ශ‍්‍රී ලංකාවට දරුණු පරාජයක්.. ප්‍රෙක්‍ෂකයෝ කණ්ඩායමට මුහුණටම බැණ වදිති..


 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් පන්දු 62ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

අනුව තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය.

මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 24කින් ලකුණු 36ක් සහ කමිඳු මෙන්ඩිස් පන්දු 28කින් ලකුණු 35ක් රැස් කරමින් යම් ස්ථාවරත්වයක් ලබාදීමට උත්සාහ කළ ද, සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් කිසිදු ඉඩක් නොලැබිණි.

චරිත් අසලංක ලකුණු 16කටත්, දසුන් ශානක ලකුණු 12කටත් දැවී ගිය අතර, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 14ක් තුළ බිඳවැටීම කැපී පෙනුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 125ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 126ක් රැස්කර තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළහ.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 32කින් නොදැවී ලකුණු 62ක් (හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක්) ලබා ගත් අතර හැරී බෲක් ලකුණු 33ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම කෙටි ඉනිම තුළ වයිඩ් පන්දු 17ක් ඇතුළුව අතිරේක ලකුණු 18ක් ප්‍රතිවාදීන්ට ලබාදීමද දැඩි විවේචනයට ලක්විය.

තරගයේ වීරයා සම්මානය සොනී බේකර් හිමිකර ගත් අතර, තරගාවලිය පුරා ලකුණු 170ක් රැස් කළ එංගලන්ත නායක හැරී බෲක් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම අතිශය දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ ක්‍රීඩාංගණයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් සිය බලවත් නොසතුට හා කෝපය පළ කළ අතර, තරගය අවසානයේ ක්‍රීඩකයන්ට දැඩි ලෙස බැණ වදිමින් විරෝධය පළ කරන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය කර ඇත.





England Completes Sweep Against Sri Lanka in Final T20 Match

In a dominant display, England secured a remarkable victory over Sri Lanka in the third and final Twenty20 match, finishing the series with a clean sweep of 3-0. Chasing down a modest target of 125 runs, England achieved their goal with eight wickets in hand and 62 balls to spare.

The match, held in Manchester, began with Sri Lanka opting to bat first after winning the toss. However, they struggled to build momentum, collapsing for a total of just 124 runs after 18.5 overs. Top scorers for Sri Lanka, Pavan Nissanka and Kamindu Mendis, contributed 36 and 35 runs respectively, but their efforts were insufficient to stabilize the innings. Other notable scores included Charith Asalanka with 16 runs and Dasun Shanaka with 12 runs, as Sri Lanka lost their last five wickets for a mere 14 runs.

With England set to chase down what should have been an achievable target, their batting unit displayed a fierce intent from the outset. The hosts raced to 126 runs, losing only two wickets in the process. Captain Jos Buttler was particularly impressive, remaining unbeaten on 62 runs from 32 balls, which included seven fours and two sixes. Harry Brook also played a pivotal role, scoring 33 runs to help ensure a comfortable victory.

Criticism has mounted regarding Sri Lanka’s bowling, with 17 wide deliveries contributing to giving away an additional 18 runs to the English batsmen, highlighting a lack of discipline in their bowling attack.

Sonny Baker was named Player of the Match, while Harry Brook, having amassed a total of 170 runs throughout the series, was awarded the Player of the Series accolade.

The Sri Lankan fans present at the ground expressed their disappointment and frustration, demonstrating their discontent as the match concluded. Videos circulating on social media captured fans vocally protesting against the team’s performance, reflecting the depth of concern among Sri Lankan supporters.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. Sunil.gamage and eran team

    ReplyDelete
  2. කෙබරකොටාගේ වෛරයට ෂම්ම් ඵලවලා තවත් බෝන් අගේන් එකෙක් වන ඉරාන් දැම්මා. දැන් ඉස්සරටත් වැඩිය කනවා.

    ReplyDelete
  3. ලප ශාපය සහ බෝන් අගේන් අවාසනාව. ලපයා රට බාර ගත්තා විතරයි රටට මූසලකම උදාවුනා.

    ReplyDelete
Previous Post Next Post