නියගයට වතුර බෙදන්න බවුසර් වැඩි කරයි.. නළ ලිං හාරයි...


මොණරාගල දිස්ත්‍රික්කය තුළ ජල සම්පාදන සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යාම පිළිබඳව ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් නිවාස
, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.

මෙහිදී දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතා විසින් දැනට මතුව ඇති හදිසි ආපදා තත්ත්වයට මොණරාගල දිස්ත්‍රික්කයේ සූදානම පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර එහිදී මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ යාන්ත්‍රණයක් යටතේ කටයුතු කරමින් මෙම ආපදා තත්ත්වයට ඉතා සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරනු ලැබිය.

ප්‍රධාන වශයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ පවතින දැනට ඉතා ඉක්මනින් පිළිසකර කිරීමට හඳුනාගෙන ඇති නළලිං 257 පිළිසකර කර ඒවා භාවිතයට ගැනීම කඩිනම් කළ යුතු බවත්, ජලය ලබා ගැනීමට හඳුනාගෙන ඇති බවුසර් පොයින් 77 ඉතා ඉක්මනින් ස්ථාපනය කිරීමටත් , පිළිසකර කළ යුතු ලිං 349 ඉතා ඉක්මනින් පිළිසකර කළ ඒවා භාවිත කර ගැනීමටත් අවශ්‍ය උපදෙස් අමාත්‍යතුමා විසින් ලබා දෙන ලදී.

එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණික විපර්යාස හේතුවෙන් ජලසම්පාදන කටයුතු කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පූර්වයෙන් හඳුනාගෙන, අවශ්‍ය පූර්ව සූදානම් වීම්, අවදානම් කළමනාකරණ සැලසුම් සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කරන ලදී.

ඒ අනුව, ජල මූලාශ්‍ර හා ජලසම්පාදන යටිතල පහසුකම් ආරක්ෂා කරගනිමින්, ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණික හා අනෙකුත් අභියෝග හමුවේ පවා මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට අඛණ්ඩ, විශ්වාසනීය හා ගුණාත්මක පානීය ජල සේවාවක් සහතික කිරීම සඳහා ආයතනික හා තාක්ෂණික මට්ටමින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු විය.





Immediate Measures Discussed for Sustainable Water Supply in Monaragala District

In a crucial meeting held at the Monaragala District Secretary's office, a specialized discussion focused on the continuous and efficient provision of water supply services in the Monaragala District. The session was spearheaded by Minister of Construction and Water Supply, Dr. Susil Premajayantha.

During the meeting, District Secretary A.G. Nishantha presented insights regarding the current urgent disaster preparedness within the district. He detailed how all state institutions in Monaragala are operating under a unified mechanism, effectively addressing the prevailing emergency situation.

Central to the discussions were plans for the urgent rehabilitation of critical water pipelines. A total of 257 pipelines have been identified for immediate repair, and instructions were given on the swift utilization of 77 water bowsers earmarked for timely deployment. Furthermore, guidelines were provided for the rehabilitation of 349 other pipelines to ensure they can be quickly brought back into operation.

The impact of the El Niño phenomenon and potential weather fluctuations were also on the agenda, with a strong emphasis placed on anticipating challenges in water supply operations. The need for proactive preparations, effective risk management plans, and rapid response measures were underscored as necessary steps forward.

Moreover, it was highlighted that protecting water resources and ensuring the infrastructure for water supply is resilient is essential. This focus aims to guarantee that the residents of Monaragala continue to receive uninterrupted, reliable, and high-quality drinking water services, even amid upcoming climatic and other challenges.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. පතිරණ ගලප්පත්තිAugust 29, 2026 at 2:14 AM

    ජනතාවාදී ආණ්ඩුවක් තියෙන නිසා ජනතාවගේ කුස ගින්න පිපාසය ගැන හොඳ වැටහීමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. 🤣😂😃😅ජනතාව බලාගෙන ඉන්නෙ එනකන් ඒ පැත්තෙ. 😆🤩😅😄

      Delete
    2. ඔය කතාව වියලි කලාපෙට ගිහින් කරපන්. ඉලපතෙන් ගහන්න ඉන්නෙ සෙට් එක.

      Delete
  2. හරි නම් ලංකාවට අලුතින් බවුසර් 300ක් වත් ගේන්න ඕන.
    තීයෙන බවුසර් වලින් ඔය වැඩේ කරන්න බැහැ. කොච්චර නම් කිව්වද මුහුදු වතුර පිරිපහදු කරන තැන් 10ක් වත් හදන්න කියලා. ඒ මොනවත් කරන්නේ නැහැ. නළ ලිං 257 සුද්ධ කරන්න මතක් වුනේ දැන්. අවුරුද්දකට කලින් ඉඳන් කියන්නේ නියඟයක් එයි කියලා. මහ ගොන් හරක් ඉන්නේ මේ ආන්ඩුවේ.

    ReplyDelete
    Replies
    1. එක බවුසරයක්වත් ගෙනාපු බවක් නම් ඇහුනේ නැහැ.

      Delete
    2. බවුසර් 300ක්? මුන්ගේ හිත උනුවෙන්නේ දෙමළ මුස්ලිම් උන් ගැන විතරයි.

      Delete
  3. ලිං හාරන්නේ නිය‍ඟෙන් ගස්කොලන් මැරිලා, මාලු ටිකත් මැරිලම ගිහින් හරක් ටිකත් මැරුනට පස්සෙද? අපරාදෙ, මිනිස්සුත් මැරුනට පස්සෙම ලිං ටික හෑරුවනම් හරි.

    ReplyDelete
    Replies
    1. ළිං හාරන්නේ නැහැ. නළ ලිං පවා ප්‍රතිසංස්කරණය කරනවා විතරයි. පවුල් 50000ක් විතර ඉන්නවා, ලිං 250න් කොහොමද කොරන්නේ කියල වත් මේ මෝඩ සෙට් එකට තේරෙන්නෙ නැති හැටි.

      Delete
    2. උඹ හිතන්නේ මුන්ට තේරෙන්නෙ නැතුව ඇති කියලද? හිතා මතා මැරෙන්න අරින්නේ මිනිස්සුන්ව. ටිකින් ටික විඳවලා මැරෙන්න දෙන්නෙ. ඉස්සෙල්ලම ගොවිතැනට කෙලියා. දැන් උන්ට සල්ලි නැහැ. කන්නත් නැහැ බොන්නත් නැහැ. ඕකුන් ටික මැරිල ගියාම දෙමළු ගෙනත් ඔය පැති වල පදිංචි කරන්න පුලුවන්.

      Delete
  4. මොණරාගල විතරද මිනිස්සු ඉන්නේ? අනුරාධපුර, පොළොන්නරුව, දිස්ත්‍රික්ක වල ඉන්නේ මොක්කුද? උන්ගේ වැව් වේලිලා, ඉරි තලලා ගිහින්. මහ වැව් ටිකත් හිඳුනම මැරෙන්න වෙන්නේ. මට දුක මාලිමාවට ඡන්දෙ නොදුන්න අහිංසකයොත් දුක් විඳින එක.

    ReplyDelete
  5. මේ ආන්ඩුව ෆේල්. අවුරුද්දකට කලින් කියපු නියඟයට කිසිම පෙර සූදානමක් නැහැ. පලිගැනීම් සහ පච විතරයි.

    ReplyDelete
  6. Maasa ganakata kalin kiwwe niyageta lasthi kitala. Lasthi kalanam mehema thathwayak ethiwenawada. Unta oone 22 saha pavathma vitharai. Solar power operated reverse osmosis desalination plant kihipayak isthapitha karanam ekthara durakata beemata jalaya nipadawanna thibuna. October saha November nowassoth kohomada? Minissu marei. Ithihasaye ehema thiyanawa apu niyanga saha durbhikksha. Cheenen illuwanam mewani upakarayak labenna idathibuna. Munge advisorslath gon harak. Mun hithanne munge "CHU" ekathukarala prashnaya wisadanna puluwan kiyala.

    ReplyDelete
Previous Post Next Post