කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට (21) දින වන විට ලගා වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පැවසීය.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි -0.6 1/2ක් දක්වා ලගා වි ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 4ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.7ක් දක්වා ලගා වී ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 2.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.
එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යැමත් සමග කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි එම විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගාඩ්මෝර්, මරේ දිය ඇල්ල, මෝහිණි ඇල්ල, සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන්දි ඇළිවල කඩා හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.
රංජිත් රාජපක්ෂ
Heavy Rains Impact Water Levels in Kasalri and Mawussakale Reservoirs
Recent heavy rains have significantly affected the water levels in the Kasalri and Mawussakale reservoirs, as reported by hydrology engineers overseeing the area. These conditions have led to a notable influx of water, raising levels considerably.
The Kasalri reservoir has recorded a drop of 0.6 feet from its spill point, while in the last 24 hours, it received 4 millimeters of rainfall. Meanwhile, the Mawussakale reservoir experienced a decrease of 3.7 feet from its spill point, with 2.5 millimeters of rain recorded within the same timeframe.
With the rising water levels in both reservoirs, the capacity of several hydroelectric facilities such as Lakshapana, New Lakshapana, Polpitiya, and Wimalasurendra is being maximized to meet energy demands. Engineers in charge of these plants have confirmed their operation at full capacity.
Moreover, the intense rainfall has also resulting in overflowing conditions in multiple catchment areas, including Gadmore, Mare Falls, Mohini Falls, and the Senkler and Devon rivers, which have seen increases in their water flow levels.
Observations indicate that the heavy downpours are not only elevating water levels but also creating potential challenges for local management of these resources as they navigate the additional strains posed by this weather pattern.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
