අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් විසිදහසක් සොරකම් කරලා...


 පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නිකුත් කළ සිසු ක්‍රියාකාරකම් පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව ය.

දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල කර ඇත්තේ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මෙම පොත් 19892ක තොගය බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත නියමිත පරිදි භාර නොදීම හේතුවෙනි.

ගිවිසුම්ගතව ඇති ආයතනය වෙත මෙම පොත් තොගය ලොරියකින් ප්‍රවාහනය කිරීමට පසුගිය මැයි 4 වැනිදා අවසර ලබා දී තිබෙන බව පැමිණිල්ලේ සඳහන් වෙයි. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා මෙම පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ 19,892ක් වූ මෙම පොත් තොගය කිලෝග්‍රෑම් 1600ක බරට විකුණා රුපියල් 47,000ක මුදලක් ලබාගත් බවය.





Investigation Launched into Theft of School Activity Books

The Police in Talangama have initiated an investigation into the theft of approximately 20,000 student activity books, intended for the third term of Grade One, released by the Department of Educational Publications.

This inquiry follows a formal complaint lodged by the department regarding the incident.

The complaint indicates that the valuable shipment of 19,892 books, estimated at around 8 million Rupees, was not delivered to the designated distribution centers as scheduled.

According to the complaint, permission was granted for the transport of this shipment via a lorry on May 4.

The police have confirmed that they are actively investigating the matter and are working to apprehend the suspects involved.

- Imasha Ranathunga



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. වැල සයිට් හොයන්න වෙන්නැති

    පෙළපොත් වැලපොත් වුනාම ඕක තමයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ජාතිවාදී අදහස් හෙමින් හෙමින් සමාජගත කරන්න හදන සී ලංකට් නිවුස් පඩංගුවේ ප්‍රධාන සේදුම් නිලදාරී තුම්මුල්ලේ ලෙමන් පකා නොහොත් වයග්‍රා අප්පුහාමිගෙ නඩු ඉක්මනට අසා තීන්දු දීමට අධිකරණ පද්දතියට හැකි වේවා!

      Delete
  2. හැකර් පහරක් විය හැකියි. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂනයක් කරන්න නම් විනිසුරු වයස වැඩි කරන්න වෙනවා.

    ReplyDelete
  3. ආඩම්බර වෙන්න පුළුවන් කරුණක්. අධ්‍යාපනය සඳහා ජනතාවගේ ඇති අභිලාෂය පිළිබිඹු වෙනවා. පුනරුදය!

    ReplyDelete
Previous Post Next Post