ට‍්‍රම්ප් ඉරානයෙන් වන්දි ඉල්ලයි..

 


ඉරානය සහ එරට මිත්‍ර පාර්ශවයන් විසින් සිදුකරන ලද විවිධ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ ඇමරිකානුවන් වෙනුවෙන් ඉරානය විසින් වන්දි ගෙවිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයෙන් සිදුවූ හානි වෙනුවෙන් වොෂින්ටනය වන්දි ගෙවිය යුතු බවට ටෙහෙරානය කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි අතර වන්දි ගෙවීම, ඇමරිකානු හමුදා කලාපයෙන් ඉවත් කර ගැනීම, සම්බාධක ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති දේපළ නිදහස් කිරීම ප්‍රධාන වේ.

මේ සම්බන්ධයෙන් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, මින් ඉදිරියට පැවැත්වෙන සියලු සාකච්ඡාවලදී මෙම වන්දි ඉල්ලීම ඇතුළත් කරන ලෙස තමා ඇමරිකානු නියෝජිතයන්ට උපදෙස් දී ඇති බවයි.

"ඉරානය විසින් අටවන ලද බෝම්බ සහ විවිධ ගැටුම් හේතුවෙන් මියගිය සහ බරපතළ තුවාල ලැබූ සියලු දෙනා වෙනුවෙන් මම ඉරානයෙන් වන්දි ඉල්ලා සිටිනවා," යැයි ඔහු එහි සඳහන් කර ඇත.

කලාපීය ගැටුම්වලදී මියගිය ඇමරිකානු සෙබළුන්, ඉරාන විරෝධතාකරුවන්ගේ පවුල් මෙන්ම ලෙබනනය, සිරියාව, යේමනය සහ ගාසා තීරයේ යුද්ධවලින් පීඩාවට පත් වූවන් වෙනුවෙන් මෙම වන්දි ගෙවිය යුතු බව ට්‍රම්ප්ගේ අදහසයි. එමෙන්ම 2000 වසරේදී යේමනයේදී 'USS Cole' නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඉරානය වගකිව යුතු බව ඔහු පෙන්වා දෙයි.

පවතින ගැටුම් හමුවේ ඇමරිකානු සෙබළුන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 500ක් පමණ තුවාල ලබා ඇති අතර, ප්‍රහාරක යානා ඇතුළු ගුවන් යානා රැසක් ද විනාශ වී ඇත. අනෙක් අතට, ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 3,300කට අධික පිරිසක් මියගොස් ඇති අතර ඉන් අඩක්ම සිවිල් වැසියන් බව වාර්තා වේ. මීනාබ්  ප්‍රදේශයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් දැරියන් 120ක් ඇතුළු ළමුන් රැසක් මියයාම ද මෙහිදී කැපී පෙනෙන සිදුවීමකි.

ඉරාන රතු අඩ සඳ සංගමයට අනුව, එරට උත්තරීතර නායක අලි කමේනි ඇතුළු දේශපාලන සහ හමුදා නායකයන් රැසක් මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති අතර, නිවාස ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඇතුළු සිවිල් ගොඩනැගිලි 125,000ක් පමණ විනාශ වී හෝ හානියට පත්ව තිබේ.

ඇමරිකානු ප්‍රහාරවලින් එරට පාලම් සහ ජල පහසුකම් වැනි සිවිල් යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.





Trump Demands Compensation from Iran for American Casualties

In a pointed statement, U.S. President Donald Trump has called for Iran to pay compensation for the American lives lost and injuries sustained due to various attacks by Iran and its allied factions. This demand follows Iran's earlier call for Washington to provide reparations for damage incurred during the U.S.-Israel conflict that started on February 28.

In response to Tehran's request for reparations, President Trump emphasized that any negotiations concerning the reopening of the Hormuz Strait should include compensation from Iran, the withdrawal of U.S. troops, the removal of obstacles, and the release of seized property as key conditions.

Posting on his 'Truth Social' account, Trump instructed American representatives to ensure that the demand for compensation is included in all future discussions. He stated, “I am calling upon Iran to provide reparations for all those who have died and been seriously injured due to bombs dropped and various conflicts waged by Iran.”

Trump's perspective is that such reparations should also extend to American soldiers killed in regional conflicts, the families of Iranian dissidents, as well as those affected by the wars in Lebanon, Syria, Yemen, and the Gaza Strip. He highlighted that responsibility for the attack on the USS Cole in Yemen in 2000 also lies with Iran.

Current conflicts have reportedly resulted in the deaths of 18 American service members and injuries to approximately 500 others, alongside the destruction of numerous aircraft, including attack drones. Conversely, over 3,300 Iranians have reportedly died due to American and Israeli assaults, with a significant portion being civilians. A notable incident involved an attack on a school in the Minab region, which tragically resulted in the deaths of 120 children.

According to the Iranian Red Crescent Society, many political and military leaders, including Northern Commander Ali Khamenei, have been killed in these attacks, with over 125,000 civil structures, including a vast number of homes, reported damaged or destroyed.

Reports indicate substantial damage to civilian infrastructure in Iran, including its bridges and water facilities, as a result of American airstrikes.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. 'අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ ...' කියන්නේ මෙන්න මේ වගේ ඒවට.

    ReplyDelete
  2. කෝ දැන් අර ට්‍රම්ප්ගේ සෙරෙප්පු ලෙවකන්න ලංකාවේ කුක්කා පතිරණ ගලප්පත්ති කියන ගොබ්බයා 😂

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලක්පට්ටි නෙවෙයි යකෝ - 'පට්‍රාන ගොල්ක්පොට්'.
      අන්න එහෙමයි ඉංග්‍රීසියෙන් වැඩ කරලා රටවල් හදන්නෙ.

      Delete
  3. Please tell us precisely the amount you want. We are looking forward to settling it in full by an International Money Order.
    - Khomeini.

    ReplyDelete
Previous Post Next Post