විනිසුරු වයස ගැන බොරු කියලා මහ නාහිමිවරුන් රවට්ටලා..


අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් වෙත වැරදි තොරතුරු ලැබී තිබූ බවත්, රජයේ එම පියවරෙහි සැබෑ අරමුණ පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට පියවර ගත් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රජයේ දූත පිරිසක් (01) මහනුවරදී මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විවිධ කතාබහ සහ ගැටලු පිළිබඳව මෙහිදී මහානායක හිමිවරුන් දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතු වූ කරුණු සහ එහි සැබෑ අරමුණ පැහැදිලි කිරීමෙන් පසු මහානායක හිමිවරුන් එම තත්ත්වය වටහාගත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම යෝජනාව වත්මන් අගවිනිසුරුවරයා ඉලක්ක කරගනිමින් ගෙන ආ එකක් බවට එල්ල වන චෝදනා අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.

මෙම විශ්‍රාම වයස දීර්ඝ කිරීම මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වූ සියලුම විනිසුරුවරුන් සඳහා පොදුවේ අදාළ වන්නක් බව ඔහු අවධාරණය කළේය.

අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ගොඩගැසීමේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ගනු ලබන එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දුන් අමාත්‍යවරයා, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, නව විනිසුරුවරුන් බඳවා ගැනීම සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම වැනි තවත් ක්‍රියාමාර්ග රැසක් රජය විසින් ගනිමින් සිටින බව ද සඳහන් කළේය.





Minister Addresses Concerns Over Extended Retirement Age for Judges

The Minister of Justice, Harshana Rajakaruna, has revealed that misleading information regarding the decision to extend the retirement age for judges was conveyed to the Buddhist dignitaries. He noted that efforts have been made to clarify the true intentions behind this government action to the Maha Nayakas.

Following a meeting with the Maha Nayakas in Kandy, Rajakaruna, accompanied by Health Minister Keheliya Rambukwella and other government officials, addressed the media, shedding light on the situation.

During the briefing, the Minister articulated that various discussions and concerns circulating within society about the policy decision were communicated to the Maha Nayakas, allowing them to parse the community's apprehensions.

After elucidating the reasons behind the proposal and its genuine purpose, the Maha Nayakas expressed their understanding of the matter, Rajakaruna further elaborated.

He firmly dismissed allegations suggesting that the proposal was targeted specifically at the current Chief Justice, reinforcing that this decision is applicable to all judges from the Magistrate's Court to the Supreme Court.

Highlighting this initiative as one of the measures being undertaken to address the backlog of cases within the judicial system, the Minister outlined additional actions being pursued by the government, including increasing the number of judges, recruiting new judicial officers, and filling vacancies within the Government Analyst's Department.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. මේ පාහර බල්ලෝ කියන බොරු වලට, කරන මහා පව් කාර වැඩ වලට පණ පිටින් අපාගත වෙන්නේ 😡🤮 කාලකණ්නි අපතයෝ 🤮🤮🤮

    ReplyDelete
  2. ඔව්, ඔව් නාහිමියන් තොත්ත බබාලා නේ රවටන්න.

    ReplyDelete
  3. ලප පච කොටාගේ සාපය

    ReplyDelete
  4. මේ ජෝකියගේ ගෑනි කොල්ලෙක්

    ReplyDelete
  5. මහානායක හිමිවරුන්ව රවටන ලද්දේ වෙන කවුරුත් නොව, ඔබලා - ඒ කියන්නේ 'ජෙප්පන්' - විසිනුයි.

    ජෙප්පන් මුළු රටක්ම රවටා ඇති විට, මහානායක හිමියන්ව රැවටීම කෙසේ නම් පුදුමයට කරුණක් වේද?

    ReplyDelete
    Replies
    1. දළඳා මාළිගාවටත් ගහපු එවුන්නෙ

      Delete
  6. මුන් හම්බුනාට පස්සේ මහා නෑහිමිවරු ප්‍රකාශයක් නිකුත් කළා
    .. එක මුලින් කියවලා මේ ප්‍රකාශ නිකුත් කරන්න තිබුණේ .. තවත් පච නොගහා
    කට ඇරියෝත් රීලා.. නොදකින් මුංට ඡන්දෙ දීපු අපි..

    ReplyDelete
  7. තිබ්බෝටුවාවේ උන්නාන්සේ බෝර්න් අගේන් කාරයාට විරුද්ධ වුනා නම් ඒක ලෝක පුදුමයක්

    තිබ්බොටුවාවේ උන්නාන්සේ සිංහල බෞද්ධයන්ගේ පැත්ත ගත්තමද කොහෙද ඔය

    ReplyDelete
Previous Post Next Post