කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයකු එල්ල කළ පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි එම ක්‍රීඩා සමාජයේ සේවකයකු පසුගිය 10 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි සුමිත් ප්‍රනාන්දු නමැති අය මෙලෙස මියගොස් ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ක්‍රීඩකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 08 වැනිදාය.
එදින ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටි සැකකාර සිසුවා ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් ජලය පානය කිරීම සඳහා ජල කරාමය අසලට ගිය අවස්ථාවේදී එහි ජලය නොමැති වීම හේතුවෙන් මෙම ආරවුල හටගෙන තිබේ.
එහිදී ක්‍රීඩා සමාජයේ සේවකයා සහ ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර, සේවකයා විසින් එක් ක්රීඩකයකුට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකාර ක්‍රීඩකයා විසින් ඔහුට පහරක් එල්ල කර ඇති බව වාර්තා වේ.
පහරකෑමෙන් තුවාල ලැබූ සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. මියගිය පුද්ගලයා හෘද රෝගියකු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත්ව තිබීම හේතුවෙන්, මෙම මරණය පහරදීම නිසා සිදුවූවක්ද නැතහොත් රෝගී තත්ත්වයක් මත සිදුවූවක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.
එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකාර ක්‍රීඩකයා (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 17 වැනිදා දක්වා පරිවාස භාරයේ රඳවා තැබීමට අධිකරණය නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
17-Year-Old Cricket Player's Assault Leads to Worker’s Death in Colombo
A tragic incident has unfolded at the Bloomfield Sports Club in Colombo 07, where a 62-year-old worker succumbed to severe injuries on October 10, after being assaulted by a 17-year-old cricket player. The victim, identified as Sumith Pranandu from the Moratuwa area, was reported by the Kurunduwatta police.
The assault reportedly took place on October 8, during a practice session at the sports grounds. A group of players, including the alleged assailant, had gone to a nearby water tap for refreshments only to find it dry. This led to an exchange of heated words between the players and the club worker.
In a shocking turn of events, as the worker attempted to strike one of the players, the accused retaliated by delivering a blow that left the worker wounded. Following the incident, the injured worker was rushed to the National Hospital in Colombo, where he received medical treatment but ultimately passed away.
Medical reports have indicated that the deceased had a pre-existing heart condition. Consequently, authorities are conducting a post-mortem examination to determine whether the death resulted from the assault or underlying health issues.
Following the incident, the accused player was taken into custody, and after appearing before the Colombo Magistrate’s Court, he has been ordered to be held in remand until October 17. The Kurunduwatta police continue their investigations into the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලංකාවෙ මිනිස්සු හරිම නපුරු විදියට හැසිරෙන්නෙ. මේ සුලු සේවකයා නෙවෙයි කාර්යාලයකට ගියාම මොනව හරි ඇහුවොත් බුරාගෙන පනිනවා. හරිම අසීලාචාරයි. තමන්ගෙ වුර්තීමය දෙයක්වත් අහන්න බෑ ඉහල පහල නිලදාරී බේදයකින් තොරවම බනින ගහන්න පනින මානසිකත්වයෙන් මිසක් අදාල වැඩේ කරල දෙන්න හිතන්නෙවත් නෑ. මේ ආන්ඩුව වගේම අනිත් පාර්ශ්වයෙ බොරු වැරදි කිය කිය බෝල පාස් කරනවා.
ReplyDeleteආන්ඩුව වගේමයි.
Deleteදැන් hadayabadayak. වැඩේ ඉවරයි.
ReplyDeleteදැන් hadayabadayak. වැඩේ ඉවරයි.
ReplyDeleteඕක තමයි ප්‍රධානම හේතුව ලංකාව කවදාවත්ම දියුණු වෙන්නෙ නැත්තෙ - දියුණු කරන්න බැරි. හැම මිනිහම හිතන්නේ තමන් නැත්නම් වැඩ කෙරෙන්නේ නැහැ කියලා (he/ she is indispensable). ඔය මතය ඇටුවම් බස්සවන්න ප්‍රධානම සක්කිලි වැඩ කෙරුවේ වම්මු (පණ්ඩරනායක/ රාජපස්ස උපරිම සහයෝගය ඇතිව). දැන් ඔය ක්‍රමයට මිනිස්සුන්ගේ ජාන පවා වෙනස් වෙලා. හැබැයි ඕන සිංගප්පූරු විදියේ කාර්යක්ෂමතාවය, සංවර්ධනය හා පහසුකම්. ලංකාව ඇතුළු දකුණු ආසියාවේ එකෙක් ට වත් චීන්නු ( හා චීන සම්භවයක් සහිත මිනිස්සු) එක්ක හැරෙන්න වත් බෑ..
ReplyDeleteඅපිලට ඕන අවම වැඩ - උපරිම ප්රතිලාභ.
ඕන එකටයි එපා එකටයි රාජපක්ශ ල ගාව ගන්න එපා . මරපු එකා මිනීමරපු ජෙප්පෙක්ගෙ නෑයෙක්
Deleteඅනේද කියන්නෙ, අනුර කුමාරගෙ පුංචම්මට පඩයක් ගියත් ඒකටත් වැරදි කාරය රාජපක්ෂ කෙනෙක්.
Deleteරෝගී තත්ත්වයක් vunath nathath gahapu pahara nisa thamai marune. Usaviya vena anan manan balanne na.
ReplyDeleteVinayak nathi yakungen hadune vinayak nathi rajapaksala,unyanakota ave yakku kumbandayo,ugath amana yakku du puthun jeppo, dan yanne yakku jepi du puthunge vare, ..aru hora gahapiya hire dapiya ,kotapiya. oka horakam karapuva ,api gaththama mokada wenne. .un horen mini maruwa api elipita maranava. mona yakkuda Hunduwe inne,maha eka kota hunduwa. podi un karanne un ugannapu de... mekata kotage chandadayakayonge lamainta indala hena hathama thama. nodakin
ReplyDelete