ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත්, ඒ සඳහා රජය සතුව ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් තිබිය යුතු බවත්, ඒ වෙනුවෙන් ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර එය ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට (14) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ස්වයං-මූල්‍යකරණය මගින් පවත්වාගෙන යනු ලබන ආයතන සහ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ පවත්වාගෙන යන ආයතන 16ක් යටතේ මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිභෝගික අයිතීන් සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල කාර්යසාධනය මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
ගොවීන්ගේ වී සහ ධාන්‍ය වේලා ගැනීම සඳහා සහනදායී පදනමක් මත වියළන යන්ත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර මේ වන විට යන්ත්‍ර 45ක් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් අයදුම් කළ ආයතන 65ක් අතුරින් තෝරාගත් ආයතන 45කට එම යන්ත්‍ර ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කෙරිණි.
දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර කුරුණෑගල සහ මාතර මධ්‍යස්ථානවල ඉදිකිරීම් දැනටමත් අවසන් කර තිබෙන බව සඳහන් කෙරිණි.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1000ක වියදමින් ක්‍රියාත්මක ග්‍රාමීය මට්ටමින් සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය, නුවරඑළිය ආර්තාපල් මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ මොනරාගල මාංශ බෝග සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා ලොකු ළුෑණු සහ බඩඉරිඟු ගොවීන් වෙනුවෙන්ද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
එසේම, අමාත්‍යාංශය යටතේ යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතනවල කාර්යභාරය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලුණු අතර ආයතනික මට්ටමින් මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා විය.
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද නිෂ්පාදන සමූපකාර සමිති ව්‍යාපෘතිය යටතේ, නව නිෂ්පාදන සමූපකාර සමිති 34ක් දැනටමත් ලියාපදිංචි කර ඇති බවත්, මෙම ක්ෂේත්රයට තරුණ ප්‍රජාව කැඳවා ගැනීම එහි අරමුණ බවත් මෙහිදී සඳහන් විය.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරුණු අතර නව ගබඩා සංකිර්ණ සහ සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලිණි.
එමෙන්ම සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා සතොස සහ සමූපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීම මගින් වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇති කර පාරිභෝගිකයාට වඩා ගුණාත්මක සේවාවක් සහතික කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
සමුපකාර, මෙගා කෝප් සිටි සහ කෝප් සිටි 2100ක් පමණ රට තුළ පවතින බවත්, මෙමගින් සැලකිය යුතු වෙළෙඳපොළ කොටසක් වැඩිදියුණු කර ගැනීම පිළිබඳවත්, එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා විය. එම කළමනාකරණ දුර්වලතා මගහරවා ගැනීම සඳහා පනතක් සම්පාදනය කරමින් තිබෙන බවද සඳහන් කෙරිණි.
පසුගිය කාලයේ කතාබහට ලක් වූ ත්‍රීපෝෂ සමාගමේ කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලූ අතර 2026 අයවැය යටතේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, පැය 24ම එහි කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ත්‍රිපෝෂ බෙදාහැරීම සහ අදාළ කාර්යාල වෙත ප්‍රවාහනය කර දීමටද කටයුතු කරන බවත්, ලංකා ත්‍රිපෝෂ ආයතනය වෙත ආහාර සුරක්ෂාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ISO තත්ත්ව සහතිකය හිමිවී තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
අදාළ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, ගබඩාකරණය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මතුව ඇති ගැටලු මෙන්ම සේවක ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මාස 06 සිට අවුරුදු 03 දක්වා දරුවන්ට ලබා දිය හැකි මට්ටමින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර එහි ගැටලු නිරාකරණය කර ගැනීම සහ අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා දැනුම් දුන්නේය.
සමාගම් ලියාපදිංචි කිරීමේදී පවතින ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා දැනට ප්‍රමාද වි තිබෙන අයදුම්පත් 3000ක කටයුතු හැකි ඉක්මණින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
වාණිජ දෙපාර්තමේන්තුවේ 2026 වසරේ කාර්ය සාධන ප්‍රගතිය මෙහිදී විමසා බැලු අතර රටවල් 33කට අදාළ නියෝජිතයින් තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල මගින් මෙම කටයුතු සමග සම්බන්ධ වී සිටින බව අනාවරණය විය.
ඉදිරි ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේදී විදේශ වෙළෙඳපොළ ජය ගැනීම ප්රමුඛ අවශතාවක් බවත්, ඒ සඳහා වාණිජ නිලධාරීන්ගේ රාජකාරී ඉලක්කය අන්තර්ජාතික වෙළෙඳපොළ සොයා ගැනීම, අපනයන ඉලක්ක ඉහළ නංවා ගැනීම වැනි ක්ෂේත්රයන් වෙත යොමු විය යුතු බවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී. ඒ වෙනුවෙන් වෙළෙඳපොළ සමීක්ෂණ සිදු කිරීම සහ වාණිජ මණ්ඩල ආදී ආයතන සමග සමීපව කටයුතු කරමින් එම තොරතුරු ලබා දීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නේය. විශාල වෙමින් පවතින නව වෙළෙඳපොළ කරා යොමු වෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට වාණිජ දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සක්‍රීය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පාරිභෝගික සේවා අධිකාරියේ කටයුතු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර දුරගමන් බස් රථ නතර කරන ආපනශාලා සහ පෞද්ගලික රෝහල්වල ආපනශාලා පිළිබඳ විශේෂ පරීක්ෂණ පවත්වා ඇති බවට ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
ආහාර පාන ආශ්රිත ප්‍රමිතිය සහ මිල ගණන් නියාමනය පිළිබඳ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වන බැවින් ඒ කෙරෙහි පාරිභෝගික සේවා අධිකාරියේ සක්‍රීය මැදිහත්වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පොලිතින් භාවිතය අවම කර ගැනීම වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මැදිහත්වීම මත පොලිතින් භාවිතය මිලියන 26 සිට මිලියන 16 දක්වා අඩු කර ගැනීමට හැකිව තිබෙන බවත්, පොලිතින් සඳහා විකල්ප සමග මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකාව තුළ රසායනාගාර ප්‍රතීතන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමත්, ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර 2027 අයවැය ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති බණ්ඩාරවෙල සහ මාතලේ ආර්ථික මධ්‍යස්ථානවල ඉදිකිරීම් මෙන්ම මන්නාරම, තාරපුරම් සමූපකාර ගම්මානයේ කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහුද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Strengthening Price Controls Crucial for Sri Lanka's Economy, President Disanayake Emphasizes
President Anura Kumara Dissanayake asserted the necessity for a robust price control mechanism as merely relying on competition is not feasible for a small market like Sri Lanka. He stressed that the government must enhance its key players, such as Lanka Sathosa and cooperative businesses, to effectively manage the prices of goods and services.
During a review meeting held at the Presidential Office, the President highlighted the progress of projects funded under the 2026 budget, related to the Ministry of Commerce, Trade, Food Security, and Cooperative Development, coinciding with discussions on the preliminary budget for 2027.
The meeting evaluated the effectiveness of programs designed to ensure food security and uphold consumer rights, encapsulating 16 institutions operating under departmental and self-financed frameworks of the ministry.
Plans are underway to provide drying machinery to farmers for harvesting paddy and other grains, with arrangements made to import 45 machines. This initiative will benefit 45 selected entities from 65 that applied.
Discussions also covered the establishment of nine distribution centers across the island, with construction in Kurunegala and Matara already completed.
Among the highlighted projects under the 2026 budget is a plan to construct rice milling centers at a cost of 1,000 million rupees, complemented by the establishment of a purchasing center in Nuwara Eliya and a meat processing center in Monaragala. The need for new programs catering to large-scale farmers and green gram producers was also emphasized.
The meeting further examined the operational responsibilities of various ministries under the department, addressing institutional-level challenges and steps necessary for resolution.
As part of a project targeting youth participation in production cooperatives, 34 new cooperatives have already been registered, aiming to engage the younger demographic.
The advancement of new warehouse complexes and solar systems under the Food Commissioner’s Department was also debated, signaling ongoing efforts to bolster food security.
Strategies regarding cooperative distribution networks and the enhancements of Lanka Sathosa and cooperative businesses remain focal points to improve market competitiveness and assure quality services to consumers.
Nearly 2,100 cooperatives like Samupakara, Mega Co-op Sit, and others are currently active across the nation. The discussions delved into issues surrounding their operational weaknesses and the draft law intended to mitigate these challenges.
President Dissanayake took interest in the recent operational discussions around the Triposha Company, noting that 5,000 million rupees were allocated under the 2026 budget to maintain round-the-clock operations, ensuring consistent distribution of Triposha to health units.
Focus was laid on sourcing raw materials, storage, and addressing challenges in manufacturing operations, along with enhancing product quality for children during the 6-month to 3-year age range.
The meeting also scrutinized matters concerning the Companies Registrar Department. Secretary to the Ministry of Finance, Trade, and Economic Development Dr. Harshana Suriyapperuma called for prompt resolution of issues, including delay management for 3,000 pending applications for company registrations.
The commercial department’s progress for 2026 was reviewed, revealing connections with representatives from 33 countries through embassies and major trade offices.
With the economy aiming towards international market competitiveness, President Dissanayake underscored the urgency for trade officials to target international markets, enhance export targets, and the necessity for active market surveys in collaboration with trade bodies to gather pertinent information.
In light of the ongoing scrutiny of consumer service responsibilities, the President highlighted the need for inspections on restaurants in transit stations and private hospitals.
Considering the continuous demands from the public regarding food and beverage pricing and standards regulation, the President stressed the importance of active intervention by the consumer services authority.
Through the consumer services authority’s interventions, the use of polythene was reduced from 26 million to 16 million, with plans to further advance this initiative with alternatives.
Attention was drawn to streamlining the chemical testing processes in Sri Lanka, with plans outlined for instituting procedures in assessments for Bandaranayake and Matale Economic Centers under the budget provisions for 2027, alongside developments in the Mannar and Tharapuram cooperative villages.
Notable attendees included Ministers Vasantha Samarasinghe and R.M. Jayawardena, along with cooperatives development Deputy Minister Upali Samarasinghe, Secretary to the President Dr. Nandika Sanath Kumanaika, Chief of Presidential Staff Prabath Chandrakirthi, and other senior officials from the ministries involved.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සාමාන්‍යයෙන් මේ දිනවල සෑම දෙයකම මිල අසාමාන්‍ය ලෙස වැඩි වෙමින් පවතී. විශේෂයෙන් ආහාරපාන. ඒකට බලපාන එක හේතුවක් බදු. අනෙක් කාරණය කූට වෙළෙඳුන්ගේ මිල වැඩි කිරීම. ඕනෑම ගෙදරක පොඩි ළමයින්ට දෙන ඇපල්, මිදි, දොඩම්, දෙලුම් වලට පනවා ඇති අධික බදු නිසා මධ්‍යම පාන්තික අයගේ ළමයින්ට ඒවා ලබාදීම සිහිනයක් වී තිබේ. වාහන සීයක් ගේන ඩොලර් වලින් මුළු රටේම ළමයින්ට ඉහත සදහන් කල දේ ලබාගැනීමට හැකියාව ඇති බව කිව යුතුය. මේ පිළිබදව ජන හිතවාදී යැයි කියන රජය වහාම අවධානය යොමු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වනු ඇත.
ReplyDeleteඅයිසෙ ඇපල්, මිදි, දොඩම්, දෙලුම් වෙනුවට අන්නාසි පේර පැපොල් අඹ වගේ දේසීය දේවල් කෑවම හෙන ගහනවද
Deleteඇපල් මිදි කන්ඩ එපා, මැලේසියන් දොඩම් කන්ඩත් එපා, දෙළුම් ගහක් වවා ගනින් මිදුලේ. දෙළුම් ගුණයි. ඇපල් වලට බෙහෙත් ගහනවා කල් තියා ගන්ඩ. ඇපල්, මිදි දෙකේම සීනි (ෆෘක්ටෝස්) හොඳටම වැඩියි. "An apple a day, keeps the doctor away" කියන කියමන බොරුවක්. විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා ඇපල් වල සීනි ප්‍රමාණය, ඇපල් වල තියෙන ෆයිබර් වලින් ජීර්ණය වෙන් නෑ, ඉන්සියුලින් වැඩිපුර ශරීරයේ නිෂ්පාදනය කර ගත යුතුයි කියලා. ඇපල් නිතර කෑවොත්, සෘජුවම දියවැඩියා තත්වයක් ඇති වෙනවා. මැලේසියන් දොඩම් වලටත් බෙහෙත් ගහනවා. මිදි වල සීනි (ෆෘක්ටෝස්) විතරයි වෙන ගුණ දායක කිසි දෙයක් නෑ. ඒ හින්දා ඔය හෙණ ගහන් නැති පළතුරු සෙට් එක කාලා ඉඳපන්.
Deleteබමිබුව තමයි, දේශීය කිය කියා පොකට් එකට අරින එක තමයි කරන්නේ. ආසියාවේ විතරක් නොවෙයි ඉංදියාව, පකිස්ථානය අඩු මිලට ඕන තරම් දෙලුම් කියනව ඒ මිනිස්සුන්ට ඒව කාල හොදට ඉන්නවා. මෙහෙ ටැක්ස් වැඩි කරපු ගමන් දේශිය නිෂ්පාදන මිල වැඩි කරනව. හොද කෑම කන්න නැති නිසා තමයි මන්දපෝෂණය වැඩි වෙලා තියෙන්නේ.
Deleteඅන්නාසි, පැපොල්, අඹ, පේර. අන්නාසි ලංකාවේ රුපියල් දෙසිය පනහයි, අඹ පන්සිය පනහයි, පේර හාරසිය පනහයි, මේව ඉංදියාවෙ, ලංකාවේ මුදලින් රුපියල් සීයක් වත් වෙන්නේ නැහැ. රටට ආදරේ දේශිය ගොවි මුදලාලිලට කියනව සාධාරණ මිලකට විකුනන්න කියල. ඉංදියාව තියන්නෙත් මේ පෘථිවියෙම තමයි.
Deleteලංකාවට වඩා කුඩා රටවල් තියෙනවා, භූමි ප්‍රමාණයෙන්, සහ ජන ගහණයෙන්: ලිතුවේනියා, ලැට්වියා, එස්ටෝනියා, සයිප්‍රස්, කටාර්, ඊශ්‍රායල් වගේ රටවල් වගේම බෲනායි, මාලදිවයින, ජැමෙයිකා වගේ දූපත් රාජ්‍යයන්ද, මෝල්ටා, බහරේන්, සිංගප්පූරුව වගේ ක්ෂුද්‍ර (ඉතා කුඩා) රාජ්‍යයන් ද, කිසිඳු මිළ පාලනය කිරීමක් රාජ්‍ය මැදිහත්වීමකින් කරන් නෑ. වෙළඳපල මඟින් මිළ තීරණය වෙන්න හැරීම තමයි කල යුතු වෙන්නේ. එහෙම නොවෙන අවස්ථාවල කළු කඩ ඇති වෙනවා. කළු කඩ කියන්නේ පාලන මිළට වෙළඳපලේ භාණ්ඩ නැති බවට හිඟයක් ඇති කර වැඩි මිළ ගණන් වලට බඩු විකිණීම (උදාහරණයක් ලෙස මේසෙට ගහපු දා ඉඳන් මේ දක්වා හාල් විකිණීම සිදු කරණ ආකාරය. මෙය හුදෙක් තනි කලු කඩයක් නොව ප්‍රසිද්ධියේ සිදුකෙනෙර මහා පරිමාණ කළුකඩ ජාවාරමකි.) වැඩි මිළට භාණ්ඩ විකිණුවත්, අදාල වෙළඳ බදු ගෙවනු ලබන්නේ පාලන මිලට. ඒ නිසා රජයට බදු මුදල් ලැබීම අඩු වෙනවා. හැබැයි පාලන මිළවල් දාපුවාම බදු සූත්‍රය පහසු වෙනවා. බදු ගණනය පිළිඹඳ සූත්‍රයේ පහසුකමට, වෙනත් හේතු කියා පාමින් පාලන මිළක් දැමීමෙන් රටේ ආර්ථික ප්‍රවර්ධනයට බාධා ඇති වෙනවා.
ReplyDeleteලංකාවට වඩා කුඩා රාජ්‍ය ලෙස සඳහන් කල රටවල් අතුරෙන් වැඩි ප්‍රමාණයක වෙළඳපළ ධාරිතාවය ලංකාවට වඩා ඉතා සුවිශාලයි. ඒ සුවිශාල බව ඔවුන් අත් කරගෙන තිබෙන්නේ වෙළඳපළ ආර්ථිකයන් ක්‍රියාත්මක කිරීම තුළින්. භාණ්ඩ මිළ පමණක් නෙවේ බැංකු ණය පොළී අනුපාත පවා වෙළඳපළ ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ විචලනය වීමට හැරීමෙන් තමයි එම ආර්ථික සංවර්ධනයට ඔවුන් මාවත් විවර කරගෙන තිබෙන්නේ.
අපි ඉගෙන ගනිමින් නානවා
Deleteනනා ඉගෙනගන්නවා
ගොවියන්ට පච කෙලලා උන්ගේ ඡන්දෙ අරන් බලයට ආවාට පස්සේ උන්ගේ ඛොන්ද කැඩුව තමුසෙ ගැන ඊලග ඡන්දෙකදී ගොවියෝ බලාගනීවි.
ReplyDeleteඊලඟ චන්ද? 😃
Deleteකයිය තමා තියෙන්නේ .. තවත් පච විඳිනවා .. මතකද කටිතන් පොට් සිටිය පුරවන්න යන කළු ගල් ගණන් හදලා පෙන්නුවා 😂😂 .. ලංකාවේ තියෙන ගල් මදිවෙයි කිව්වා .. හැබැයි physical science උපාධියක් තියෙනවා ලු .. 😂 මෙහෙම එවුන් ඉතිහාසේ පළවෙනි වතාවට එළිබැස්සේ
ReplyDelete