තවත් ලෙඩක් රනිල්ගේ ඇගේ හපේ.. ඥාති පුතෙක් බාර් පර්මිට් විකුණලා..


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකුට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදී ඇති බවත්, ඔහු එය සිය මිතුරන් දෙදෙනෙකුට අලෙවි කර කෝටි ගණනක මුදලක් උපයා ඇති බවත් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙරට පවතින්නේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 13ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් බවත්, එවැනි වටිනා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයාගේ ඥාති පුත්‍රයාට මෙම බලපත්‍රය ලබාදීම පිටුපස බරපතළ දූෂණයක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නිරංජන් කුමාර මහතා ද අදහස් දැක්වීය.

ඔහු හිටපු ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමයේ සභාපතිවරයා අතර පවතින සමීප සබඳතාවය ඡායාරූප සාක්ෂි සහිතව විවේචනයට ලක් කළේය.

පාතාල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගත් බවට චෝදනා එල්ල වූ නීතිඥයන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිඥ සංගමය මෙතෙක් නිසි විනය පියවරක් ගෙන නොමැති බව ද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.

මෙම දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම ගම් සහිත සියලු තොරතුරු ඉදිරියේදී රටට හෙළි කරන බව ද එම නියෝජිතයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.





Allegations of Corruption Surrounding Former President’s Relative’s Liquor License

Serious allegations have emerged regarding a liquor production license granted to a relative of former President Ranil Wickremesinghe. Sanjaya Mahavaththa, the coordinator of the Civil Intelligence Front, claims that the individual profited substantially by selling the license to two friends.

Mahavaththa made these comments at a media briefing held in Colombo, where he highlighted the scarcity of liquor production licenses in the country, with only 13 existing. He emphasized that obtaining such a valuable license typically requires a significant financial investment.

He further asserted that the issuance of this license to the former president's relative indicates severe underlying corruption. Mahavaththa indicated that a formal complaint would be lodged with the Commission to Investigate Allegations of Bribery or Corruption in the coming week.

Also speaking at the media event was opposition member Niranjan Kumara, who criticized the close ties between the former president and the chairman of the Bar Association, providing photographic evidence to support his claims.

Concerns were raised regarding three lawyers accused of receiving kickbacks from mafia members, with Kumara questioning the Bar Association's lack of disciplinary action against them so far.

The representatives reiterated their commitment to revealing all details related to these allegations of corruption and inefficiency to the public in the near future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. පතිරණ ගලප්පත්තිAugust 28, 2026 at 11:07 PM

    මේක නම් අනිවාර්යෙන් හොයන්ඩම ඕනෑ....! එක පාරක් අර්ජුන් මහේන්ද්‍රන් හින්දා බැනලා බැනලා එලවලා දැම්මා, මෙදා පාර මේ පුතා හින්දා බැනලා බැනලා එලවලා දානවා.


    පසු සටහන:
    ==========

    බැඳුම්කරයේදි සිද්ධ වුණේ ඇලෝෂියස් ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රජයේ බැඳුම්කරයක ආයෝජනය කිරීමයි, ඒ කියන්නේ ඇලෝෂියස් ගෙන් රජය ණය මුදලක් ගත්තා.

    ප්‍රශ්ණේ වුණේ මේකේ පොලී අනුපාතිකය තරඟකාරී වුණේ නෑ, හේතුව වෙනත් ආයෝජකයෝ එම බැඳුම්කරයට ලංසු ඉදිරිපත් කරලා තිබුණේ නැති නිසා. මේ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස් විතරක් ඉදිරිපත් කරපු ලංසුවට රජය එම සමාගමේ මුදල් පොළියට ගත්තා. නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑණා නිසා ඒ සමාගමට අදාල බැඳුම්කර එළි දැක්වීම පිළිඹඳ තොරතුර අර්ජුන් මහේන්ද්‍රන් විසින් කලින් ලබා දුන්නා විය හැකි බවත් (insider trading), පර්පෙචුවල් ට්‍රෙෂරීස් පමණක් එම බැඳුම්කරය සඳහා ලංසු ඉදිරිපත් කිරීම එය ඔප්පු කරණ බවටත් යම් පාර්ශවයන් තර්ක කලා. (එම බැඳුම්කරයට ලංසු ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එම අවස්ථාව නොලැබුණු වෙනත් තරඟකරුවෙක්, මෛත්‍රීපාල සිරිසේනට විශාල පගා මුදලක් දී ඒ සඳහා ඔහුව යොමු කරවූ බව දැන් රහසක් නෙවේ. මෛත්‍රීපාලත් ඉතින් පගා මරුවනේ, මතකනේ ජූඩ් ශ්‍රමන්ත ජයමහ ට සමාව දුන්න විදිය).

    කෙසේ නමුත් අධිකරණයට ගිය මෙම චෝදනාව නිසා රජය අදාල බැඳුම් කරයට ආපසු ගෙවීම ක්ෂණිකව නතර කලා. එකම වාරිකයක් වත් ආපහු පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකට ගෙව්වේ නෑ. ඒ නිසා රජයට තඹ දොයිතුවක පාඩුවක් වුණේ නෑ. පසුව නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කොට නිදහස් කලා. ඇලෝෂියස් වත් නිදහස් කලා (ඔහු වැරදි කරු වුණේ වෙනත් බදු නොගෙවීම සම්භන්ධ නඩුවකට), ඒත් මේ මුදල් තව අදටත් ඇලෝෂියස් ගේ සමාගමට රජයෙන් ගෙවා නෑ. මේ නිසා ඇලෝෂියස් ගේ සමාගමට තමයි පාඩු වුණේ ලංකා රජයට නෙවේ.

    අර්ජුන් මහේන්ද්‍රන් පත් පත් කිරීමේ කටයුත්ත මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කලත්, අර්ජුන් මහේන්ද්‍රන් ව එම තනතුර සඳහා යෝජනා කිරීම රනිල් විසින් සිදු කිරීම නිසා එම සිදු වීම දඩමීමා කරගෙන රනිල් ට මඩ ගහලා ගෙදර යැව්වා, ඒ ඇර වෙන දෙයක් වුන් නෑ.

    ReplyDelete
    Replies
    1. ගොන් පකයො තෝ රචනා ලිව්වට මෙලෝ යකෙක් කියවන්නෙ නෑ

      Delete
    2. හා බං එළ

      Delete
    3. පතිරණ ගලප්පත්තිAugust 29, 2026 at 1:26 AM

      ඔය කියෝලා තියෙන්නේ තොපි දෙන්නම.

      Delete
    4. දැනුවත් කිරීමට ස්තුතියි පතිරණ.

      Delete
  2. "සිවිල් බුද්ධි පෙරමුණ" 😂😂😂

    ReplyDelete
Previous Post Next Post