පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් 15 දෙනාට වසර 220 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්.. දේපළ තහනම්..


 2019 පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 220 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද නියම කරන ලදී.

එමෙන්ම වරදකරුවන් වූ එම විත්තිකරුවන්ගේ සියලු චංචල සහ නිශ්චල දේපළ තහනම් කරන ලෙස ද ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

නඩුවේ චෝදනා ලබා සිටි සෙසු විත්තිකරුවන් නවදෙනා නිදොස් කොට මුදාහැරීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.

එහිදී විත්තිකරුවන් 15 දෙනාට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව තීරණය කළ විනිසුරු මඩුල්ල මෙම දඬුවම් නියම කිරීම සිදු කළේය.

ආගම් අතර අන්තවාදී, ජාතිවාදී හෝ එදිරිවාදී හැඟීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව ක්‍රියාත්මක වෙමින්, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම කොළඹ කිංස්බරි, ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ දෙහිවල නිව් ට්‍රොපිකල් ඉන් යන හෝටල් තුළ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම මොවුන්ට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාවයි.

මෙම අමානුෂික අපරාධය හේතුවෙන් විදේශීය සංචාරකයන් 40 දෙනෙකු සහ කුඩා දරුවන් 35 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර, තවත් පුද්ගලයන් 526 දෙනෙකුට බරපතළ තුවාල සිදුකර ඔවුන් ඝාතනය කිරීමට තැත් කර තිබූ බව අධිකරණයේදී හෙළි විය.





Colombo Court Sentences 15 to 220 Years for 2019 Easter Sunday Terror Attacks

A Colombo Special High Court has handed down a staggering 220-year sentence to 15 individuals, including several who were found guilty of colluding with extremist attackers involved in the deadly 2019 Easter Sunday bombings. This brutal series of terrorist attacks claimed the lives of 263 people, including 40 foreign tourists and 35 children.

Additionally, the court has ruled that all movable and immovable properties belonging to these convicts be confiscated. The proceedings included the release of nine other suspects who were acquitted of all charges due to insufficient evidence against them.

The case was presided over by a panel of High Court judges, who concluded that the evidence presented by the prosecution was compelling and devoid of reasonable doubt regarding the culpability of the accused.

According to the charges, the accused were involved in planning and facilitating the bombings at several iconic locations including the St. Anthony's Shrine in Kochchikade, St. Sebastian's Church in Negombo, Zion Church in Batticaloa, and various luxury hotels such as Kingsbury, Shangri-La, Cinnamon Grand, and New Tropical Inn in Dehiwala.

This heinous act not only targeted eight places of worship and communal spaces but also served to incite communal, nationalist, and anti-minority sentiments. The court revealed that the assaults were meticulously orchestrated, resulting in severe injuries to an additional 526 individuals as the perpetrators sought to maximize the devastation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. එතකොට තොරතුරු දැනගෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති පොලිස් ලොක්කො දෙන්න නිදොස්කොට නිදහස්?

    ReplyDelete
    Replies
    1. ක්‍රියාමාර්ග ගත්තෙ නැහැ නෙමේනෙ. පොලීසිය මොන ලබ්බක් කරන්නද ත්‍රස්ථ ප්‍රහාරයක් නම් හමුදාවෙන් එපැයි ක්‍රියාමාර්ග ගන්න.

      Delete
  2. මෙම දඬුවම් ලැබුවන්ගේ නම් ප්‍රසිද්ද කරන්නේ නැත්තේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. මෙම නඩුවේ වරදකරුවන් වූයේ,

      01 පළමුවැනි විත්තිකරු - මොහොමදු නවුෆර් මවුලවී

      02 දෙවැනි විත්තිකරු - මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ (ගපූර් මාමා)

      03 තෙවැනි විත්තිකරු - හයාතු මොහමදු අහමදු මිල්හාන්

      04 සිව්වැනි විත්තිකරු - මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා

      05 පස්වැනි විත්තිකරු - මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්

      06 හයවැනි විත්තිකරු - මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන්

      07 හත්වැනි විත්තිකරු - මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන්

      08 අටවැනි විත්තිකරු - අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්

      09 නවවැනි විත්තිකරු - මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත්

      10 දසවැනි විත්තිකරු - අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි (16වැනි චෝදනාව හැර)

      11 එකොළොස්වැනි විත්තිකරු - හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්

      12 පහළොස්වැනි විත්තිකරු - මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්

      13 දහසයවැනි විත්තිකරු - මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස්

      14 දහඅටවැනි විත්තිකරු - රාසික් රසා හුසෙන්
      15 දහනවවැනි විත්තිකරු - කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්


      පාස්කු මහ නඩුවේ නිදොස් කොට නිදහස් වූවෝ

      01 දෙ‍ාළොස්වැනි විත්තිකරු - මොහොමඩ් සවාහිර් මොහොම්ඩ් හසන්

      02 දහතුන්වැනි විත්තිකරු - මොහොමඩ් ඉෆ්තිකාර් මොහොම්ඩ් ඉන්සාෆ්

      03 දහහතරවැනි විත්තිකරු - රශීඩ් මොහොම්ඩ් ඊබ්‍රාහිම්

      04 විසිවැනි විත්තිකරු - සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්

      05 විසිඑක්වැනි විත්තිකරු - මොහොමඩ් මුස්තපා මොහොමඩ් රිස්වාන්

      06 විසිදෙවැනි විත්තිකරු - මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි

      07 විසිතුන්වැනි විත්තිකරු - මොහොම්ඩ් අමීර් මොහොමදු අයතුල්ලා

      08 විසිහතරවැනි විත්තිකරු - මොහොමඩ් අන්සාර්ඩීන් මොහොම්ඩ් ඉල්මි නොහොත් ඉල්මි
      09 විසිපස්වැනි විත්තිකරු - මොහොමඩ් අක්‍රම් අහක්කම්

      Delete
  3. එතකොට අර පූජිතලට මරන දඩුවම. කරපු එවුන්ට සිර දඩුවම්. කාලකන්නි ආන්ඩුව. කාදිනල් ට ඕන ගෝටබය❤මැතිතුමා හිර කරන්න විතරයි. පුදුම වයිරයක්. ඊබ්‍රහිම් නානා ගෙ සහෝදරයා නිදහස්. දැන් මුන් රගනවා. අදිවේගී මාර්ගෙ අනතුරු කරල සීට් බෙල්ට් නිසා බේරුනා කියනවා. අහින්සක කාර් එකක් මහ මගදි මැරයො වගේ කඩල කුඩු gram 15ක් අල්ල ගන්නවා කව්ද ඔත්තු දුන්නලු. ඔන්න 22 බලේ. පරිස්සමින් හිටපල්ලා. කේලමක් කිව්වොත් හිරේ. අකුදිගෙ පස්ස ලෙවකන සට්ටැඹියොත් පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. ගෝටබය❤මැතිතුමා thama nodanna desapalaneta avith rata kave

      1. rata bankolath una badu sahana deela

      2. korona kale yanna thibuna <1% LRT investment eka

      GUNARUWAN kiyala prayek ekka set wela kava

      Delete
    2. පෙරහරේ කසකාරය යන්නේ මුලින්. නිලමේ යන්නේ අන්තිමට. 🤣

      Delete
  4. මාලිමාවට දුන් චන්දේ මිල කල නොහැ
    ක.ඊ ළග පේලිය සුදානම් කරමින් සිටියි.මහ මොළකරු බැසිල් රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. අනේ මෝඩ ගොබ්බ තකතීරු බල්ලෝ, මේ නඩුව දැම්මේ ගෝටාභයගේ කාලයේ, ප්‍රහාරය කරපු බල්ලන්ට පැනල යන්න නොදී උන්ව කොටු කරගෙන රිමාන්ඩ් කරලා නඩු දාලා නීතිමය ක්‍රියාමාර්ගය නාරම්භ කලේ ගෝටා. පකෝ මේ රටේ නීතිය අනුව අධිකරණයේ දීර්ඝ විභාගයක් කරලා ඊයේ නඩු තීන්දුව දුන්නේ. ඒක මාලිමාවෙන් දාපු නඩුවක් නෙමෙයි.

      Delete
  5. Appeal එකක් දාන්ට. අපේ ලොක්කට කියල නිදහස් කරල දෙන්නම්

    ReplyDelete
    Replies
    1. pali ganna eka witharak karala hari yanne na pako


      rata issrhata yanna one

      minissunta rassa one ,

      antthimata kiyyai komis aragena hari rata issrahata giya kiyala

      Delete
  6. එතකොට දැනගෙන එදා පාස්කු පුජාවට සම්බන්ධ නොවී මගහැරගිය ලොකයේ එකම කාදිනල් හිමිපාණන්ට මොකුත් දඩුවම් නැද්ද?මේ දවස්වල හැංගිලා ඉන්න අර අහිංසක රණවිරු සලේව මහමොළකාරයා කරන්න දගලන සිරිල් ගාමිණී තුමන්ලට මොකුත් දඩුවමක් නැද්ද? නඩුකාර තුමනි මේ දෙන්නටයි තව අර අනිත් පියතුමන් දෙතුන් දෙනාට අඩුම ගානේ 25 කටවත් බන්ධනාගාර ගත කරන්න.මෙයාලා මේ කරන්නෙ මිහිතලය වත් නුහුලන සාහාසික චරිත ඝාතනයන්

    ReplyDelete
    Replies
    1. මෙවැනි ගොනුන් තවත් සිටීද...

      Delete
    2. උබ තමයි ගොනා !

      Delete
    3. කාඩිනල් රී ලෝඩ් දාගෙන ඉන්නවා. පාප්ප කම ගහල ගියා තමන්ගෙම උන් බිලි දුන්න පවට.

      Delete
    4. පාප්ප පෝස්ට් එක නැතිවුනාට ලොක්කට පාඩු නෑ, වතිකානුවෙන් යූරෝ ලක්ෂයකුයි,
      තව  විදේශ සංවිධාන කිහිපයකින් තවත් ලොකු, ලොකු සල්ලි කුට්ටියි හම්භවුනා.

      Delete
  7. Alla huuu akbarrrrr- Gon huththala mun. Lokayatama pililayak. Agama hadapu ekawath nodakapu(Hadapu ekage nirmanayak deviyo) Allha,wenuwen thamange jeevithaya denna tharam munge olu vikurthi wela. Kudu walata abbahi wechcha kuddo wage.

    ReplyDelete
Previous Post Next Post