මෙරට සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 18ක පමණ සිසුන් සංඛ්‍යාව පනහකට වඩා අඩු මට්ටමක පවතින බැවින්, එම පාසල් වඩාත් පහසුකම් සහිත ප්‍රධාන පාසල් සමඟ ඒකාබද්ධ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පොළොන්නරුවේ පැවති ජාතික ජන බලවේගයේ ගොවි රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් අධ්‍යාපන ක්‍රමය දෙමව්පියන්ට දැරිය නොහැකි බරක් මෙන්ම දරුවන්ට පීඩාවක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දරුවාගේ පාසල් බෑගයේ බර අඩු කිරීමේ සිට සමස්ත අධ්‍යාපන ක්රමයේම පුළුල් ව්‍යුහාත්මක සංශෝධනයක් සිදු කරන බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා:
"දිවයින පුරා පිහිටි පාසල් දසදහසකට වැඩි ප්‍රමාණයෙන් සියයට 18ක පමණ ඉගෙනුම ලබන්නේ සිසුන් 50ට වඩා අඩු සංඛ්‍යාවක්. ඇතැම් පාසල්වල ළමුන් 4 දෙනා, 10 දෙනා, 15 දෙනා බැගින් ඉන්නේ. එවැනි පසුබිමක නිවාසාන්තර ක්‍රීඩා උළෙලක්, සාහිත්‍ය තරගාවලියක් හෝ චාරිකාවක්වත් සංවිධානය කිරීමට හැකියාවක් නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ ඒ දරුවන්ගේ අනාගතය අඳුරු වෙනවා. දරුවකු සමාජානුයෝජනය විය යුතුයි; විවිධ දක්ෂතා ඇති අනෙක් දරුවන් සමඟ ගැටෙමින් පෞරුෂය වර්ධනය කරගත යුතුයි.
එබැවින් සිසුන් 50ට අඩු පාසල්, පහසුකම් සහිත විශාල පාසල් සමඟ ඒකාබද්ධ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අවම වශයෙන් පාසලක සිසුන් 400ක් 500ක්වත් සිටිය යුතුයි. පාසල් දුරස්ථ වීම නිසා ප්‍රවාහන ගැටලු මතු වන්නේ නම්, කලාප මට්ටමින් අධ්‍යයනය කර දරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් රජය මැදිහත් වී සලසා දෙනවා.
සමහරු ගමේ පාසල එලෙසම තබාගත යුතු බවට තර්ක කළත්, ඔවුන්ගේ දරුවන් යවන්නේ නගරයේ ප්‍රධාන පාසල්වලටයි. යමෙකු එම කුඩා පාසල් එලෙසම පැවතිය යුතු යැයි කියන්නේ නම්, ඔවුන් පළමුව තමන්ගේ දරුවන්ද එම පාසල්වලට ඇතුළත් කරන බවට ලිඛිතව එකඟ විය යුතුයි.
අපගේ අරමුණ සෑම දරුවෙකුටම සමාන සහ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා හිමිකර දීමයි. පසුගිය කාලයේ හඳුන්වාදීමට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පැවති අඩුපාඩු හේතුවෙන් ඒවා අතරමග නැවතුණද, ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රමවත්ව ක්‍රියාවට නංවනවා. දෙමව්පියන් පාසලට භාරදෙන දරුවා, අධ්‍යාපනය අවසානයේ දැනුමෙන්, ආකල්පවලින් සහ යහපත් හැසිරීමෙන් සපිරි, රටේ ආර්ථිකයට ඵලදායී දායකත්වයක් සැපයිය හැකි පුරවැසියෙකු ලෙස සමාජයට දායාද කිරීම අපගේ ඒකායන සැලැස්මයි." යැයි පැවසීය.
President Reveals Plans for School Consolidation to Improve Education Quality
In a bid to address the significant disparities in Sri Lanka's education system, President Anura Kumara Dissanayake announced plans to consolidate schools with fewer than fifty students into larger, well-equipped institutions. He revealed this strategy while addressing a gathering of the National People's Power in Polonnaruwa.
The current educational framework has placed an unbearable burden on parents and has become a source of stress for children, the President pointed out. Emphasizing the need for a comprehensive overhaul of the education system, he highlighted initiatives aimed at reducing the weight of children's school bags, among other reforms.
“More than 18% of pupils across the country are enrolled in schools that have fewer than fifty students,” he noted. “In some schools, classes are attended by as few as four, ten, or fifteen children. In such settings, organizing any cultural, literary, or sports events becomes impossible, leaving the children’s future bleak. It is essential for children to engage socially and develop skills alongside their peers,” he added.
The plan intends to merge schools with fewer than fifty students into larger facilities, aiming for a minimum enrollment of 400 to 500 students per school. If transportation issues arise due to distance, the government will intervene to provide necessary transport facilities on a regional basis.
While some argue for the retention of small village schools, it is noted that parents often opt to send their children to major schools in urban areas. Should anyone insist on maintaining these smaller schools, they would first need to commit, in writing, to enrolling their own children there.
“Our goal is to ensure equal access to quality educational opportunities for every child. Although the previous educational reforms faced shortcomings and stalled progress, we are set to implement a new education reform program systematically starting next year. We envision children graduating from school equipped with knowledge, ideas, and healthy behavior, thus contributing positively to the nation's economy,” he concluded.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හුණ්ඩුවගේ අවසානය ළං වෙනකොට මරු විකල්ලෙන් දොඩවනවා
ReplyDeleteහොද තීරණයක්....
Deleteබිලියන 200 ක් අධ්‍යාපනයට වෙන් කොලොත් 100ක් ම වැඩකට නැති බිල්ඩින් වලට
මේ දෙය පසුගිය ආණ්ඩු වලින් කරන්න යන කොට විරුද්ධ වුණේ, උද්ඝෝෂණය කලේ ජෙප්පොමයි. දැන උන්ටම ඒක කරන්න වෙලා. කොහොම උනත් රනිල්ගේ ඇමරිකන් පාලනය වාමාංශික (?) මාලිමාව සාර්ථකව ඉදිරියට ගෙන යන බව පෙනෙනවා. අනුරට වඩා හොඳ නායකයෙකුට බලය ගන්න පුලුවන් කියා පොළොන්නරුවෙදි අද කීවා. ඒ කීවෙ සජිත්, නාමල්, දිලිත් හෝ මෙතුවක් කල් පාලනයට උර දුන් කෙනෙක් නොවන බව. තීරණය ජනතාව සතුය.
Deleteපොඩි පාසැල් වල නොවේ නගරයේ ලොකු පාසැල්වලත් අ.පො.ස. (සා.පෙ.) සහ (උ.පෙ.) දරුවන් පාසැල් නොයා හෝල් ක්ලාස් හෝ ඔන් ලයින් ටියුෂන් කරනවා. ලකුණු 40 දිය යුතු සාමාර්ථය 28 ට අඩු කරලා ලෝකය රවට්ටන සහතිකයක් දෙනවා. 8 වසරෙන් පසු පාසැල් වසා දැම්මත් කමක් නෑ.
Deleteසිංහල මිනිස්සු ගම්බිම් අතඇරල යනව. එතකොට දෙමලුන්ටයි, තම්බින්ටයි පුලුවන් වෙනව ඒ ගම් බිම් අල්ලගන්ඩ
Deleteමමත් හිතන්නෙ දරුවන් පනහට අඩු ඉස්කෝල වහල දානවනම් ඒකෙන් වැඩියෙම පහර වදින්නෙ උතුරු සහ නැගෙනහිර
Deleteඉතා දුෂ්කර සිංහල ගම්මානවල ලමයින්ට කියල. හේතුව, ඒ පලාත්වල සිංහල ජනයා අඩු හින්ද සිංහල පාසැල්වලට යන ලමයිනුත්
අනික් ජාතීන්ට සාපේක්ෂව හුඟක් අඩුයි. ඒ විදිහට බලනකොට මේ උත්සාහ කරන්නෙ දෙමල ඩයස්පෝරාවේ ඉල්ලීමක් ඉෂ්ඨ
කරන්ඩ වෙන්ඩ පුලුවන්.
ඒ දුප්පත් මිනිස්සුන්ට එදා වෙලා හොයාගන්න බැරිව ඉන්න කොට කියන කතා , ජපන් ජෙප්ප ලියල දීලද
ReplyDeleteඑදා වේල හොයා ගන්න බැරි අයට ඉතිරි වෙන සල්ලි දෙන්න පුලුවන්. so anura is correct
Deleteso anura is correct? එතකොට කලින් ආණ්ඩු ඕකම කරන්න යනකොට අනුර ඒකට විරුද්ධ වුනේ ඇයි? මොක වුනත් කයිය විතරක් නිසා කවදාවත් ඕවා කෙරෙන්නේ නැහැ.
DeleteTමමත් මේ අදහස සමඟ එකඟයි. සිසුන් 50ක් පමණ සඳහා පමණක් වැටුප්, ගොඩනැගිලි, පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් නඩත්තු කිරීමට විශාල මුදලක් වැය කිරීම ඇත්තෙන්ම සාධාරණද යන්න අපි සිතා බැලිය යුතුයි.
ReplyDeleteසිසුන් සංඛ්‍යාව මෙතරම් අඩු මට්ටමක දිගටම පවතින්නේ නම්, සිසුන් වැඩි සංඛ්‍යාවක් සිටින විශාල පාසලකට ඔවුන් එක්කර, පවතින සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීම වඩාත් ලාභදායී විය හැකියි. එමගින් ඉතිරි වන මුදල් සිසුන්ට වඩා හොඳ අධ්‍යාපනික අවස්ථා ලබාදීමට යොදාගත හැකියි.
මගේ අදහස නම්, ප්‍රමාණවත් සම්පත් නොමැතිව ඉතා කුඩා පාසල් පවත්වාගෙන යාම අවසානයේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට බලපෑමක් ඇති කළ හැකි බවයි. එය සිසුන්ගේ යහපතට හිතකර නොවේ.
අපගේ අරමුණ විය යුත්තේ පාසල් ගොඩනැගිල්ලක් හෝ පවතින ව්‍යුහයක් පමණක් පවත්වාගෙන යාම නොව, සීමිත මහජන මුදල් වඩාත් වගකීමෙන් හා කාර්යක්ෂමව භාවිතා කරමින් සිසුන්ට හැකි උපරිම ගුණාත්මක අධ්‍යාපනය ලබා දීමයි. A Old Jeppek
මන්නාරමේ, සිලාවතුරේ, බෝගස්වැව වගේ දුෂ්කර පලාත්වල තියෙන සිංහල ගම්වල ඉන්න ඉස්කෝලවලට යන දුප්පත් ලමයින්ට ඉගෙනගැනීමට තියෙන අයිතිය
ReplyDeleteනැති කරල සිංහල මිනිස්සුන්ව ඒ ගම්වලින් පන්නල දාන ප්ලෑන් එකක්. මේකටනම් අහුවෙන්ඩ එපා.
සහතික ඇත්ත. එතකොට වෙන්නෙ එක්කො දුප්පත් සිංහල මිනිස්සුන්ගෙ ලමයින්ට අධ්‍යාපනයක් නැතුව නන්නත්තාර වෙනව.වැඩි පිරිසක්
Deleteසිංහල මිනිස්සු ගම්බිම් අතඇරල යනව. එතකොට දෙමලුන්ටයි, තම්බින්ටයි පුලුවන් වෙනව ඒ ගම් බිම් අල්ලගන්ඩ.
1800 ට ලමයි 10,000ක් වත් නෑ
ReplyDeleteසීලෙ අපිට අපි සීලෙට,.!
ReplyDeleteලැබෙන පළමු චන්දය සීලරතන හිමිට හෝ මාළිමාවට විරැද්ධ ඔ්නෑම කෙනෙකුට මෙහෙයවීමට සියල්ල සූදානම්,.!
බටහිර ගැති කාළය කන කාලකන්නි මෝඩ මූසළ අමනෝඥ වසළයා පුකට පයින්ගසා පිළිකන්නට,.!
ReplyDeleteඅඩෝ! අපේ නායක සහෝදරයට වසලයා කියල අපහාස කරන්ඩ එපා යකෝ.
Delete
ReplyDeleteලල්ලා බ්‍රික්ස් සමුලුවේ පට්ට කතාව,. බ්‍රික්ස් නායකයන් ලල්ලා, කරැනා දැම්ම්ම ඵවන ඵක නෑ වගේ,.
පට්ට මොලනේ,.
අනුර ජනපති ඉන්දියාවේ සමුළුවට පසු චීන සංචාරයක,. සිදුකළ කතා පට්ට..
අන්න නායකයෝ ,.!
අපරාදේ මිනිස්සු මෝඩ සජියා ජනාධිපති කලේ..
He doesn't know what is BRICS they have 11 memberships and 11 other partner countries. Everyone can not go and sit there.
DeleteThis is a very positive decision. The heading gives a negative sound. Some stupid people ( Maybe Sattambi) give comments without reading the full content.
ReplyDeleteඔය පාසල් වලට ගුරු පත්වීමක් අරගෙන ඇවිල්ලා,වැඩ බලන විදුහල්පති කෙනෙකු ලෙස පත් වීමක් ගහගෙන පසුව විදුහල්පති පත්වීමක් ලබා ගැනීමට විවිධ උද්ඝෝෂණය කරමින් එය ලබා ගැනීමට කරන මාෆියාවක්.ඔය පාසැල් වසා දෑමීමට ඔය මාෆියාව කැමති නැත.
ReplyDeleteපාසැල් මාපියාවේ ගෝඩ් ෆාදර්ලා ජෝශප් ස්ටාලිනුයි, මහින්ද ජයසිංහයි
Deleteමේවායින් කොට පක්ෂෙට ඡන්ද වැඩි වෙනවා
ReplyDelete
ReplyDeleteසිසුන් 50 ට අඩු පාසල්, වඩාත් පහසුකම් සහිත විශාල පාසල් සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිත ප්‍රතිපත්තිය හේතුවෙන්, උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වන සිංහල ප්‍රජාවට නොදැනුවත්වම සැලකිය යුතු පද්ධතිමය අවාසි ඇති විය හැක.
සිංහල ජනතාව මෙම කලාපවල ජනවිකාස සහ භාෂාමය සුළුතරයක් වන බැවින්, ඔවුන්ගේ ජනාවාස බොහෝ විට විසිරී පවතී. එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස සිංහල මාධ්‍ය පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව අඩු මට්ටමක පවතී.
මෙම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය ඔවුන්ට ඍණාත්මක ලෙස බලපාන්නේ කෙසේද යන්න පහත දැක්වේ:
ඉගැන්වීමේ මාධ්‍ය පිළිබඳ අර්බුදය:
උතුරේ හෝ නැගෙනහිර ප්‍රදේශයේ කුඩා සිංහල මාධ්‍ය පාසලක් වසා දැමුවහොත්, එය විශාල පාසලක් සමඟ ඒකාබද්ධ කළ යුතුය. කෙසේ වෙතත්, එම ආසන්නයේ ඇති විශාලතම සහ හොඳම පහසුකම් සහිත පාසල් බොහෝ විට දෙමළ මාධ්‍ය ඒවා වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. සිංහල සිසුන් මෙම පාසල්වලට ඒකාබද්ධ කිරීමෙන් ඔවුන්ගේ මව්බසින් ඉගෙනීමට ඇති අයිතිය කඩ වේ.
භාෂාව මත පදනම් වූ ඒකාබද්ධ කිරීම්වලදී ඇතිවන ප්‍රායෝගික නොවන දුර ප්‍රමාණයන්: ඉගැන්වීමේ මාධ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කුඩා පාසල් වෙනත් සිංහල මාධ්‍ය විශාල පාසල් සමඟ පමණක් ඒකාබද්ධ කිරීමට රජය තීරණය කළහොත්, සිසුවාගේ ගම සහ නව පාසල අතර භූගෝලීය දුර ඉතා විශාල විය හැකිය. ප්‍රවාහන පහසුකම් සපයන බව ජනාධිපතිවරයා සඳහන් කළද, දිනපතා කිලෝමීටර් ගණනාවක් ගමන් කිරීම කුඩා දරුවන්ට කායිකව වෙහෙසකර වන අතර දිගු කාලීනව එය ප්‍රායෝගිකව පවත්වාගෙන යාම දුෂ්කර ය.
ප්‍රජා මධ්‍යස්ථාන අහිමි වීම: යම් ප්‍රජාවක් පැහැදිලිවම සුළුතරයක් වන ප්‍රදේශවල, ප්‍රාදේශීය ග්‍රාමීය පාසල හුදෙක් අධ්‍යාපන ආයතනයකට වඩා එහා ගිය කාර්යභාරයක් ඉටු කරයි; එය එම ප්‍රජාවේ සංස්කෘතික, සමාජීය සහ ආගමික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. පාසල වසා දැමීම එම ගම්මානවල සිංහල පවුල්වල ප්‍රජා සහජීවනය සහ සංස්කෘතික අනන්‍යතාවය ඛාදනය වීමට හේතු විය හැක.
ප්‍රදේශය අතහැර යාමේ අවදානම: අධ්‍යාපනය යනු අභ්‍යන්තර සංක්‍රමණ සඳහා ප්‍රධාන හේතුවකි. උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සිංහල මාධ්‍ය අධ්‍යාපනය ලබා ගැනීම භූගෝලීය වශයෙන් ප්‍රායෝගික නොවන බව හෝ තම දරුවන්ට එය ඉතා වෙහෙසකර බව දෙමාපියන්ට හැඟී ගියහොත්, ඔවුන් උතුරු මැද හෝ දකුණු පළාත්වලට සංක්‍රමණය වීමට ඉහළ ඉඩක් ඇත. මෙය උතුරු සහ නැගෙනහිර පළාත්වල සිංහල ජනගහනය තවදුරටත් අඩුවීමට හේතු වනු ඇත.
පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන අභියෝග: වැඩිමහල් සිසුන්ට දුරස්ථ විශාල පාසල් වෙත දිගු ගමන් කළ හැකි වුවද, ප්‍රාථමික පාසල් දරුවන්ට (1-5 ශ්‍රේණි) එය කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. ඉතා කුඩා දරුවන්ට තම ආසන්න ගම්මානයෙන් පිටතට ගමන් කිරීමට බල කිරීම, පාසල් හැර යාමේ අනුපාතය වැඩිවීමට හෝ කුඩා දරුවන් දුර බැහැර යැවීමට දෙමාපියන් තුළ ඇතිවන අකමැත්තට හේතු විය හැක.
පුළුල් සන්දර්භය:
හුදෙක් සංඛ්‍යාව මත පදනම් වූ සම්මත ජාතික ප්‍රතිපත්ති (උදා: "සිසුන් 50 ට අඩු") බොහෝ විට ජනවාර්ගික හා භාෂාමය භූගෝලීය සාධක සැලකිල්ලට ගැනීමට අපොහොසත් වේ. උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනතාවට (හෝ ඒ ආකාරයෙන්ම සිංහල බහුතරයක් වෙසෙන දකුණේ දුරස්ථ ප්‍රදේශවල ජීවත් වන දෙමළ සහ මුස්ලිම් සුළුතර ජාතීන්ට) අසාධාරණයක් නොවන පරිදි මෙම ප්‍රතිපත්තිය සාර්ථක වීමට නම්, රජය විසින් ජනවිකාස සහ භාෂාමය නිදහස් කිරීම් (demographic and linguistic exemptions)nහඳුන්වා දිය යුතු වනු ඇත. එනම්, එකම ඉගැන්වීමේ මාධ්‍යය සහිත ආසන්නතම පාසල සාධාරණ දුරකට වඩා එපිටින් පිහිටා තිබේ නම්, එවැනි කුඩා පාසල් වසා නොදමන බවට සහතික විය යුතුය.
ඔය තියෙන්නේ. ඩයස්පෝරාවේ උන් සල්ලි දෙන්න ඇති සිංහල මිනිස්සුන්ව උතුරෙන් එලවලා දාන්න කියලා. ඒකයි මුන් මේ ජිල්මාට් දදා කවුරුත් ඉල්ලපු නැති ඒවා හිතුමතේ දෙන්නේ. මිනිස්සු ඉල්ලුවේ පාසැල් වහන්න නෙවෙයි, ආර්ථිකය හදන්න, ඩොලර් සංචිතය වැඩි කරන්න, බඩු මිළ අඩු කරන්න, විදේශ ආයෝජන වැඩි කරන්න, රටේ කර්මාන්ත නගා සිටුවන්නේ. ඒවගේ බහුතරයා ඉල්ලපු ඒවා දෙන්නේ නැතුව කොහේවත් යන ඒවා ක්‍රියාත්මක කරන එකෙන් අදහස් වෙන්නේ ලපයා කොටි එක්ක හොර ගිවිසුම් ගසා ඇති බවයි.
Delete'" පසුබිමක නිවාසාන්තර ක්‍රීඩා උළෙලක්, සාහිත්‍ය තරගාවලියක් හෝ චාරිකාවක්වත් සංවිධානය කිරීමට හැකියාවක් නැහැ. '"'
මේවා හැමදාම නෑ. තරගයක්, චාරිකාවක් තියෙන කොට ඒවා ලොකු පාසැල් එක්ක එකට කරන්න තියෙන්නේ. ඒකට පාසැල් වහන්න හේතුවක් නෑ. උතුරේ තියෙන ගම්මාන වල සිංහල මිනිස්සු අඩුවෙන් ඉන්න පැතිවල තියෙන සිංහල පාසැල්වල ළමයි අඩුයි. ඒවගේ පාසැල් මූළු ගමටම වැඩක් කරන තැනක්. ඒවා වහන්න දෙන්න බෑ. කොළබ පුටු වල ඉන්න ඩෝබියන් මේවා පේන්නේ නෑ. සිංහලයා බහුතරයක් ඉන්න පැතිවල කුඩා සිංහල පාසැල් වැහුවට කමක් නෑ, නමුත් සිංහලයා සුළුතරයක් වෙන පැතිවල සිංහල පාසැල් වහන්න දෙන්න බෑ.