දුප්පතුන් නැති කරන්න වේගවත් වැඩපිලිවෙලක් යනවා..- මහින්ද ජයසිංහ


 මෙරට ජනතාව වෙනුවෙන් රජය භාරගත් වගකීම කුමන බාධක මධ්‍යයේ වුවද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රට ගොඩනැගීම වෙනුවෙන් 'ක්ලීන් ශ්‍රී ලංකා' සහ පසුගිය 8 වනදා ආරම්භ කළ 'අත්තම' වැනි වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියාත්මක බවත්, විශේෂයෙන්ම මෙරට ජනගහනයෙන් සියයට 25ක් වන දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා 'ප්‍රජා ශක්ති' වැඩසටහන හරහා වේගවත් පියවර ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.

මතට එරෙහි ජාතික ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ දේශපාලනඥයන්ට තිබූ සබඳතා වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම කපා හැර ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

ගල් අඟුරු ගනුදෙනු හෝ වෙනත් මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඒ මහතා, රජයේ කිසිදු සාමාජිකයෙකු එවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නොමැති බවට සහතික විය.

රජයේ අඩුපාඩු පෙන්වා දෙන්නේ නම් ඒවා නිහතමානීව පිළිගෙන නිවැරදි කර ගැනීමට සූදානම් බවත්, දූෂණයට එරෙහිව රජය ගෙන යන සටන කිසිසේත් නතර නොකරන බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Deputy Minister Mahinda Jayasinghe Affirms Government's Commitment Amid Challenges

Deputy Minister Mahinda Jayasinghe emphasized the government's unwavering commitment to advancing the nation despite numerous challenges. Speaking at a public gathering, he highlighted ongoing initiatives aimed at national development.

Among the key programs already in action are 'Clean Sri Lanka' and 'Aththama', launched recently on October 8. These initiatives are particularly focused on uplifting the vulnerable population, which constitutes 25% of the country's demographics, through accelerated actions under the 'Praja Shakti' program.

Addressing the issue of national drug trafficking, Jayasinghe asserted that the current administration has entirely severed ties between politicians and drug-related activities. He pointed out that law enforcement against police officials and senior government officers involved in drug trafficking is being enforced rigorously.

Responding to allegations regarding coal trade or other financial misconduct, he categorically denied any involvement by government members in such corrupt practices, assuring that there are no links to these activities.

Furthermore, he stated that if any shortcomings in governance are highlighted, the government is ready to humbly acknowledge and rectify them. Jayasinghe reaffirmed that the battle against corruption will persist uninterrupted.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. දුප්පතුන් නැති කරන්න වේ..ඒ..ඒ..ගයෙන් ගොහිං හොරචාර්ය කෙටිකතානායක රංවල කුඩා ළමයෙකුයි මහළු මවකුයි හැප්පුවා

    ReplyDelete
  2. දුප්පතුන් වේගයෙන් නැති වෙන බව අපිටත් පේනවා. ඔක්කොම දුප්පත් උන් ටික කන්න නැතුව, වතුර නැතුව මැරිල ගිහින් ඉතුරු ටිකත් වහ බීලා, බෙල්ලෙ වැල දාගෙන මැරුනම දුප්පතුන් නැති වෙනවා. මැද පන්තියේ උන් තමයි ඊලඟට.

    ReplyDelete
    Replies
    1. දුප්පතුන් විතරක් නෙමේ සාමාන්‍ය ව්‍යාපාරිකයොත් හාන්සියි.
      මිනිස්සුන්ට ඡන්දත් නැහැ. විකල්පත් නැහැ. මිනිස්සු හරිම අසරණයි.

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 25, 2026 at 1:03 AM

      උඹ කොයි පංතියේද? කමෙන්ට් කොටන්නේ මැරිලා නැති හින්දා නේ? උඹට ලොකු අවුලක් නැත්නම් අනික් එවුන්ටත් ලොකු අවුලක් තියෙනවා වෙන්ඩ බෑ. නිකම් ඩ්‍රාමා ක්වීන් නොවී හිටපන් බොරුවට අඬන් නැතුව.

      Delete
    3. පතිරණ ගලප්පත්තිAugust 25, 2026 at 1:13 AM

      මචං දුරයෝ, බලහන්කො ඒකෙත් වැඩේ හැටි කියන්නෙ චීත්ත කොබාට දුප්පත්කම නැතිකරන්ඩ මතක් වෙලා තියෙන්නෙ ජනමත විචාරනයක් ලඟ එනකොටනෙ.

      Delete
  3. අනුරාධපුර පොලොන්නරුව ඇතුලු වියලි කලාපෙ උන් ටික නම් වේගෙන් ඉවර වෙන බව අපිට පේනවා.
    හාල් වලටත් හොඳ මිලක් දීලා අන්න උන් ඉන්නේ ඔයාලා ඒ පැත්තට එනකන් පොලු එහෙම ලෑස්ති කරගෙන.

    ReplyDelete
  4. දුප්පතුන් නැති වීගෙන තමා යන්නේ 😂😂 තව ටික කාලෙකින් උන් කන්ඩ බොන්ඩ බෙහෙත් නැතුව මැරෙනවා.. වැඩි ගානක් අලුත් ඩෝබි පවුල් ..
    තොපි වගේ බොරුව කරන් හිඟා කනවා කියකිය හිටපු කොටි පති ඉතුරුවෙනව

    ReplyDelete
  5. නියමයි සහෝදරයා. අපි මේක හදනවා මයි

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 25, 2026 at 5:14 AM

      හදනවා, හදනවා. දැක්කනෙ පවුලගෙ රස්සාවෙන් ජීවත්වුන ලාල් කාන්ත සහෝදරයා ඇමතිවෙලා අවුරුදු දෙකයි ගියෙ. කොහොමද කඩුවෙල, ජුසේ මාවතේ හදපු තට්ටු තුනේ සුවිසල් මන්දිරය. අවුරුදු පහම හිටියොත් කොහොමට හදයිද? 

      Delete
    2. අනේ කියන්නෙ, අලුතෙන් ජොකක් ගන්ඩ සල්ලි නැති හින්ද හිල් ජංගි ඇඳපු හඳුන්නෙත්ති සහෝදරයගෙ
      දුවටත් උගන්නන්නෙ එංගලන්තෙ විශ්ව විද්‍යාලෙකට යවල. 

      Delete
  6. You all are getting richer day by day because you all inherited lot of valuable properties from your super rich parents.

    ReplyDelete
    Replies
    1. True. Lal Kanthas' parents are super rich, because he snatched gold chains from passengers travelled in busses and trains.

      Delete
  7. මෙච්චරකල් ඉඳල දැන්ද හකුරට ඇහැරිලා තියෙන්නෙ?

    ReplyDelete
  8. නොදකින් විතරක් wasalaya.

    ReplyDelete
  9. මුන් මොන ලෝකේ ඉදන් කතාකරනවද හිතාගන්න බැ

    ReplyDelete
Previous Post Next Post