මැති ඇමති 111ක් රුපියල් 2000 මාසික කුලියට මාදිවෙල නිවාසවල..


 වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් 111 දෙනකුට මාසිකව රු.2000ක කුලී පදනම මත කෝට්ටේ, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස ඒකක 111ක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය කියා සිටී. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරි සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ එලෙස නිවාස ලබාදී ඇති පිරිස අතරට 10වන පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් 04දෙනකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් 09දෙනකු සහ මන්ත්‍රීවරුන් 98දෙනකු ඇතුළත් වන බවය.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස ඒකකයක් ලබා ගෙන ඇති සියලුම මන්ත්‍රීවරුන්ගෙන් අදාළ නිවාසයේ මාසික නිවාස කුලිය වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් 2000 ක මුදලක් පමණි. දැනට මන්ත්‍රීවරුන්ගෙන් අයවිය යුතු කිසිදු හිඟ කුලී මුදලක් නොමැති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් තහවුරු කරයි.

එමෙන්ම මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයට අදාළව, 10වන පාර්ලිමේන්තුවේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙත වෙනම කුලී නිවාස දීමනාවක් නොකෙරෙන බව ද තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදුන් පිළිතුරේ දැක් වේ.

පාර්ලිමේන්තුව මගින් නිකුත්කර ඇති නාමලේඛනයට අනුව මාදිවෙල කුලී නිවාස ගත් කැබිනට් අමාත්‍යවරුන් වන්නේ, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ. වී. සමන්ත විද්‍යාරත්න, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය (දොස්තර) සුසිල් රණසිංහ යන මහත්ම මහත්මීන්ය.

නියෝජ්‍ය අමාත්‍යවරුන්: වසන්ත පියතිස්ස, නලින් හේවගේ, ගමගෙදර දිසානායක, නාමල් සුදර්ශන, ආර්. එම්. ජයවර්ධන, රත්න ගමගේ, අරුන් හේමචන්ද්‍ර, ටී. බී. සරත් සහ නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු රැසක් ද මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටිති.

මෙලෙස නිවාස ලබාගත් මන්ත්‍රීවරුන් අතර වැඩිපුරම සිටින්නේ ආණ්ඩු පක්ෂයේ අය වන අතර, විපක්ෂයේ එච්. එම්. ධර්මසේන, චාමර සම්පත් දසනායක, ජේ. ඩී. අලවතුවල, කාදර් මස්තාන්, ශිවඥානම් ශ්‍රීධරන්, රෝහණ බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, නලින් බණ්ඩාර, රාමනාදන් අර්චුනා, කින්ස් නෙල්සන්, දයාසිරි ජයසේකර, චානක මැදගොඩ, රිෂාඩ් බදියුදීන්, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, සෙල්වම් අඩික්කලනාදන්, ෂානක්කියන් රාසමාණික්කම්, චතුර ගලප්පත්ති, රෝහිණි කුමාරි විජේරත්න, චිත්‍රාල් ප්‍රනාන්දු, පලනි දිගම්බරන්, චමින්ද විජේසිරි, ඩී. එස්. රාධක්‍රිෂ්ණන්, ඉම්රාන් මහරූෆ්, වරුණ ලියනගේ යන මහත්ම මහත්මීහු ද වෙති.

ජනක බෝකුඹුර
Divaina





Parliamentary Ministers Begin Occupancy of Housing Units in Malabe

The current Parliament has allocated 111 housing units in the Kotte, Malabe ministerial residential complex to 111 ministers on a monthly rental of just Rs. 2,000 each, as confirmed by the Parliament Secretary General's office. The information was disclosed in response to a request under the Right to Information Act by Hans Abeyratne, the Information Officer and Assistant Secretary General of the Parliament.

Among the recipients of these housing units are four ministers, nine deputy ministers, and 98 parliamentarians from the 10th Parliament. A monthly rental fee of Rs. 2,000 is applicable for all parliamentarians residing in these units, with no outstanding rental arrears reported by the Parliament Secretary General's office.

The response also clarified that none of the parliamentarians from the 10th Parliament are receiving separate rental housing allowances related to the Malabe complex.

According to the official list released by Parliament, cabinet ministers residing in the Malabe rental housing include Minister of Fisheries and Aquatic Resources Rama Lingam Chandrasekar, Minister of Women and Child Affairs Sarojini Savithri Paulraj, Minister of Agriculture and Rural Infrastructure K. V. Samanta Vidyarathna, and Minister of Housing, Construction, and Water Supply (Dr.) Susil Premajayantha.

Deputy ministers living in the complex include Vasantha Piayathissa, Nalinda Hewegama, Gamagedara Dissanayaka, Namal Sudarshana, R. M. Jayawardena, Rathna Gamage, Aruna Hemachandra, T. B. Serath, and Namal Karunaratne.

A majority of the occupying ministers belong to the ruling party, with several members of the opposition also included. Notable opposition figures residing under this scheme are H. M. Dharmasena, Chamara Sampath Dasanayake, J. D. Alavathuwala, Kader Mosthan, Shiva Gnanam Sri Dhoran, Rohana Bandara, Dilip Wedaarachchi, M. L. A. M. Hisbulla, Nalinda Bandara, Ramanaadan Arjuna, Kins Nelson, Dayasiri Jayasekara, Chanaka Madagodda, Rishad Bathiudeen, Kavinda Jayawardena, Hector Appuhami, Selvam Adikalanathan, Shanakiyan Rasamanikkan, Chathura Galappatty, Rohini Kumari Wijeratna, Chithral Pranandu, Palani Digambaran, Chaminda Wijesiri, D. S. Radhakrishnan, Imran Maharoof, and Varuna Liyanage.

Janaka Bokumbura
Divaina



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. Good 👍
    This is acceptable

    ReplyDelete
  2. This is for MPs
    So what is the issue ???

    ReplyDelete
    Replies
    1. We had and have no issues, all the issues were raised by JVP when they were in the opposition and at that time they said they will not gonna stay in these houses.
      So don't ask "what's the issue?" from others, ask it from your own.

      Delete
  3. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැංගිලා හිටපු ජෙප්පන් සියල්ල දැන් එලිවෙලා අවසන්. අවශ්‍ය ඕනෑම වෙලාවක ගෙදරටම ගිහින් කුදලාගෙන එන්න පුළුවන්. වතුර නටන තුරු කකුළුවා දිය කෙලපු විදිහට දේවල් සිදුවනු ඇති

    ReplyDelete
    Replies
    1. Uba ithin wena monawa kiyannada? 🤣🤣🤣🤣 Heena daka daka idapan

      Delete
  4. ආණ්ඩුවේ චන්ද්‍රසේකරන් ලාල් කාන්ත වගේම මන්ත්‍රීකමකුත් නැතුව අවුරුදු බර ගානක් ඔය මන්ත්‍රී මිල නිවාස වල හිටියේ.චන්ද්‍රසේකරන් හිටියේ නිල නිවාස සුදුසුකමක් නැතුව හොරාට නිල නිවාසයක් පාවිච්චි කරපු අනුර කුමාරයාගේ නිල නිවසේ.හොරාට නිල නිවාසයක් පාවිච්චි කරපු එකට විරුද්ධව අල්ලස් එකට හුණ්ඩුවට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නෙ.දැන් ජනාධිපති මුක්තිය හින්දා පැමිණිල්ල පරීක්ෂණ කරන එක යට ගහල තියෙන්නෙ.අනිවාර්යයෙන් ඉස්සරහට වෙන තනතුරට කෙලවුනාට පස්සේ ඕක ඇදල ඇරන් පරීක්ෂණ කරලා මූව හිරේ දාන්න ඕනෙමයි.

    ReplyDelete
Previous Post Next Post