අධිවේග මාර්ගයේ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ.. පාඩුව මිලියන 4614ක්..


 මෙරට අධිවේගි මාර්ග පද්ධතිය තුල පසුගිය වසර 04කුත් මාස 09ක කාලය  (2019 නොවැම්බර් මස සිට 2024 ජුලි දක්වා) තුල දි    ගමන්කළ වාහන  එක්කෝටි, අසුදෙලක්ෂ, අනුඑක්දහස්හාරසිය තිහයක් (18,291,430) සදහා පිටවිමේ ටිකට්පත් නිකුත් නොකිරිම හේතුවෙන්  මාර්ග සංවර්ධන අධිකාරියට දළ වශයෙන් රුපියල් මිලියන  4,614.47ක  ආදායමක් අහිමවි ඇති බැව්  අනාවරණය වි ඇත.

දෛනික ආදායම අහිමිවිම රුපියල් මිලියන 01කට ආසන්න බව හෙලිවි ඇති අතර  මෙම කාලසිමාව තුල  වාහන දහතුන්කෝටි, තිස්අටලක්ෂ, හතලිස්දහස්දෙසිය දහතුනක් (133,840,213)  සදහා ප්‍ර වේශ ටිකට්පත් නිකුත්කර තිබුණි.

අධිවේගි මාර්ග ආදායම්  විවිධ උපක්‍රමභාවිතාකර  සාවද්‍ය පරිහරණයට සහ වංචාවන්ට ලක්කර තිබු බවද අනාවරණය වි ඇත.එහෙත්  මේ සදහා වගකිවයුතු මුදල් අයකැමියන් හදුනාගෙන  විනයානුකුලව කටයුතු කිරිමට හා  එම අඩුපාඩු වලක්වා ගනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග අධිවේගි මාර්ග  කළමණාකරණය කටයුතුකර නොතිබුණි.

ප්‍රවාහන මහාමාර්ග  වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යංශයට අදාළව 2025 වර්ෂය සදහා නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට  ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි ඇත.

ලලිත් චාමින්ද





Loss of Revenue Exceeds Rs. 4.6 Billion Due to Unissued Highway Exit Tickets

A shocking report has revealed that Sri Lanka's expressway system has suffered a revenue loss of approximately Rs. 4.6 billion over the last four years and nine months (from November 2019 to July 2024) due to the failure to issue exit tickets for an astonishing 18,291,430 vehicles.

The daily revenue loss is estimated to be close to Rs. 1 million, with reports indicating that during the mentioned period, entry tickets were issued for 133,840,213 vehicles that utilized the expressway. This stark imbalance in ticket issuance has raised serious concerns about the management of highway operations.

Further investigation has uncovered that the expressway revenue system has been susceptible to fraudulent activities, with misuse and discrepancies occurring in various operational aspects. However, it appears that the authorities have not taken adequate measures to identify and penalize responsible cashiers, nor have they implemented essential actions to prevent such revenue shortfalls.

This alarming information was highlighted in the annual performance report issued by the Ministry of Transport and Civil Aviation for the year 2025, which emphasizes the need for significant management improvements within the expressway administrative framework.

Reported by Lalith Chaminda.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. අධීවේගි මාර්ගයේ වැඩ කරන සේවකයින් බොහෝමයක් පොහොට්ටුවට පෝස්ටර් ගහපු කට්ටියට

    ReplyDelete
    Replies
    1. ekay hora kanne

      Delete
    2. අපේ රචු සඕතලයො ටිකට් ගන්න ඕනි නැහැනේ.

      Delete
  2. හදිසි වෙලාවට සල්ලි දීලා යනවා, ටිකට් ගන්නේ නැතිව. උන් ගසාගන්නවා ඇති. exit system එක හරිම slow

    ReplyDelete
Previous Post Next Post