විනිසුරුව විශ්‍රාම වයස නැංවීම : රජය UN අන්දනවාද...


විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වේට් (Margaret Satterthwaite) මහත්මිය කළ ප්‍රකාශයට රජය ප්‍රතිචාර දක්වා ඇති බව 'ද අයිලන්ඩ්' (The Island) පුවත්පත සිය කතුවැකිය මගින් වාර්තා කරයි.

උසස් අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි විය හැකි බවට සැටර්ත්වේට් මහත්මිය අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත්, රජය සිය මතභේදාත්මක පියවර සාධාරණීකරණය කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ඉදිරිපත් කරන පැරණි තර්කම යළිත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

රජයේ පාර්ශ්වකරුවන් චෝදනා කරන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර නීතිඥ සංගම් නොමඟ යවා ඇති බවයි.

නමුත් මෙම ජාත්‍යන්තර ආයතන ප්‍රකාශ නිකුත් කිරීමට පෙර අදාළ කරුණු පිළිබඳව ස්වාධීන හා ගැඹුරු අධ්‍යයනයක නිරත වන බවත්, ඔවුන් නීතිඥ සංගමයේ ස්ථාවරය අනුමත කිරීමෙන් අදහස් වන්නේ ඔවුන් නොමඟ ගොස් ඇති බව නොවන බවත් පුවත්පත පෙන්වා දෙයි.

නඩු ගොඩගැසීම වැළැක්වීම සහ නඩු විභාග කඩිනම් කිරීමේ උපාය මාර්ගයක් ලෙස සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නංවන බව රජය පවසා ඇත.

එහෙත්, රජය මුලින් උත්සාහ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම වයස ඉහළ නැංවීමට බවත්, පසුව එල්ල වූ දැඩි විවේචන හමුවේ එය අභියාචනාධිකරණයට සහ අනෙකුත් අධිකරණවලට ද ව්‍යාප්ත කරමින් සිය සැබෑ අභිප්‍රාය වසන් කිරීමට උත්සාහ කරන බවත් කතුවැකියේ සඳහන් වේ.

මෙහි ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය උත්සාහ කිරීමයි.

දැනට සේවයේ නියුතු විනිසුරුවන්ගේ ධුර කාලය වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපාන බැවින්, එවැනි සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවස්ථා කිහිපයකදීම තීන්දු කර ඇති බව පුවත්පත සිහිපත් කරයි.

මෙම ප්‍රශ්නය දැන් ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බැවින්, 22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ජාත්‍යන්තරයේ දැඩි නිරීක්ෂණයට ලක්වනු ඇත.

රජය කුමන දේශපාලන තර්ක ඉදිරිපත් කළද, මෙම සංශෝධනය දැනට සේවයේ නියුතු ඇතැම් විනිසුරුවන්ට පෞද්ගලිකව වාසි සැලසීම සඳහා සකස් කරන ලද්දක් නොවන බවට බුද්ධිමත් මහජනතාව හෝ ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස නොකරනු ඇති බව 'ද අයිලන්ඩ්' පුවත්පත වැඩිදුරටත් අවධාරණය කරයි.





Concerns Raised Over Government Proposal to Increase Retirement Age for Judges

The government has reacted to remarks made by Margaret Satterthwaite, a special representative from the United Nations, regarding the independence of judges and lawyers in relation to its decision to raise the retirement age for judges. This information was reported by the newspaper, The Island.

Satterthwaite has issued a warning that the proposed constitutional amendments, aimed at extending the retirement age for Supreme Court judges, could jeopardize the independence of the judiciary.

In response, the government has reiterated its justifications for the contentious move, drawing on arguments that have been previously presented in favor of the 22nd constitutional amendment.

Government supporters have accused the Sri Lanka Bar Association and the opposition of misrepresenting the intentions of international bodies and legal organizations.

However, the newspaper highlights that these international agencies conduct thorough and independent studies on relevant issues before issuing statements, clarifying that their endorsement of the Bar Association's stance does not imply inaccuracies in their assessments.

The government asserts that increasing the retirement age for all judges is aimed at preventing case backlogs and expediting court procedures.

Initially, the government sought to raise the retirement age exclusively for Supreme Court judges, but following severe criticism, it expanded this proposal to include appellate court judges and others, seemingly to dilute its original intentions.

At the crux of the matter is the government's efforts to elevate the retirement age for current Supreme Court and appellate judges, which directly impacts the judiciary's independence.

The newspaper recalls that changing the tenure of sitting judges has been previously deemed to require public approval through a referendum, as emphasized by the Supreme Court in several past rulings.

This issue has now captured international interest, with the upcoming review of petitions against the 22nd amendment expected to draw significant scrutiny worldwide.

Regardless of the political arguments the government puts forth, The Island underscores that the public and the international community may not be convinced that the amendment is not designed to favor certain sitting judges personally.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. Adnuvta puluvvanm UN eka andhanna eka anduve dhaksha kama.

    ReplyDelete
  2. මෙයා ඉංගිරිසියෙන් කතා කරල UN එක අන්දලා😂🥸?

    ReplyDelete
Previous Post Next Post