සයිබීරියාව සහ කොළඹ යා කරමින් නව ගුවන් ගමන්


 රුසියාවේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවාවක් වන S7 Airlines, සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් (Novosibirsk) නගරය සහ කොළඹ අතර නව ජාත්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙම නව ගුවන් ගමන් වාර එළඹෙන දෙසැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

සතියකට දෙවරක්, එනම් සෑම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

නොවොසිබිර්ස්ක් සිට කොළඹ දක්වා ගමන් ගන්නා මෙම ගුවන් යානා ඉන්දියාවේ ජායිපූර් (Jaipur) නගරයේ තාක්ෂණික නැවතුමකට (Technical stop) යොමු කෙරෙන අතර, සමස්ත ගමන් කාලය පැය 10ක් පමණ වනු ඇතැයි ගුවන් සමාගම පවසයි.

ගුවන් ගමන් කාලසටහනට අනුව, නොවොසිබිර්ස්ක් හි ටොල්මචෙවෝ (Tolmachevo) ගුවන් තොටුපළෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 5.15ට සහ ඉරිදා පෙරවරු 5.00ට පිටත්වන ගුවන් යානා, එදිනම පස්වරු 1.40ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතය.

යළි කොළඹ සිට නොවොසිබිර්ස්ක් බලා එම දිනවලම පස්වරු 2.50ට පිටත්වන ගුවන් යානා පසුදා අලුයම 2.15ට සිය ගමනාන්තය වෙත ළඟා වනු ඇත.

මෙම නව ගුවන් මාර්ගය සඳහා වන ගුවන් ටිකට්පත් මේ වන විටත් අලෙවිය සඳහා නිකුත් කර ඇති බව S7 ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම නව සේවාව හරහා රුසියානු සංචාරකයින්ට සෘජුවම මෙරටට පැමිණීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.





S7 Airlines to Launch New Direct Flights from Novosibirsk to Colombo

Russian airline S7 Airlines is set to commence a new international flight service connecting Novosibirsk, Siberia, with Colombo. The inaugural flights are scheduled to start on December 20.

The service will operate twice a week, with flights planned for Thursdays and Sundays.

Passengers traveling from Novosibirsk to Colombo will have a technical stop in Jaipur, India, with the total travel time estimated to be around 10 hours, according to the airline.

Based on the flight schedule, aircraft will depart from Tolmachevo Airport in Novosibirsk at 5:15 AM on Thursdays and 5:00 AM on Sundays, arriving at Bandaranaike International Airport in Katunayake at approximately 1:40 PM on the same day.

Returning flights from Colombo to Novosibirsk will leave at 2:50 PM, landing at their destination the following day at 2:15 AM.

S7 Airlines has announced that tickets for this new route are already available for sale, anticipating increased opportunities for Russian tourists to visit Sri Lanka directly.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඒක හොඳයි. ඒ ප්‍රදේශයේ සීත කාලෙදි ලංකාවට ඇවිත් යන්න පුලුවන්.

    ReplyDelete
  2. වසුරුගන්ධ බේරේ ගූ නෑ රාළලා ගේ පජාතබණ්ඩාර වසුරුගන්ධAugust 28, 2026 at 11:16 PM

    උනුත් ඇවිල්ලා ඉතුරු රුසියන් කාරයෝ එක්ක එකතු වෙලා කැන්ටින් දායි, මසාජ් ක්ලිනික් දායි, තේ කඩ දායි, කසිප්පු පෙරයි, මාළු අල්ලයි, බීලා නටයි, පාරවල් වල ගහ ගනී, රුසියන් භාෂාවෙන් සින්දු කියයි (ඒක නම් කමක් නෑ), පච්ච කොටයි, හිඟා කයි, තැඹිලි විකුණයි, තව වෙන මොනවද කරයි කියලා හිතෙන්නේ?

    ReplyDelete
Previous Post Next Post