මේ ආණ්ඩුවෙ හිරේ යන ලයිස්තුව මගෙ අතේ...


 නලින්ද ජයතිස්ස මහතා යනු අසත්‍ය ප්‍රකාශ කිරීමට හුරු වූ පුද්ගලයෙකු බවත්, ඔහුගේ ප්‍රකාශ ජනතාව තවදුරටත් පිළිනොගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ ය.

එක් පුද්ගලයෙකු සතුටු කිරීම සඳහා ජනතාව බලාපොරොත්තු නොවූ අනවශ්‍ය දේවල් සිදු කිරීමට රජය උත්සාහ කරන බවත්, අතීතයේ මෙවැනි ක්‍රියා සිදු කළ රජයන් අවසානයේ අසාර්ථක වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ආසන්න වන විට විධායක ජනාධිපති ධුරය හෝ අග්‍රාමාත්‍ය ධුරය අහෝසි කිරීමට පවා ඇතැම් පාර්ශවයන් උත්සාහ කළ හැකි බවට ඔහු සැක පළ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, ඇතැම් පිරිස් තවත් වසර 20ක් පමණ පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට උත්සාහ කරන බවත්, ඔවුන් අනෙක් අයට වැඩ කිරීමට ඉඩ නොදෙන අයුරින් කටයුතු කරන බවත්ය.

එසේම, නීතිය හමුවට පැමිණවීමට නියමිත පුද්ගලයින්ගේ ලැයිස්තුවක් තමන් සතුව පවතින බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.





MP Chamara Sampath Dasanayake Criticizes Government's Unnecessary Actions

Member of Parliament Chamara Sampath Dasanayake has described Nalinda Jayatissa as someone prone to making false statements, emphasizing that the public is increasingly dismissing his claims.

During a recent address, he argued that the government is attempting to carry out unnecessary actions to please a select few, stressing that past administrations that followed similar paths ultimately faced failure.

As the President's term draws to a close, Dasanayake expressed suspicions that certain factions may seek to undermine either the executive presidency or the prime ministerial position.

Furthermore, the MP commented that some groups seem intent on remaining in Parliament for another 20 years, behaving in ways that obstruct others from contributing effectively.

He also indicated that he possesses a list of individuals expected to face legal repercussions, underscoring the need for accountability in the current political landscape.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. හා බං එළ

    ReplyDelete
    Replies
    1. මාලිමාවේ දූශිතයන්ගේ නියම ස්වාභාවය හෙලි කරපු නිර්භීත මිනිහෙක්. කාලකන්නි ජෙප්පන්ගේත්, එජාප හිවලුන්ගේත් අන්තවාදය එලි කරපු නිසා ජෙප්පොන්ට වහ කදුරු වගේ චරිතයක්.

      Delete
  2. ube nama aniwaryen athi ne??good luck

    ReplyDelete
    Replies
    1. කාගෙ නමද තියෙන්නෙ කියන එක නෙමෙයි.
      මේ මිනිහා කියන කතාවේ ඇත්තයි වටින්නේ.
      බොරුවේන් මුලා වෙච්ච පාහරයන්ට නොතේරුනාට, මිනිස්සු තේරුම් අරගනිමින් ඉන්නවා. ඒකයි මාලිමාවෙ උන් ඡන්දයක් තියන්න භය. ඒකයි මේ හදිසියේම 22 සංශෝධනයක් ගෙනත් පාදිලියෙක් අගවිනිසුරු තනතුරේ තියන්නේ. එහෙම නොකර සම්පූර්ණ ව්‍යවස්ථා වෙනසකට යන්න බැහැ. එහෙම නොගිහින් ඡන්ද කල් දාගන්න බැහැ.

      Delete
  3. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 13, 2026 at 8:07 PM

    කන්ටේනර් හොරු,, ගල්අඟුරු හොරු, භාණ්ඩාගාර හොරු, අණිවාර්යයෙන් හිරේට යන්ඩ ඕනෑ.

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ දේවසිරිAugust 14, 2026 at 4:08 AM

      සතොස හොරා කාපු එකා නම් දැන් ඉන්නේ නාමල් ලඟ නේද?

      Delete
  4. ඉස්සෙල්ලම චාමර ගැන අපේ තිබුනේ වැරදි මතයක්.
    මාලිමාවේ අනීතික, ජඩ, අමන ගතිය පෙන්නූ සුපිරි චරිතයක්.
    මෙයාවයි, කතා කරන අනිත් උන්වයි හිරේ දාලා රට ගෙනියන්න පුලුවන් කියලා හිතන් ඉන්නවා නම් ආන්ඩුවේ අමන ‍රැල මතක තියා ගන්න ඕන,
    එකෙක්ගේ හඬ සඟවනකොට එවන් සුවහසක් යලි උපදින බව. හොඳේ....

    ReplyDelete
    Replies
    1. Supiri supiri. ape ilaga agamathi.jayawewa mathiduni.pohottuwe ilaga ape agamathi obayi.sada dinewe.api oba samagayi. me rathama oba samagayi. konda kelin minihek. next president wennath bari na. me rada diyunu ratak karanawa methuma

      Delete
  5. හිඟකානව කියලා පෙන්නලා .. කප්පම් වලින් කොටි පති වුණු දේශපාලන නරි .. ඔව්වෝ ඔක්කෝටම බඩු සෙට්

    ReplyDelete
  6. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 14, 2026 at 4:06 AM

    ඒක කරකවලා ගහ ගන්ඩ හොඳ තැනක් තියෙනවා, කියන්ඩ ද?

    ReplyDelete
Previous Post Next Post