රුමේෂ් තරංග ලක්මව රනින් යලි සරසයි.. ස්විට්සරලන්තයේදී ලෝක ශූරයාත් පරදවයි..


 ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (22) සමත් විය.

ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ මෙම තරගයේදී රුමේෂ් තරංග මීටර් 88.14ක දුරක් හෙල්ල විසිකරමින් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කළේය.

විශේෂත්වය වන්නේ ලෝක ශූරයෙකු වන ඉන්දියාවේ නිරාජ් චොප්රා පරාජය කරමින් රුමේෂ් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමයි.

එහිදී නිරාජ් චොප්රාට තරගයේ දෙවන ස්ථානය හිමිවූ අතර, ග්‍රේනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් තෙවන ස්ථානය දිනා ගත්තේය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ඩයමන්ඩ් ලීග් තරගාවලියකදී වාර්තා කළ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක්වේ.





Rumesha Taranga Claims Victory at Diamond League Event in Switzerland

Sri Lankan athlete Rumesha Taranga clinched first place in the men's javelin throw at the Diamond League meet held in the city of Lausanne, Switzerland, today (22).

Demonstrating exceptional skill, Taranga launched the javelin to a remarkable distance of 88.14 meters, showcasing his talent among a host of world-class competitors.

Notably, this victory comes with the significant achievement of defeating reigning world champion Neeraj Chopra from India, who finished in second place. Grenada's Anderson Peters secured the third spot in a competitive field.

This remarkable win marks a historic moment for Sri Lankan athletics, as it records a unique achievement by a Sri Lankan athlete in the prestigious international Diamond League events.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ජය වේවා කොල්ලො. දැං ඉතිං ඔලිම්පික් තමයී!
    රටේ හැම දේම දියුණු වෙනවා දකින එක තමයී රටෙන් පිට හිටියත් අපේ එකම ප්‍රාර්ථනාව!

    ReplyDelete
  2. ජයවේවා!

    ReplyDelete
Previous Post Next Post