නිසි ප්‍රමිතිගත ලේබලයක් හෝ අනුමැතියක් නොමැතිව රුපියල් මිලියන 250ක් වටිනා පිළිකා ඖෂධ මාත්‍රා 190,000ක් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරේ හෙළීමට ඉඩ සැලසූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වගකිවයුතු නිලධාරීන් වහා ධූරවලින් ඉවත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය:
"ළමා පිළිකා රෝගීන් ඇතුළු සියලුම පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාරවලින් අනතුරුව ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ලබාදෙන 'G-CSF' (G CSF Injection) නැමැති අත්‍යවශ්‍ය ඖෂධය මෙරටට ආනයනය කිරීමෙන් පසු, එහි නියමිත ප්‍රමිතිගත ලේබලය නොමැති බව පවසමින් මේ දක්වා භාවිතයට නොගෙන පසෙක තබා තිබෙනවා. මෙම එන්නත් තොගය ගැටලු සහගත නම්, රුපියල් මිලියන 250ක් වටිනා එම ඖෂධ මාත්‍රා 190,000 රේගුවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නේ කවුරුන්ද යන්න ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා රටට හෙළි කළ යුතුයි. එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් තොරතුරු වසන් කරන්නේ ඇයිද යන්නත් අප ප්‍රශ්න කරනවා.
මෙරටට ආනයනය කරනු ලබන සෑම ඖෂධයක්ම රේගුවෙන් නිදහස් කිරීමට ප්‍රථම ඊට අදාළ නිස්කාශන වාර්තා, රසායනාගාර විශ්ලේෂණ වාර්තා සහ අවසර පත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලය පවතින්නේ ඖෂධ නියාමන අධිකාරිය සතුවයි. ඖෂධයක ලියාපදිංචි සහතිකය, ප්‍රමිති සහතික, විශ්ලේෂණ වාර්තා, ආනයන පාලන බලපත්‍ර, මිල සහතික මෙන්ම ලේබල් හා ඇසුරුම් සහතික NMRA අනුමැතියකින් තොරව නිකුත් කළ නොහැකි නෛතික ක්‍රමවේදයක් පවතින පසුබිමක, මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මෙරටට පැමිණීමේ වගකීමෙන් ඖෂධ නියාමන අධිකාරියටත්, එය ආනයනය කළ රාජ්‍ය ඖෂධ සංස්ථාවටත් කිසිසේත්ම බැහැර විය නොහැකියි. එහෙත් අවාසනාවකට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් මේ වන විටත් සැඟවී සිටිමින් පිළිකා රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටිනවා."
විෂයභාර අමාත්‍යවරුන් ද මෙම බරපතළ වංචාව සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පිළිකා රෝගීන්ට නියමිත මාත්‍රාවලින් අඛණ්ඩව ඖෂධ ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව අදාළ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් පවා පෙන්වා දෙන බවත් හෙතෙම සඳහන් කළේය. රෝහල් පද්ධතිය තුළ පවතින පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික ඖෂධසල්වල එම ඖෂධවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් අවස්ථාවල නිසි පරිදි ලියාපදිංචි නොකළ ඖෂධ පවා වෙළඳපොළේ අලෙවි වන බවද ඒ මහතා අනාවරණය කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති මානව සම්පත් අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කළ වෛද්‍ය චමල් සංජීව මහතා, දැනට පවතින වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය සමස්ත සෞඛ්‍ය පද්ධතියටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පෙන්වා දුන්නේය. පවතින බදු ප්‍රතිපත්ති සහ වැටුප් විෂමතා මත නවක වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට එක්වීමට දක්වන මැලිකම හේතුවෙන් තරුණ වෛද්‍යවරුන් විදෙස්ගත වීමේ ප්‍රවණතාව තවදුරටත් ඉහළ යමින් පවතී.
අවම වශයෙන් මෙරට සෞඛ්‍ය සේවාව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 5,000කගේ සහ සාමාන්‍ය වෛද්‍යවරුන් 30,000කගේ පමණ සක්‍රීය සේවයක් අවශ්‍ය වුවද, අදාළ පුරප්පාඩු සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල අනුමත කිරීම මහා භාණ්ඩාගාරය මඟින් අඛණ්ඩව ප්‍රමාද කිරීම බරපතළ අර්බුද රැසකට මඟපාදා ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Call for Accountability as Controversial Cancer Drug Import Sparks Outrage
A scandal has surfaced involving the importation of 190,000 doses of a cancer medication worth 250 million Sri Lankan Rupees into the country without proper certification or approval. The Chairman of the National Medicines Regulatory Authority (NMRA), Dr. Ananda Vijayaweera, along with responsible officials from the State Pharmaceutical Corporation, is facing calls for their immediate dismissal and legal action from the medical community and civil rights groups.
During a special media briefing in Colombo, Dr. Chamali Sanjeewa, the president of the medical professionals' association, disclosed the shocking details of this situation, emphasizing the potentially deadly implications for patients reliant on appropriate treatments.
He noted that the essential drug 'G-CSF' (G-CSF Injection), which is used to hasten immune recovery following radiotherapy for all cancer patients, was imported without the requisite standard labels. Consequently, it has been left unused, raising concerns about the approval for the drug's clearance from customs. Dr. Sanjeewa insisted that the NMRA Chairman must clarify who authorized this questionable importation and questioned why the regulatory body has kept this troubling information under wraps.
According to established protocols, any medication imported into Sri Lanka must have associated release documentation, laboratory analysis reports, and permission certificates before it can be cleared by customs. This process requires NMRA's review and approval for the registration certificate, standard certifications, analysis reports, import control licenses, pricing certificates, and label and packaging approvals. The responsibility for allowing such a non-compliant batch of drugs to enter the country thus lies with the NMRA and the State Pharmaceutical Corporation involved in its import.
Tragically, these irregularities occur amidst an alarming shortage of cancer medications in hospitals, compelling patients to rely on private pharmacies where prices have surged as a result of increased demand and dwindling supplies. Some doctors within the healthcare system have pointed out that patients are not receiving the necessary doses due to this situation.
Dr. Sanjeewa further highlighted the broader issue of resource shortages facing the healthcare sector, pointing out the acute lack of both general practitioners and specialist doctors, which is severely affecting patient care. He noted that the disparity in taxation and salary structures has discouraged new doctors from joining the public service, leading to a trend of young medical professionals seeking opportunities abroad.
Despite the requisite 5,000 specialist doctors and 30,000 general practitioners necessary to maintain an effective healthcare system, the approved staffing for these vacancies has been continuously delayed by the Ministry of Finance, contributing to an ongoing crisis in medical care across the country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
