණු 514), බංග්ලාදේශය (ලකුණු 506) සහ පකිස්ථානය (ලකුණු 493) යන රටවල් ඉංග්‍රීසි ප්‍රවීණතාව අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරි මට්ටමක පසුවීම විශේෂත්වයකි.

ආසියානු කලාපයේ ඉහළම ඉංග්‍රීසි ප්‍රවීණතාවක් සහිත රට ලෙස මැලේසියාව ලකුණු 581ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර, පිලිපීනය දෙවැනි ස්ථානයත්, හොංකොං තෙවැනි ස්ථානයත් හිමිකරගෙන ඇත.

ලොව පුරා වැඩිහිටියන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මැන බැලීම සඳහා වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම ගෝලීය දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව තවමත් වර්ගීකරණය කර ඇත්තේ අඩු ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවක් සහිත රටවල් කාණ්ඩයටය.





Sri Lanka Outperforms India in Latest English Proficiency Index

The latest English Proficiency Index (EPI) for 2025, released by Education First (EF), reveals that Sri Lanka ranks higher than India in English language skills. The index scores Sri Lanka at 486, placing it 9th in the Asia region, while India follows closely at 484, securing the 10th position.

Among 123 countries worldwide, Sri Lanka stands at 73rd overall. However, while Sri Lanka leads over India, it is noteworthy that other South Asian nations, including Nepal with a score of 514, Bangladesh at 506, and Pakistan at 493, demonstrate stronger English proficiency levels.

Malaysia emerges as the top country in Asia with a remarkable score of 581, followed by the Philippines in second place, and Hong Kong in third.

This annual global index assesses adult English language proficiency. Despite its position relative to India, Sri Lanka is currently categorized among countries with low English proficiency, highlighting the need for ongoing efforts to improve language skills in the nation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ඉච්ච බිග් කුච්චන්.

    ReplyDelete
  2. ප්‍රතිශත ගත්තොත් ඉස්සරහින් හිටියට, ප්‍රමාණය අතින් ඉන්දියාව ඉස්සරහින් ඉන්නව.

    ReplyDelete
  3. ඇත්තෙන්ම ලංකාව ලැජ්ජ වෙන්න ඕන, තමන්ගේ දේශීය භාශාවට නින්දා කර කර, ඒක ප්‍රවර්ධනය කරගන්න බැරුව, අනිත් ජාතීන් ප්‍රවර්ධනය කරගත්තු විකාර භාශාවක් කර තියාගෙන යන එකට. ඉන්දියාව හින්දි භාශාව මුල් තැනට දාලා රටේම මිනිස්සුන්ට හින්දි අනිවාර්ය කරා. තව අවුරුදු 10කින් හින්දි ලෝකයේ ප්‍රමුඛතම භාශාවක් වෙනවා. සිංහල භාශාව තව අවුරුදු 10කින් මැරුණු භාශාවක් වෙනවා. මෝඩ සිංහලයට වෙන ජාතීන් වලට යටත් වෙලා නිවටයො වගේ ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. සිංහලයා මෝඩයා, කැවුම් කන්න සූරයා.
      මාලිමාවට ඡන්දෙ දීලා කොටි හුරතල් කරලා බුද්ධ සාසනේ විනාශ කරන්න හදන බව කියද්දීත්, ඒ වුනාට කමක් නෑ අපි නම් මාලිමාවට කියලා දුන්නනෙ. හොඳම වැඩේ.

      Delete
    2. ඉන්දියාවේ කෝටි ගානකට ඉංග්‍රීසි හොඳට පුලුවන්.
      ඒත් උන් තමන්ගේ උන් එක්ක කතාකරන්නේ තමන්ගේ භාශාවෙන්. හින්දියෙන්, තෙලිඟු, මරාටි වලින්. උන් තමන්ගේ භාශාවට ගරු කරනවා. ආදරේ කරනවා. ලංකාවේ සිංහල ගොන් හැත්ත තමන්ගේ භාශාවට හිනාවෙනවා.

      Delete
  4. අපි කළු සුද්දනේ එකයි..බලන්නකෝ jeppo. ටයි ,කෝට් ගලවන්න කැමති නෑ.
    අධිරාජ්‍යවාදය,ව්‍යාප්තවාදය ගැන lorry ටෝක් deepu නරි.

    ReplyDelete
  5. ඕක 100% කරගන්න තිබ්බා 1956 මගුලක් ගෙනාවෙ නැත්නම් ...

    ReplyDelete
  6. This ranking is inaccurate. Placing Bangladesh, Pakistan, and Nepal above Sri Lanka is difficult to accept. if you have been work with them can understand

    ReplyDelete
Previous Post Next Post