ඉන්ධන මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..


 අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව, රුපියල් 414ක්ව පැවති ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 399කි.

රුපියල් 495ක්ව පැවති ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 475ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, ලංකා සුදු ඩීසල් (රු. 382.00), ලංකා සුපිරි ඩීසල් (රු. 478.00) සහ ලංකා භූමිතෙල් (රු. 285.00) මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.






Petrol Prices Hiked Following Global Market Adjustments

As of midnight today, the Lanka Mineral Oil Corporation has implemented a revision of petrol prices across Sri Lanka. This adjustment comes in response to fluctuations in global market prices.

The price for Lanka 92 Octane petrol, previously set at Rs. 414 per litre, has been decreased by Rs. 15, bringing the new price to Rs. 399. Meanwhile, Lanka 95 Octane petrol has seen a reduction of Rs. 20, with its new price now recorded at Rs. 475, down from Rs. 495.

Notably, prices for Lanka Super Diesel (Rs. 478), Lanka White Diesel (Rs. 382), and Lanka Bio Diesel (Rs. 285) will remain unchanged, according to a statement released by the Corporation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. පතිරණ ගලප්පත්තිAugust 30, 2026 at 10:52 PM

    දැන් ඉතින් කට උත්තර නෑ. ආණ්ඩුව හරි පාරේ යනවා කියන්ඩ වෙන කිසි දෙයක් ඕනැත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි පැට්‍රොල් ගණන් නිසා මෙච්චර කල් හොර පාරෙද ගොහිං තියෙන්නෙ.
      ආ අමතක උනානෙ ප්‍රමිෂ්කගේ ගෙදර තිබුනෙ ඒ හොර පාරෙනෙ.
      මරු මරේ මරු එල එල පවුසි

      Delete
    2. අනුරට රට පුරා රැස්වීම් තියන්න ටොපියක් විදිහට මේක දුන්නේ. දැනි රදාවුන්ට ලියන්න ලියන්න, කියන්න එක දෙයක් හරි ලැබෙනවා. රැස්වීමට යනවට ජෙප්පෙකුට කීයක් දෙනවා ද? මාලිමා බූරුවෙකුට කීය ද?

      Delete
    3. ආණ්ඩුව කව්රු හදපු හරි පාරෙද යන්නේ රෙණ පත්තියෝ! රනිල් ගෙ පාරෙ නේද?

      Delete
  2. බොරු කිය කිය රට වටේ යන්න වෙලානේ එවෙලට මොනවා හරි පුරාජේරුවක් කියන්න තියෙන්න එපැයි

    ReplyDelete
    Replies
    1. බඩහැලගේ අනිල් සේනාධීරAugust 31, 2026 at 1:07 AM

      හොඳක් කෙරුවත් වැරදියිනෙ.

      Delete
  3. මේක කාටද වාසි.. පෞද්ගලික වාහන.. ත්‍රීවීල් වලට..
    බස්, කෝචිචි.. ලොරි .. වල ගාස්තු ඒ විදියමයි..
    පිටි ගණන් ගියා.. පාන් ගෙඩිය.. shorteats.. කෙක්.. බනිස් .. රොටි .. ඔක්කොම ගණන් යනවා

    දැන් කොමිස් කාරයො, හොරු,

    මන්ත්‍රී පැන්ෂන්, නැති හින්දා ඔක්කොම අඩු වෙන්න ඕනේ 😂

    ටිං ටිං ගේ ඩොලර් බිලියන 2 මාසයක් ගානේ එනවා.. ණය ගෙවලා දැන් ඉවර වෙන්න ඕනේ ..😂

    ආහාර, සෞඛ්‍ය, වැට් කපලා තියෙන්නේ 😂

    ඒත් අපි මාලිමාව ට

    ReplyDelete
  4. පෙට්‍රොල් අඩු කලානෙ 15යි. දැන් ටුක් වල ගාණ එහෙම අඩු වෙනවාද. නැ.... අනිකුත් මිලවල් එකක්වත් පහළ ගිහින් නැ. නියාමනයක් නැ.. ඩීසල් අඩු කලා කියල බස් ගාස්තු අඩුවක් වෙන්නෙත් නැ අනිකුත් කිසිම ගාස්තුවක් අඩු වෙන්නෙත් නැ. තාම තියෙන්නෙ ගල් අගුරු වල පාඩුව මකා ගන්න මිනිස්සුන්ට කරන්ට් එක දෙන්න ඔනි නිසා ඩීසල් පුච්චලා හරි කරන්ට් එක දෙන එක... ඒ නිසා පෙට්‍රොල් ඇයි අඩු කලෙ කියලත් හිතෙනවා.

    ReplyDelete
  5. ඉන්දන මිල ඉස්සරහට හිතා ගන්න බැරි ගානකින් උඩ යනවා. පචයාගෙ රැස්වීම් වලට කලින් හිච්චක් අඩු කරා. තාම මුන්ට සට්ටඹිකම් කරන එවුන් ඉන්නවා.

    ReplyDelete
  6. ජනමත විචාරණය ෂුවර් වගේ ! හිකිස්!
    ඉස්සරම් මේ දේවල් ගැන පචයා විපක්සේ ඉද්දි දැනුවත් කරලා තියෙන නිසා අපි ඕවාට අහු වෙන්නේ නෑ

    ReplyDelete
Previous Post Next Post