දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් වූ කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 200කි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
එහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ අද වන විට කෘෂිකර්මාන්තය හමුවේ අභියෝග රැසක් පවතින බවයි.
"අද කෘෂිකර්මාන්තයේදී ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා සාධාරණ හා යුක්තිසහගත මිලක් ලබා දීම ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. වෙළඳපොළ තුළ නිසි මිලක් සහ ආර්ථික ප්‍රතිලාභයක් නැත්නම් වගා කරලා වැඩක් නැහැ. පොදුවේ ගත්තාම අපේ රටේ ගොවි ජනතාව දුප්පත්. අපේ අමාත්‍යාංශයට පැවරිලා තියෙන ප්‍රධාන වගකීමක් තමයි ඒ දුප්පත්කම නැති කරන එක."
වාරිමාර්ග කටයුතු වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන්කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් රජයේ වැඩ කටයුතු පවත්වාගෙන යාම අභියෝගාත්මක වී ඇති බවද පෙන්වා දුන්නේය.
"ආගමික නායකයන්ගේ වගකීම මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සරු කිරීම වන අතර, රජයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ලෞකික ජීවිතය ගොඩනැඟීමයි," යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
ගොවීන්ගේ වී අස්වැන්න සඳහා ප්‍රමාණවත් මිලක් ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජයේ ගබඩාවලට පමණක් වී මිලදී ගැනීමට නොහැකි බැවින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් එක් කර ගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා එක් අයෙකුට රුපියල් කෝටි දෙකහමාර බැගින් පොළී රහිත ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ද රජයේ ප්‍රකාශිත මිලටම වී මිලදී ගන්නා බව හෙතෙම සඳහන් කළේය. ගොවීන් මුහුණ දෙන තෙත වී ප්‍රශ්නයට විසඳුම් ලෙස නව තාක්ෂණය ලබාදීමට රජය මැදිහත් වන බවද පැවසීය.
ගොවීන් එකම වගාවකට හෝ කුඹුරට පමණක් සීමා නොවී පශු සම්පත් ක්ෂේත්රය කෙරෙහිද අවධානය යොමු කරමින් ආදායම් මාර්ග විවිධාංගීකරණය කරගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
"අක්කරයකට වී බුසල් 80ක් අරගෙන ලාභ ලබන්න බැහැ. දැන් ලංකාවේ සමහර ප්‍රදේශවල අක්කරයකට බුසල් 200ක් ගන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ අක්කරයකින් ලබන අස්වැන්න වැඩි කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. වගා කරන්නන් වාලේ වගා නොකර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට අනුව වගා කළ යුතුයි."
සත්ව ආහාර සඳහා බඩඉරිඟු ප්‍රධාන භෝගයක් වී ඇති අතර රටේ වසරකට බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් බවත්, ඉතිරි ලක්ෂ 4 ආනයනය කිරීම නතර කර ඒ වෙනුවට සහල් යොදාගැනීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය. සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම මඟින් වී ගොවියාගේ ආර්ථිකය සරු කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වී වගාවේදී රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරද යෙදිය යුතු බවත්, පොහොර සහනාධාරය මෙන්ම වාරිමාර්ග පහසුකම් ලබාදෙමින් රජය ගොවියා ශක්තිමත් කිරීමට බැඳී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බවත්, ඒ සඳහා ගොවි ජනතාවගේද සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය
Restoration Work for Kachchigala Wewa Launched Amidst Agricultural Challenges
The restoration of Kachchigala Wewa, which suffered damage due to the recent disaster in the Kottekachchiya agricultural sector, has officially commenced under the leadership of Minister of Agriculture, Livestock, Land and Irrigation, K.D. Lal Kantha.
This reconstruction project is being executed by the Department of Irrigation under the Ministry of Agriculture, with an estimated budget of 200 million rupees.
The event saw the participation of various political representatives, including Minister of State for Agriculture, Chandan Abeyrathne, and Member of Parliament for Puttalam, Ajith Gihan, alongside numerous state officials.
In his address, Minister K.D. Lal Kantha highlighted the numerous challenges currently facing the agriculture sector. He emphasized that ensuring fair and rational pricing for farmers' products has become a significant obstacle. "Without proper pricing and economic return in the market, farming becomes futile. Generally, our farmers are impoverished. It is our ministry's foremost responsibility to eradicate this poverty," he noted.
Lal Kantha pointed out that the government has allocated substantial funds for irrigation projects, but ongoing vacancies in the public service are complicating the implementation of government projects.
Addressing the need for appropriate prices for farmers' paddy harvests, the minister mentioned that the government would not only acquire rice for state granaries but is also facilitating interest-free loans of up to 2.5 million rupees through the state treasury for small and medium-scale paddy mill operators. He also assured that larger mill operators would purchase rice at government-fixed prices. In a bid to resolve the issues concerning wet paddy, the government plans to introduce new technologies for farmers.
Stressing the importance of diversifying income sources beyond traditional crops, the minister pointed out that farmers should not limit themselves to a single type of cultivation or farming methods.
"Harvesting 80 bushels of rice per acre is not profitable. In certain regions of Sri Lanka today, yields can reach 200 bushels per acre. Under the guidance of the Department of Agriculture, we are launching a program to increase yields per acre. Farmers should follow the department's recommendations instead of resorting to haphazard planting," he asserted.
The minister noted that cowpeas are a primary crop for livestock feed, stating that the country's yearly demand is 700,000 metric tons, while local production stands at only 300,000 metric tons. Steps are being taken to halt the import of the remaining 400,000 metric tons and substitute rice instead. He mentioned that producing other products from rice could financially secure rice farmers.
He further stated the necessity of applying both chemical and organic fertilizers in rice farming, asserting that the government is committed to strengthening farmers by providing not only fertilizer subsidies but also irrigation facilities.
Ultimately, Minister K.D. Lal Kantha reiterated that the primary mandate of the ministry is to ensure food security and strengthen the farmers' economy, emphasizing the need for active participation from farmers as well.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නිකන් යෑ ගල්වැ ද්දෝ කියන්නේ මුන්ට. අනාගතයක් නෑ ඔහේ එදා වේල හොයාගෙන ජීවත් වෙනවා. දැන් වැදි ජනතාවත් එහෙම නෑ, ඒ මිනිස්සුත් අනාගතේ ගැන හිතනවා. මේ ගල් වැද්දෝ...වඳුරන්ගෙන් බණ අහලා දළඳා මාලිගාවට බෝම්බ ගහපු එවුන්.
ReplyDeleteranil rajapakshla ratata අනාගතයක් hadala thibbanam ada ubala mehema adanne neha neda
Deleteපාපිස්සට ධාතු ටිකක් වඩම්මලා දෙන්නද හයියෙන් සාධුකාරයක් කියන්න
Delete😂😂😂
DeleteRanil rajapaksa ratata anagathayak hadala tibuna. ratee inna gonnu tikak mee kalakanninta balaya deela eva nathi karala damma.
DeleteSaagala kapamu da?
Deleteපුංචම්මගෙ පුකේ අරිනවද, ප්‍රමිශ්කගෙ කටට දෙනවද?
Delete😁😁😁😁😁😁😁😁
ReplyDeleteලෞකික ලෝකෝත්තර දන්නෙ නැති නරි. මෝඩකම ඉහවහ ගිහින්
ReplyDelete