හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු දීම ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි...


 මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු ලබාදීම ඕස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කර ඇති බව The Island පුවත්පත වාර්තා කරයි.

ප්‍රසිද්ධ නීතිඥ සහ සිවිල් ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඕස්ට්‍රේලියාවේ 1982 අංක 3 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 15 වන වගන්තිය යටතේ එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් මෙම තොරතුරු ඉල්ලා තිබුණි.

මුලින් එම තොරතුරු ලබාදීමට එකඟතාව පළ කළ ද, පසුව ඕස්ට්‍රේලියානු බලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බව කොඩිතුවක්කු මහතා එම පුවත්පතට පවසා ඇත.

සූරියප්පෙරුම මහතා ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවන්නේ නම් එම දෙපාර්තමේන්තුවට එය සෘජුවම ප්‍රකාශ කිරීමට හැකියාව තිබූ බවත්, මෙම තොරතුරු වසන් කිරීම හරහා බරපතළ සැකයක් මතු වන බවත් කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජාතික ජන බලවේගයේ (NPP) ජාතික ලැයිස්තුව හරහා සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

2024 නොවැම්බර් සිට 2025 ජූනි දක්වා හිටපු මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සූරියප්පෙරුම මහතා, භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ බව කියන ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට ද මැදිව සිටියි. ඕස්ට්‍රේලියාවෙන් ලබාගත් ණය මුදලක වාරිකයක් ලෙස තෙවන පාර්ශවයකට ගෙවන ලද මෙම මුදල සම්බන්ධයෙන් පවතින්නේ බරපතළ විනිවිදභාවයේ ගැටලුවක් බව කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි.

මීට පෙර ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලු හේතුවෙන් ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ යන මහත්මීන්ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වූ බව ද 'දි අයිලන්ඩ්' පුවත්පත සිය වාර්තාව මගින් සිහිපත් කර ඇත.





Australia Denies Release of Information on Controversial Missing Funds

The Australian government has rejected a request for information regarding the citizenship status of Harshan Suriyapperuma, the Secretary of the Ministry of Finance, amid ongoing controversy surrounding the disappearance of $2.5 million from the national treasury, according to a report by The Island newspaper.

Renowned attorney and civil rights activist Nagananda Kodithuwakku had submitted his inquiry under Section 15 of the Freedom of Information Act 1982 to the Department of Home Affairs in Australia. Initially, there had been an indication that the information would be provided, but Kodithuwakku revealed that Australian authorities later declined the request.

Kodithuwakku pointed out that if Suriyapperuma is not an Australian citizen, the Department had the capacity to make that declaration directly. The refusal to disclose this information raises serious suspicions, he emphasized.

Further commenting on Suriyapperuma's entrance to Parliament via the National People's Power (NPP) party list, he expressed intentions to pursue legal action, citing violations of constitutional principles.

Suriyapperuma, who served as the former Deputy Minister of Finance and Economic Planning between November 2024 and June 2025, is at the center of allegations regarding the missing $2.5 million—reportedly a portion of a loan installment paid to a third party. Kodithuwakku underscored that this situation exemplifies a significant transparency issue.

The report also reminded readers of past controversies, highlighting that dual citizenship issues previously led to the disqualification of lawmakers Geetha Kumarasinghe and Daya Gamage from their parliamentary positions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. Me pakayake wistrara danne ekek Australia wala athine?

    ReplyDelete
    Replies
    1. Wadak Athi deyak balaganin Buruwo....He is not a citizen of Australia

      Delete
    2. He is a citizen of Fiji

      Delete
  2. If he is an Australian citizen his name should be on the electoral register.

    ReplyDelete
  3. මෙයා අවංක කෙනෙක් නම්, ඇයි එයාට ඔය ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ගැන.කියන්ට බැරි

    ReplyDelete
    Replies
    1. Thin ubata ochchara amaru nam naduwak dapanko

      Delete
  4. ඔය නීති npp අයට හැර කියලා මතක තියා ගත්තොත් හොඳයි.

    ReplyDelete
  5. ඔය නීති npp අයට හැර කියලා මතක තියා ගත්තොත් හොඳයි.

    ReplyDelete
  6. මීටර් 400 සුගත් නීයෝජ්‍ය ක්‍රීඩා එමති නම් ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා නෙහෙ

    ReplyDelete
  7. ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවන කෙනෙක් නම් ඕස්ට්‍රේලියාව කියනවා ඔවුන්ගේ පුරවැසියෙක් නොවේ කියල.

    ReplyDelete
  8. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඕසී පුරවැසිය භාවය නොමැති බව ප්‍රකාශ කර ආණ්ඩුවෙ සුජාත බව රැකිය යුතුය.

    ReplyDelete
    Replies
    1. kaputu kaaak kaaak kaaaaaaaaaaak

      Delete
    2. Thank you very much for supporting voice.

      Delete
  9. පාලකයන් නොමැතිව අතරමං වූ පුරවැසියන්..August 26, 2026 at 8:01 PM

    ඇස්පහ සහ ආන්ඩුව තූළ ක්‍රියාත්මක වන සැඟවුන නාසිවාදී බටහිර බළල් අත් යොදා සිදුවන සක්‍රීය මෙහෙයුම්,..
    යුද්ධයට මැදිවී ඇති බටහිරයන්ගේ මුදල් ළු්ක්ක බහිරවයන් මැදිහත්වී ශක්තිමත් වීමත්,..
    අයි ඵම් ඵෆ් කොන්දේසි සමඟ මර උගුල..

    සුද්දාගේ පොළීසියේ සුද්දාගේ උසාවියේ සුද්දට වාඩා හොදට බටහිර නාසිවාදී අවනීතිය රකිමින් ,.භූමිතෙල් දමා ගිනිතබනා දේශීය ඹෟෂධ සමගින්
    දුශිත , අමනෝඥ කළු සුද්දන්,..


    ReplyDelete
Previous Post Next Post