අපි එදා කිවුවෙ මන්නාරමේ තෙල් නෑ කියල නෙමෙයි.. මහින්ද කිවුව විදිහ වැරදියි කියලයි..


 මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් රජයේ වර්තමාන ස්ථාවරය සහ අතීතයේ දැක්වූ අදහස් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළේය.

ඒ, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී මාධ්‍යවේදිනිය විමසා සිටියේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්නාරමේ තෙල් ඇති බව පැවසූ අවස්ථාවලදී, එය මැතිවරණ ඉලක්ක කරගත් ඡන්ද ගුණ්ඩුවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළ බවත්, දැන් එම ස්ථාවරය වෙනස් වී ඇත්ද යන්නත්ය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, මන්නාරම් ද්‍රෝණියේ තෙල් පවතින බවට වන විද්‍යාත්මක දත්ත 1970 දශකයේ සිටම පවතින බවත්, තමන් කිසිවිටෙකත් එහි තෙල් සම්පතක් නොමැති බව ප්‍රකාශ කර නොමැති බවත්ය.

"අපි එදා තෙල් නැහැ කියලා කිව්වේ නැහැ. එදා අපි විවේචනය කළේ තෙල් තියෙනවා කියලා මැතිවරණ කාලසීමාවලදී ජනතාවට ලබාදුන් දේශපාලන පොරොන්දු ගැනයි. එදා කිව්වේ තෙල් බැරල් ගණන් බෙදනවා කියලා. නමුත් අපි කළේ ඒ දේශපාලන ප්‍රකාශ විවේචනය කිරීම මිස විද්‍යාත්මක දත්ත ප්‍රතික්ෂේප කිරීම නොවෙයි," යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා මේ වන විටත් තෙල් ගවේෂණය සඳහා වන බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය පියවර රජය විසින් ගනිමින් සිටින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






Government Clarifies Stance on Mannar Oil Exploration

The government has clarified its current position on oil exploration in the Mannar Basin, as well as past statements regarding the issue, through Cabinet Spokesperson Minister Nalinda Jayatissa.

This clarification came during a media briefing held to announce Cabinet decisions, where a journalist raised a question about the previous claims made by former President Mahinda Rajapaksa regarding the presence of oil in Mannar. The journalist pointed out that the Janatha Vimukthi Peramuna (JVP) had accused those claims of being politically motivated during election periods, and inquired if the government's stance had since changed.

In response, Minister Jayatissa emphasized that scientific data indicating oil deposits in the Mannar Basin has existed since the 1970s, and he has never stated that there are no oil reserves in the area.

"We did not claim back then that there was no oil. Instead, our criticism focused on the political promises made to the public during elections asserting that oil barrels were being distributed. Our aim was to scrutinize those political statements, not to refute scientific data," the Minister explained.

Moreover, he noted that there is a systematic process currently underway through the Lanka Mineral Oil Corporation for issuing licenses for oil exploration, with necessary steps being taken by the government to facilitate this initiative.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. සටකපටි-බොරු චක්‍රවර්ති කවුද? දීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි! මෙහෙම වටිනා චන්දයක් කවදාවත් දීලා නැහැ!

    ReplyDelete
  2. ලබාදෙන පළමු මැතිවරනයන් නියතලෙසටම පළවා හරිනා බවට නැවත නැවත්ත් දැඩි අවධානයට,.!August 25, 2026 at 4:01 PM

    හෙළ ඔසු වන කන්සා පැළයක් කරපිංචා පැළයක් ගෙවත්තේ වගා කර ගැනීමට ලගතබා ගැනීමට භාවිතයට පවතින නාසිවාදීනගේ තහනම ඉවත් නොකර ඦන්දයකට යන්නේ නම් ලැබෙන පළමු ඦන්දයන් මාළිමා ආන්ඩුව නියතලෙසම පළවා හරිනා බවට,.!ලබාදෙන පළමු මැතිවරනයන් නියතලෙසටම පළවා හරිනා බවට නැවත නැවත්ත් දැඩි අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඔහොම

      Delete
  3. Munuth dan karenne ekama thamai munta janamatha vicharanavalta palath samabaha chandha valata yanna bari nisa

    ReplyDelete
  4. ඔය තෙල් 1970 සමගි පෙරමුණ ආණ්ඩුව කාලේ ඉඳන් ම තිබුනා

    කච්චතිව්වේ පොලුත් කඩන්
    පේසාලෙන් තෙලුත් අරන්
    හඳෙන් සේරු දෙකක් අරන්
    නුඹේ අම්මා ළඟ එනවා

    ඔය මන්නාරමේ තෙල් 1977 මහ මැතිවරණයේදී එජාපය විසින් උපහාසයට ලක් කෙරුනු හැටි වැඩිහිටි පරම්පරාවට තාම මතකයි

    එදා ඉඳන් සෑම ආණ්ඩුවක්ම ඔය මන්නාරමේ තෙල් නිධිය මාර්කට් කරනවා

    තෙල් ගන්න තමයි බැරි

    එක්කෝ ඉන්දියාව ඕක කරන්න දෙන්නේ නෑ - මොකද ඔය තෙල් නිධිය ඉන්දීය දේශ සීමාවටත් පැතිරෙනවයි කියලයි කියන්නේ

    නැත්තං ඇත්තටම ඔය තෙල් නිස්සාරණය අධික වියදම් යන වැඩක්

    ReplyDelete
  5. මහින්ද කිව්වාම බොරු😂😂😂 මුන් කිව්වාම ඇත්ත😂😂😂 ඔය වගේ ලොකු වැඩ කිව්වට කරන්න බෑ මෙයාලට. ලැට් වලක් හාරන්න වගේ නම් පුලුවන්.😂😂😂😂 නිකම් ඉන්න වෙලාවට 2015 කලින් ලංකාවෙ වීඩියෝ ටිකක් පොටෝ ටිකක් බලන්න. සාටක සාපේ බලා ගන්න පුලුවන්

    ReplyDelete
  6. In Gotas era, Sri Lanka started to export oil under minister Gommanpila

    ReplyDelete
  7. ඇට නැති දිව....

    ReplyDelete
  8. 😂😂 .. අපි කිව්වේ නෑ .. වර්ෂන් එකක්

    ReplyDelete
  9. මහ ඒකා පචාධිපති වෙන කොට මූ පචඋපාධිපති වත් වෙන්න ඕනෑ.

    ReplyDelete
  10. ඇත්තටම ඔයා මොන වගේ හිවලෙක්ද නලින්ද?අජුතයි.දොස්තර කමටත් ලැජ්ජයි හිරිකිතයි.

    ReplyDelete
Previous Post Next Post