2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හරහා හඳුන්වා දුන් වඩාත්ම වැදගත් විනිවිදභාවය හා වගවීම ඇති කිරීම සඳහා ඉවහල් වන ප්‍රතිසංස්කරණවලින් එකක් වන, වත්කම් සහ බැරකම් ප්‍රකාශන වෙත මහජනයාට ඇති ප්‍රවේශය දුර්වල කෙරෙන යෝජිත සංශෝධන ඉල්ලා අස්කර ගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.
තම වත්කම්-බැරකම ප්‍රකාශ කිරීම මගින් මහජනයා වෙතින් බලය ලබා ගෙන ඇති තැනැත්තන් ස්වකීය වත්කම්, බැරකම් සහ මූල්‍යමය හිමිකම් හෙළිදරව් කිරීම අනිවාර්ය කර ඇත. හෙළිදරව් නොකළ වත්කම්, බැඳියාවන් අතර ගැටුම් සහ දූෂණයෙන් උපයාගත් වත්කම් සැඟවීමට එරෙහි ප්‍රධාන ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියා කරයි. දූෂණ විරෝධී පනත යටතේ, මෙම ප්‍රකාශන පරිපාලනය කිරීමේ සහ ඒවායේ සංස්කරණය කරන ලද (සංවේදී තොරතුරු වසන් කරන ලද) පිටපත් මහජනතාව වෙත ලබා දීමේ මධ්‍යම බලධාරියා ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) කටයුතු කරයි.
වත්කම්-බැරකම් ප්‍රකාශන මහජනතාවට ප්‍රසිද්ධියේ භාවිත කිරීමට අවකාශ ලබා දීම, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී සටන් මගෙහි තැබූ දැවැන්ත ප්රගාමී පියවරකි. ‘මහජනයාගේ බලය භාවිත කරන තැනැත්තන් මහජනතාවගේ නිරීක්ෂණයට විවෘත විය යුතුය’, යන මූලධර්මයට ප්‍රායෝගික අර්ථයක් ලබා දීමට එය සමත් විය. මෙම වත්කම් බැරකම් ප්රකාශනවලට අර්ථවත් ප්‍රවේශයක් පැවතීම මගින් මාධ්‍යවේදීන්ට, සිවිල් සමාජයට, විද්වතුන්ට සහ පුරවැසියන්ට, අදාල තැනැත්තන්ගේ වත්කම් හා බැරකම්වල පවතින පරස්පරතා හඳුනා ගැනීමටත්, ඇති විය හැකි බැඳියාවන් අතර ගැටුම් හෙළිදරව් කිරීමට හැකියාව ලැබේ.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් ඔවුන්ගේ නීත්‍යනුකූල ආදායමෙන් පැහැදිලි කළ හැකිද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමටත් හැකියාව ලැබේ. මෙවන් මහජන අධීක්ෂණයකින් තොරව, වත්කම් – බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ක්‍රියාපටිපාටියක් පවත්වා ගෙන යාම වනාහි, වගවීම සඳහා වන සඵලදායී මෙවලමක් පවත්වා ගන්නවා වෙනුවට, හුදු නාමමාත්රික පරිපාලනමය මෙවලමක් නඩත්තු කිරීමක් පමණි.
2026 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මෙම ප්‍රතිසංස්කරණය ආපසු හැරවීමට ලක් කර ඇත.
වඩාත්ම බැරෑරුම් කරුණ වන්නේ, පනත මගින්ම මහජනතාව වෙත විවෘතව ලබා දී ඇති තොරතුරු, මහජනයා විසින් භාවිත කිරීම මෙම පනත් කෙටුම්පත මගින් අපරාධ වරදක් කිරීමයි. කෙටුම්පතට අනුව වත්කම්-බැරකම් ප්රකාශනයක් භාවිත කිරීම පනතෙහි නිශ්චිතව දක්වා ඇති ආයතනයකට හෝ නිලධාරියෙකුට ඉදිරිපත් කිරීමට පමණක් සීමා කර ඇති අතර, ඒ මගින් මහජන අධීක්ෂණය, ආණ්ඩුකරණයේ වගවීම සහතික කිරීම සහ දැනුවත් මහජන කතිකාවතකට ඉඩකඩ සලසන මෙවලමක ඇති අර්ථසහගත බව හා අරමුණ අහෝසි කර දමයි.
නීත්‍යනුකූලව මහජනතාව වෙත විවෘත කර ඇති තොරතුරු භාවිත කිරීම අපරාධයක් බවට පත්කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ප්රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. එමෙන්ම, සැඟවූ වත්කම්, බැඳියාවන් අතර ගැටුම් සහ ධුරයන් අවභාවිත කිරීම් හෙළිදරව් කරගත හැකි සමස්ත මහජනයාගේ සක්‍රීය නිරීක්ෂණය හා විමසිලිමත්භාවයම අධෛර්යමත් කිරීමටද මෙය හේතු වනු ඇත.
තවද, පැහැදිලි නිර්ණායක පැනවීමකින් තොරව, පෞද්ගලිකත්වයට හානි වන බවට සලකනු ලබන ඕනෑම තොරතුරක් සංස්කරණය කිරීමට (වසන් කිරීමට) ඇති පුළුල් බලය මෙම පනත් කෙටුම්පත මගින් මධ්‍යම බලධාරියා වන අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිශන් සභාවට පැවරේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, අර්ථවත් මහජන අධීක්ෂණයකට අත්‍යවශ්‍ය වන තොරතුරු පවා මහජනතාවගෙන් සඟවා තබා ගැනීමේ බරපතල අවදානමක් නිර්මාණය වේ. මහජන බලය භාවිත කරන තැනැත්තන්ගේ මූල්‍යමය හිමිකම් පිළිබඳව සාධාරණ ලෙස තක්සේරු කිරීමට මහජනතාවට නොහැකි වන පරිදි මෙම ප්‍රකාශනයන්හි සංවේදී තොරතුරු අධික ලෙස ඉවත් කරන්නේ නම්, එවැනි මහජන ප්රවේශයකින් ඇති සඵලදායීබව අවමය.
මෙයට අමතරව වත්මන් දූෂණ විරෝධී පනතට අනුව වත්කම් -බැරකම් ප්‍රකාශකයා සමඟ අවම වශයෙන් මාස හයක්වත් එකට ජීවත් වූ තැනැත්තෙකුගේ වත්කම් සහ බැරකම් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව මෙම පනත් කෙටුම්පත මගින් ඉවත් කරනු ලබයි. යම් රාජ්‍ය නිලධාරියෙක් අදාළ වත්කම් පාලනය කිරීම, භාවිත කිරීම හෝ ඒවායින් ප්රතිලාභ ලැබීම සිදුකරන අතරතුර, එම වත්කම්, අදාළ නිලධාරියා සමග වෙසෙන සහකරුවෙකුගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ නමට පැවරීමේ හැකියාව පවතී.
මෙම තොරතුරු ඉවත් කිරීම මගින් වත්කම් සැඟවීම සඳහා පැහැදිලි මාර්ගයක් විවර වන අතර, ප්රකාශනවල නිරවද්‍යතාව තහවුරු කිරීමටත්, සැබෑ ප්‍රතිලාභී හිමිකාරිත්වය හඳුනා ගැනීමටත්, නීත්‍යනුකූල නොවන හෝ නුසුදුසු ලෙස උපයාගත් වත්කම් සොයා ගැනීමටත් බලධාරීන්ට මෙන්ම මහජනතාවට ඇති හැකියාව තවත් දුෂ්කර කරනු ලබයි.
දූෂණයට එරෙහිව සටන් කිරීම සහ පාරදෘශ්‍යභාවය හා වගවීම ශක්තිමත් කිරීමේ පැහැදිලි ප්‍රතිපත්ති ප්රකාශනයක් පෙරදැරිව වත්මන් රජය බලයට පත්වූ පසුබිමක, මෙම සංශෝධන ගෙන ඒම වඩාත් කනගාටුදායකය. විශේශයෙන්ම දූෂණයට රජකම් කිරීමට ඉඩ සලසන රහස්‍යභාවය සහ නීතියේ පවතින හිඩැස් අහෝසි කිරීම උදෙසාම රජය වෙත අදාළ මහජන වරම හිමි විය.
වත්කම් – බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ රාමුව දුර්වල කිරීම එම මහජන වරම සෘජුවම උල්ලංඝනය කිරීමකි. දූෂණ විරෝධී පොරොන්දු මත බලයට පත් වූ රජයකට, වත්කම් සැඟවීම පහසු කිරීමටත්, මහජන නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කිරීම වඩාත් දුෂ්කර කිරීමටත්, ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු භාවිත කිරීමේ අයිතිය ඇති පුරවැසියන් බන්ධනාගාරගත වීමේ අවදානමකට ලක් කිරීමටත් දැන් කටයුතු කළ නොහැකි වෙනු ඇත.
එබැවින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය රජයෙන් ඉල්ලා සිටින්නේ:
• වත්කම් – බැරකම් ප්රකාශනය නීත්‍යනුකූල මහජන හිතකාමී භාවිතය සම්බන්ධයෙන් පැනවීමට යෝජිත සීමා සහ අපරාධමය වරද ඉවත් කරන ලෙසත්;
• වත්කම්- බැරකම් ප්‍රකාශකයා සමඟ එකට ජීවත් වන සහ අන්‍යෝන්‍ය අයිතිවාසිකම් හා වගකීම් බෙදා හදා ගන්නා තැනැත්තන්ගේ පෞද්ගලික තොරතුරු මහජනයාට හෙළිදරව් වීමෙන් ආරක්ෂා කරන අතරම, ඔවුන්ට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා ලෙසත්; සහ
• රඳවා තබා ගත යුතු තොරතුරු මොනවාදැයි තීරණය කිරීමට මධ්‍යම බලධාරියා වෙත පුළුල් බලයක් පැවරීම වෙනුවට, සංස්කරණය කළ හැකි තොරතුරු මොනවාද යන්න නීතියෙන් පැහැදිලිව සහ පටු ලෙස නිර්වචනය කරන ලෙසත්ය.
මහජනයාගේ බලය දරන්නෝ මහජන විශ්වාසය පිළිබඳ පරමාධිපත්‍ය නීති මූලධර්මය යටතේ සිය බලය භාවිත කිරීම වෙනුවෙන්, ඉහළ මට්ටමේ මහජන නිරීක්ෂණයකට යටත් වීමට එකඟ වන සමාජ සම්මුතියකට බැඳී සිටිති. ඒ අනුව, මහජන නිලධාරීන් මහජන නිරීක්ෂණයට යටත් කිරීම සඳහා පැහැදිලි වූත්, ස්ථාපිත වූත් පදනමක් පවතී.
අපහාස කිරීම, හිරිහැර කිරීම සහ ඊට අදාළ වන වෙනත් වැරදි සම්බන්ධයෙන් දැනට පවතින නීති මගින් තොරතුරු අවභාවිතය හෝ අයථා භාවිතය වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් සපයා ඇත. එබැවින්, නීත්‍යනුකූලව ප්‍රසිද්ධියට පත් කර ඇති තොරතුරු අභිමත පරිදි භාවිත කිරීම මත පුළුල් සීමාවන් පැනවීම සඳහා කිසිදු සාධාරණීකරණයක් නොමැත.
තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇති අතර, එබැවින් සියලුම නීති සහ ආණ්ඩුකරණ රාමුව මගින් එම අයිතිය දුර්වල කිරීම හෝ සීමා කිරීම වෙනුවට, එය සඵලදායී ලෙස බලගැන්වීම සිදු කළ යුතුය.
2023 වසරේදී දූෂණ විරෝධී පනත යටතේ අත්කර ගත් ප්‍රගතිය ආරක්ෂා කිරීමටත්, ගෙන එනු ලබන ඕනෑම සංශෝධනයක් මගින් බලයේ සිටින තැනැත්තන් වගකීමට ලක් කිරීමට මහජනතාවට ඇති හැකියාව දුර්වල කිරීම වෙනුවට එය තවදුරටත් ශක්තිමත් කිරීමටත් රජය, පාර්ලිමේන්තුව සහ අදාළ රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුය. වත්කම් ප්රකාශනයන් සඵලදායී වන්නේ ඒවා මගින් අර්ථවත් තොරතුරු හෙළිදරව් කරන්නේ නම් සහ එම තොරතුරු පරිශීලනය කර නිරීක්ෂණය කිරීමට මහජනතාවට නිදහස තිබේ නම් පමණි. ඊට අඩු ඕනෑම පියවරක් මගින්, මහත් වෙහෙසක් දරා අත්කර ගත් මෙම වගවීමේ ප්‍රතිසංස්කරණය හුදු පලක් නැති ක්‍රියාවලියක් බවට පත් කරනු ලබයි.
Transparency International Sri Lanka Calls for Withdrawal of Proposed Amendments to Asset and Liability Declaration Law
In a strong appeal to the government, Transparency International Sri Lanka (TISL) has urged the withdrawal of proposed amendments to the existing asset and liability declaration law, stating that these changes would significantly weaken public access to critical information on officials’ assets and liabilities.
The current legal framework mandates individuals in power to disclose their personal properties, liabilities, and financial interests, serving as a crucial measure to expose undisclosed assets and prevent the concealment of wealth garnered through corruption. Under the Anti-Corruption Act, the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) acts as the central authority managing these declarations and ensuring their dissemination, including sensitive information that has been blacked out.
Providing the public with access to these asset declarations is a significant step forward in Sri Lanka’s battle against corruption. The principle that individuals wielding public power must be open to public scrutiny is practically reinforced through this mechanism. Effective access to these declarations empowers journalists, civil society, academics, and citizens to identify overlaps in officials' assets and liabilities, as well as to expose potential conflicts of interest.
Furthermore, this transparency allows for questioning whether state officials can legitimately clarify their wealth based on their lawful income. Without robust public oversight, continuing the practice of obtaining asset and liability declarations risks becoming a mere administrative formality rather than a genuine tool for accountability.
The proposed amendments, published in a gazette on July 24, 2026, threaten to roll back these vital advancements.
Concerningly, the amendments would criminalize public access to information that is meant to be disclosed to the public. The new legislation would restrict the use of asset declarations solely to specific institutions or officials, effectively undermining public oversight and hindering accountability in governance.
Labeling the use of publicly available information as a crime severely violates the right to information and freedom of expression. It poses a major risk of undermining overall public scrutiny and vigilance, vital in identifying concealed assets, conflicts between liabilities, and abuses of office.
Moreover, the proposed bill grants the CIABOC excessive authority to edit information, including any data considered to infringe on an individual's privacy without clear criteria. This presents a grave danger of hiding vital information necessary for effective public oversight.
As a result, there is a significant risk of keeping essential information from the public, hampering their ability to fairly assess the financial interests of those in power. If sensitive information is excessively redacted, the effectiveness of public access diminishes considerably.
Additionally, the amendments would remove the requirement for disclosing the assets and liabilities of individuals cohabiting with the asset declarant—potentially enabling further obfuscation in ownership and accountability.
This removal opens a clear avenue for concealing assets, making it considerably harder for both authorities and the public to ascertain the accuracy of declarations and identify illegitimate or improperly acquired assets.
Introducing such amendments during a government that came into power under a commitment to combating corruption is particularly disheartening. The prevailing secrecy and loopholes in the law must be addressed appropriately to ensure public trust is preserved.
Weakening asset and liability declarations constitutes a serious infringement on public rights. This legislation, which the government must operate under, appears to be conducive to hiding assets and complicating the scrutiny of public officials' wealth, while placing citizens at risk of prosecution for merely accessing published information.
In light of these concerns, TISL is urging the government to:
• Remove proposed restrictions and criminal penalties related to the legal public use of asset declarations;
• Safeguard the personal information of individuals sharing joint rights and responsibilities with asset declarants while maintaining the necessity for disclosing pertinent information;
• Instead of granting the central authority the broad discretion to decide what information should be withheld, clearly define by law which data can be redacted.
Individuals wielding public power must be accountable to the public under a system of mature oversight. Consequently, there exists a strong basis for public officials to be subjected to scrutiny.
Existing laws already provide necessary provisions to prevent the misuse or unlawful application of information. Therefore, there is no justification for imposing extensive restrictions on the use of publicly available information.
The right to information is enshrined in the constitution, making it imperative that all laws and governance frameworks reinforce rather than weaken this right.
To preserve the advancements made under the Anti-Corruption Act in 2023 and strengthen, rather than undermine, public access, the government, parliament, and relevant state institutions must remain committed to accountability. Effective asset disclosures that reveal meaningful information are only valuable if the public is allowed the freedom to utilize and scrutinize this information. Any step back from this commitment would render the hard-fought reforms a futile exercise.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ශ්‍රී ලංකාවේ මහනුවර රාජකීය පෙරහර සූකෂම ලෙසට මරා දමීමට ,..
ReplyDeleteපෙරහර තුලින් රාජකීයත්වය ඉවත්කරීමට,..
ශ්‍රී ලංකාවේ පෙරහර හුදෙක් ගෝත්‍රික සංදර්ශණයක් , හෝ සමලිංගිකයන්ගේ පාගමනක් බවට පත්කර ඉතිහාසය වළදැමීමට ,..
ශ්‍රීලාංකීය රාජ්‍යයේ රාජකීයත්වයේ මූළ බීජය මරාදැමීමට,..
රජය තුළ සිට සූකෂම ලෙසට ක්‍රියත්මකවන,..
යටත්විජිතයන් සඳහා සූකෂම ලෙස ක්‍රියත්මක වන බටහිර කුමණ්ත්රණකරැවන් පිළිබඳව පවතින රජයේ සහ සබුද්ධික සැමගේ අවධානයට ලක්කරනා අතරම,..
සත්ව හිංසනයට විරැද්ධ පනතක් ලෙසට කඩිමුඩියේ පාර්ලිමෙන්තුවට ගෙන ආ පනත රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවත්,..
අමාණුශික සත්වඝාථනයන් කූඨලෙස මග හැරයමින්,..
අමාණුශික ගව ඝාථන, ඵළුවන් කූකූළන් ඌරන් වැනි සත්වයන් අමණුශික ලෙස සිරකර වදබන්ධනයන්ට ලක්කරමින් ඝාථණය කිරීම කූඨ ලෙස මගහැර සත්ව හින්සනය යැයි පවසා ''ශ්‍රී ලාංකීය රාජකීයතවය නොහොත් ඉතිහාසගත පෙරහර'',...
ප්‍රධාන ඉළක්කය බවට පත්කර ගෙන ඵන ලද වංචනීක නීති සංශෝධනය පිළිබඳව දැඩි පිළිකුල් සහගත අප්‍රසන්න භාවය පවතින රජයට ප්‍රකාශ කර සිටිනා අතරතුර,..
වහාම අදාළ පනතට සාදනීය ලෙසට සියළු සත්ව හිංසනයන් සහ සත්ව ඝාථනයන් වලකාළීම ඇතුලත් කරනා ලෙසටත්,..
ඵසේ සිදු නොවන්නේනම්,..
වහාම පනත අකුළා ගෙනථ සත්‍යවාදීව සමස්ථ සතව ඝාථණයන්ට වදහින්සාවන්ට ඵරෙහිව පනත සංශෝධණය කර ගෙන ඵන ලෙසට අවධාරනය කර සිටිනා අතර,.
''තරැණ භික්ෂූන් දඩයම් කරීමට සහ සමාජයේ නිර්මාණශීළී බුද්ධිමත් තරැණ ප්‍රජාව මර්ධණය කිරීමට පවත්වාගෙන යන කන්සා අව නීතිය පිළිබඳව කිසිඳු අවධානයක් හෝ පසු විපරමක් නොකරනා පවතින රජයේ නව සත්ව හින්සනය පිළිබඳව පනවනා ලද කුමණ්ත්‍රණික අව නීතිය කල්ලතෝනි කළු සුද්දන්ගේ කූඨ කුමණ්ත්‍රණයක් බවත් ,..
දේශීය හෙළ වෙදකම මරා දමා සමස්ථ සමාජයක් ලෙඩුන් බවට පත්කරමින් තරැණ සමාජය දඩයම් කරනා අසාධාරන කන්සා තහනම වහාම අහෝසිකරනා ලෙසත්,..
සමස්ථ ජන සමාජයක් බටහිර ඹෟෂධ මාපියාවේ ගොදුරැ බවට පත්කරනාලද කෘෘර අව නීතිය නොහොත් කන්සා තහනම දිගටම පවත්වාගෙන යන වංචනීක රජයේ කූඨ කල්ලි කන්ඩායම් විසින්,.
ශ්‍රී ලකාවේ පෙරහර කඩා කප්පල් කිරීමට කඩිමුඩියේ නීති පැනවූයේ
ශ්‍රී ලකාවේ රාජකීයත්වයේ සංඛේතය වන සංස්කෘතික පෙරහර මරා දැමීම සඳහාම බව සමස්ථ සබුද්ධික සමාජයේ දැඩි අවධානයට,.!
සත්වහිංසනය පිළිබඳව බුද්ධිමත් සමාජයක් ලෙසට කටයුතු කළ යුතුම බවත්,.
පෙරහැරේ අලි ඇතුන් සඳහා භාවාතා කරනා දම්වැල් වහාම ඉවත්කර,.
පෙර රජකල දවසේ මෙන්ම ''කන්සා ශාකයේ තන්තු වලින් නිර්මාණය කරණාලද වඩා සුවපහසු අළංකාර ශක්තිමත් පටි නිපදවා,..
පෙරහරේ අලියන්ගේ දෙපා අලංකාරවත් වන ලෙසට සහ සුවපහසු ලෙසට ආවරණයක් ලෙසින්,..
රත්වී ගිනියම් වී ඇති කළු තාර අලියන්ගේ සහ මිනිසුන්ගේ පාද පුළුස්සා දමනා බැවින් අලියන්ගේ ඇතුළු සමස්ථ පෙරහරේ ගමන්කරනා පිරිසගේ පාද ආරකෂා කර ගැනීමට ''කන්සා තන්තු වලීන් පාවහන් නිර්මාණය කිරීමට'' දේශීය පාවහන් නිෂ්පාදකයන් වන ''ඩී ඵස් අයි'' ව්‍යාපාරයට වහාම මැදිහත්වන ලෙස දැනුවත් කර සිටිනා අතරම ,.
ශක්තිමත් කන්සා තන්තු භවතා කර නිර්මාණය කර ගන්නා අලියාගේ පාවහන් අන්තර්ජාතික වශයෙන් ආකර්ෂණය දීනාගන්නාලෙසට සුව පහසුව සහ පාදවල ආරකෂාව සපයනා පරිදි නිර්මාණය කරනා ලෙසත්,.
අලියාගේ පාද වල හානිකර චළණයන් පාළණය කිරීමටද ශක්තිමත් ''කන්සා තන්තු වලින් නිර්මාණය කළ'' පටි සමග සම්බනධ කරමින්, හදිසි අවසථාවකදී අලියාගේ පාළණයද පහසු වන පරිදි පවත්වාගෙන යාම සඳහා බුද්ධිමත්ලෙස නිර්මාණ ශීළීව කාළයට අනුරෑපව නිර්මාණය කරනා ලෙසත්,.
ශ්‍රී ලංකාවේ රාජකීය සන්නාමය වන් මහනුවර පෙරහැරේ පාවහන් ඇතුළු සියළු පෙරහර සඳහාම.. ''කන්සා තන්තු වලින් පාවහන් ඇතුළු දේ නිර්මාණය කරීමට''..
''රාජකීයන්ගේ පාවහන් සන්නාමයක් ලෙසට
දේශීය පාවහන් නිෂ්පාදකයන් වන ''ඩී ඵස් අයි'' ව්‍යාපාරයට වහාම ඉදිරියට පැමිනෙනා ලෙසත්,. අවස්ථාව සඳහා මැදිහත්වන ලෙස දැනුවත් කර සිටිනා අතරම ,.
''කන්සා'' වලින් නිශ්පාදණය කර ගන්නා ශක්තිමත් සුවපහසු පරිසර හිතකාමී පටි පාවහන් ඇඳුම් ආයිතතම් වැනි දේ ඇතුළුව සියළු පෙරහර පිරිස සඳහා භාවිතාකරනා දේ දේශීය කන්සා අමුද්‍රව්‍යක් ලෙසට භාවිතා කරනා ලෙසටත්, ධාතු කරඩුව හැකිතාක් කන්සා වැනි සැහැල්ලු අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කර ගන්නා ලෙසත්,..
සමස්ථ විශ්වය පුරාවට,.
සමස්ථ ලෝකය පුරාවට දැඩි අවධානයට ලක්වී ඇති,.
ශ්‍රී ලංකාවේ රාජකීයත්වයේ උත්කෘෂ්ඨවත් අමරණීය පෙරහැර ගරැ කටයුත්තක් ලෙසටම,.
රාජ්‍යයේ සියළු පුරවැසියන් නියෝජනය වන ලෙසට,..
ආකර්ශණීය කාවාඩි සංදර්ශණද සහිතව සෑබෑම රාජකීයත්වය ඉස්මතු වී
ශ්‍රී ලාංකීය ප්‍රෟඪත්වය..
ඉස්මතු වන ලෙසටම අඛණ්ඪව පවත්වාගෙන යන ලෙසත්..
සියළු පෙරහරන් විචිත්‍රවත් ලෙසට සත්ව හින්සනය ඉස්මතුවී නිරෑපනය නොවනා ලෙසට පවත්වනා ලෙසට මහා හෙළයේ සියළු පාරශව කරැවන් වන සබුද්ධික සැමගේ අත්නොහළන දැඩි අවධානයට,.!
මල්ලි ඕක මෝදී මහතාට යවන්න
Deleteඑයා කිව්වොත් නං අංර සඕඩරය සුවර් එකටම ඕක කරනව කරනවාමඉ
Respect sir.
Deleteදුෂණ විරෝධී පනතට 'ලාල්කාන්ත' සංශෝධනය
ReplyDeleteඅධිකරණයට සූරසේන සංශෝධනය
අම්මප. කල්පනා කරලා බලන්න
Ha ha ha!
DeleteJeppo trying to hide their ill gotten wealth!
වහාම අදාළ පනතට සාදනීය ලෙසට සියළු සත්ව හිංසනයන් සහ සත්ව ඝාථනයන් වලකාළීම ඇතුලත් කරනා ලෙසට
Deleteවහාම අදාළ පනතට සාදනීය ලෙසට සියළු සත්ව හිංසනයන් සහ සත්ව ඝාථනයන් වලකාළීම ඇතුලත් කරනා ලෙසට
මේ රටේ දූෂණය නැති කරන්න සියලුම නීති පියවරවල් ගත්තෙ රනිල්, ඒහෙම කරල තිබුනෙ නැත්නම් මේ ත්‍රස්තවාදියො සෙට් එක කෙලිනව ලොවෙත් නැතිවෙන්න. මුන් දූෂණය නැති කරනව කියල පඩ ටෝක් දීල ඇවිත් රනිල් ගෙනාව නීති ආපස්සට අදිනව. මාධ්‍ය කරන දේවල් රනිල්ට අවුලක් නැත්නම්, මුන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද?
ReplyDeleteසරලය් මෙමගින් දෙසපලකයන්ට තම දනය තවත් සගවගනිමට පිරිසක්
ReplyDeleteනිර්මාණය වෙය්
මෙවා පැලවත්තේ order.
ReplyDeleteඅනුන්ට හොරු හොරු කියපු උන් තමා අම්බ හොරු .. හිඟා කකා ජීවත් වුණු හිවල් හැත්තගේ වත්කම් ආපු විදිය ඇහුවම කොර ... ඕකෙන් බේරිලා ගෑනුන් ගේ ළමයින් ගේ නමට මුන් ඊළඟට ඕවා පවරන්නේ .. වැඩේ කම්මුතුයි ..
ReplyDeleteඅනුන්ට හොරු හොරු කියපු උන් තමා අම්බ හොරු .. හිඟා කකා ජීවත් වුණු හිවල් හැත්තගේ වත්කම් ආපු විදිය ඇහුවම කොර ... ඕකෙන් බේරිලා ගෑනුන් ගේ ළමයින් ගේ නමට මුන් ඊළඟට ඕවා පවරන්නේ .. වැඩේ කම්මුතුයි ..
ReplyDelete