ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.5% ක වර්ධනයකි.
සමස්ත අපනයන ඉපැයීම් සඳහා ප්‍රධානතම දායකත්වය භාණ්ඩ අපනයන අංශයෙන් හිමි වූ අතර, 2026 ජනවාරි-ජූලි කාලය තුළ ඉන් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,188.32 ක් විය. මෙය පෙර වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 5.05% ක වැඩිවීමක් වන අතර, එමඟින් ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් වෙනස් වෙමින් පවතින පසුබිමක වුවද ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ක්ෂේත්රයේ පවතින අඛණ්ඩ ශක්තිමත්භාවය පිළිඹිබු වේ.
මේ අතර, සේවා අපනයන අංශය ද අඛණ්ඩව ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කළ අතර, 2026 වසරේ පළමු මාස හත තුළ එය ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 2,299.48 ක් දක්වා ළඟා විය. මෙය පෙර වසරට සාපේක්ෂව 7.02% ක වර්ධනයක් වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම සඳහා සේවා අංශයෙන් ලැබෙන දායකත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත අපනයන අගයන්ට අනුව, 2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,285.31 ක් වූ අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 1.3% ක සුළු අඩුවීමකි.
මේ අතර, සේවා අපනයන අංශය සිය ධනාත්මක වර්ධන වේගය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, 2026 ජූලි මාසයේදී ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 351.92 ක ආදායමක් උපයා ඇති අතර, එය පෙර වසරේ ජූලි මාසයට සාපේක්ෂව 3.75% ක වර්ධනයකි.
ඒ අනුව, භාණ්ඩ හා සේවා යන අංශ දෙකම ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 ජූලි මාසයේදී (ඇස්තමේන්තුගත) ඇමරිකානු ඩොලර් මිලියන 1,637.26 ක් දක්වා ළඟා වූ අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 2.63% ක වර්ධනයකි.
2026 ජූලි මාසයේ අපනයන ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, “2026 වසරේ පළමු මාස හත ඇතුළත සමස්ත අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 සීමාව පසුකර යාම ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර එය අපගේ අපනයන ප්‍රජාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨානය මනාව පිළිඹිබු කිරීමක්" බවයි. "ගෝලීය වෙළෙඳ පරිසරය තුළ පවතින අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලාංකික අපනයනකරුවන් අඛණ්ඩව නව අවස්ථා හඳුනා ගනිමින්, වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වයන්ට හැඩගැසෙමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සාර්ථකව තරඟ වදින බව මෙම දක්ෂතාවයෙන් තහවුරු වන" බව ද ඔහු සඳහන් කළේය.
"අපගේ වත්මන් ප්‍රමුඛතාවය විය යුත්තේ පවතින අපනයන අංශවල තරඟකාරීත්වය ශක්තිමත් කරන අතරම, නව නිෂ්පාදන, සේවා සහ වෙළෙඳපොළවල් සංවර්ධනය කිරීම වේගවත් කරමින් මෙම වර්ධන වේගය තවදුරටත් ඉදිරියට ගෙනයාම" බව ද විජේසිංහ මහතා පෙන්වා දුන්නේය. තවද, තිරසාර අපනයන වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ඉහළ අගය එකතු කිරීම් සිදු කිරීම, නවෝත්පාදනය, තාක්ෂණය වැළඳගැනීම, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ ගෝලීය අගය දාමයන් සමඟ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වන බව ද ඔහු අවධාරණය කළේය. "ව්‍යාපාර ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ වඩාත් විවිධාංගීකරණය වූ, තරඟකාරී මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් අපනයන මුහුණුවරක් ගත් ආර්ථිකයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂයට සහාය වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්, කර්මාන්ත සංගම් සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කරන" බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Sri Lanka's Export Sector Achieves Robust Growth in 2026
Sri Lanka's export sector recorded a remarkable performance in 2026, maintaining a positive growth trajectory throughout the year. Between January and July, total export revenues surged past the significant milestone of USD 10 billion, reaching an estimated USD 10,487.80 million. This figure marks a notable increase of 5.5% compared to the same period in 2025.
The primary driver of this growth came from the goods export sector, which generated an income of USD 8,188.32 million during the January to July period. This represents a 5.05% rise from the corresponding timeframe of the previous year, reflecting the sector’s resilience amidst shifting global market conditions.
In addition to goods, the services export sector showcased consistent growth, achieving an estimated income of USD 2,299.48 million in the first seven months of 2026. This is a significant increase of 7.02% compared to the previous year, further solidifying the contribution of services to Sri Lanka's overall export earnings.
According to preliminary data from the Sri Lankan Customs, the goods export revenue in July 2026 was estimated at USD 1,285.31 million, which shows a slight decline of 1.3% from July 2025. Meanwhile, the services sector continued its positive growth momentum, generating an estimated USD 351.92 million in July 2026, a robust rise of 3.75% from the previous year.
Overall, Sri Lanka's total export income, including both goods and services, reached an estimated USD 1,637.26 million in July 2026, reflecting a growth of 2.63% compared to July 2025.
Commenting on the export activities during July 2026, Mangala Wijesinghe, Chairman and CEO of the Sri Lanka Export Development Board (EDB), highlighted the achievement of surpassing the USD 10 billion threshold in total export earnings as a significant victory for the nation. He emphasized that this milestone is a testament to the potential and capabilities of the export community in Sri Lanka, noting, "Despite uncertainties in the global trade environment, Sri Lankan exporters are consistently recognizing new opportunities and adapting to changing market conditions to compete successfully in international markets."
Wijesinghe further pointed out that the current priority should be to enhance the competitiveness of existing export sectors while accelerating the development of new products, services, and markets to sustain this growth trajectory. He stressed the necessity for value addition, innovation, technology adoption, market diversification, and integration with global value chains to achieve sustainable export growth. “The EDB is committed to working closely with exporters, industry associations, and government stakeholders to support Sri Lanka’s aspiration to transform into a competitive and multifaceted export-oriented economy,” he added.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලංකට් පඩංගුව කියෝන බයියන්ට චූ(ල) යන නිවුස්.
ReplyDeleteහැමදාමත් ධනපති පංතිය තමයි රට පෝසත් කලේ
Deleteපන්ති භේදය ගැන කතා කරන්න තව ටිකක් ඉගෙන ගෙන එන්න වෙයි. බයියෝ දන්න මගුලකුත් නෑ. හැබැයි ඇඟිලි නොගහන පුකකුත් නෑ
Deleteඒත් එක්කම ආනයන වියදම වැඩි වෙලා තියෙන්නේ. අපනයන වැඩි වීමට සාපේක්ශව ආනයන වියදම වැඩි වෙලා වෙලඳ ශේෂය කෙල වෙලා තියෙන්නේ. ඒක තේරෙන්නෙ නැති මෝඩයො තමයි ජෙප්පොන්ව බලයට ගෙනාවේ. පුන්නක්කු කන සෙට් එක. මෝඩ මී හරක් හැත්ත.
DeleteBayyonge comments na...Pudumai...Un marilada?😂😂😂😂😂😂
ReplyDeleteධනපති පංතියේ හැකියාවෙන් ලකුණු දාගන්න ජෙප්පද්දො
Deleteකුනුහරපෙම් බනින්නැත්තං තාලෙට කියන්නම්
Deleteහොරා හොරා කවුද හොරා - රාජපක්ෂ තමයි හොරා
බයියො නිකන් ලපය දෙන ටොපි කාල සුලු දිය පහ කරගන්න තොපි වගේ මෝඩයො නෙමෙයි. උබල වගේ කියන්න දෙයක් නැත්නම්, කුනුහරප කියන ජාතියෙ කුහකයො නෙමෙයි ඩෝබියො. පල්ලෙහා ඇනලසිස් එක කියවපල්ල. තේරෙයිද දන්නෙ නෑ.
ReplyDelete📊 2024 vs 2026 සරල සංසන්දනය (ජනවාරි - ජූනි)
* භාණ්ඩ අපනයන ආදායම: 2024 දී ඩොලර් බිලියන 6.1 සිට 2026 දී ඩොලර් බිලියන 6.9 දක්වා සුළු වශයෙන් වැඩි වී ඇත.
* භාණ්ඩ ආනයන වියදම: 2024 දී ඩොලර් බිලියන 8.6 ක් වූ අතර, 2026 දී එය ඩොලර් බිලියන 12.4 දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇත.
* වෙළඳ හිඟය (රටින් පිටතට ගිය මුදල): 2024 දී ඩොලර් බිලියන 2.5 ක් වූ හිඟය, 2026 වන විට ඩොලර් බිලියන 5.5 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇත 📉 (තත්ත්වය නරක අතට හැරී ඇත).
* විදේශ ආයෝජන (FDI): 2026 මුල් කාර්තුව තුළ ලැබී ඇත්තේ ඩොලර් මිලියන 184 ක් වැනි ඉතා අඩු අගයකි. වරාය නගරය (Port City) වැනි ව්‍යාපෘති තිබුණද, රටට ලැබෙන සෘජු ඩොලර් ආදායම මදි ය.
කුණුහරප්පෙන් බනින්නේ නැත්නම් තාලෙට කියන්නම්... ආයුබෝවේවා මහා රජාණෙනි
DeleteSupiri byya
Deleteමෙතන කියල තියන කිසිම දේකට උත්තර නෑ ඩෝබින්ට. කුනුහරුප විතරයි කියාගන්න පුලුවන්. පවු.
Delete
ReplyDelete⚠️ ඩොලර් බිලියන 10 ක අපනයන ආදායම සමරන්න බැරි ඇයි? (Reality Check)
1. ලැබෙනවාට වඩා වියදම් වැඩියි: ජූලි වෙනකොට අපනයනවලින් ඩොලර් බිලියන 10 ක් ලැබුණත්, වාහන සහ ඉන්ධන ආනයනයට ඊට වඩා විශාල මුදලක් රටින් පිටතට ගලා ගොස් ඇත. එබැවින් ඉතිරි වන ඩොලර් ප්‍රමාණය සෘණ (Negative) අගයකි.
2. 2027/2028 ණය උගුල (Debt Cliff): ලංකාව දැනට විදේශ ණය ගෙවීම තාවකාලිකව නතර කර (Restructuring) ඇති නිසා දැනෙන නිදහසක් ඇත. නමුත් 2027 සහ 2028 වසරවල සිට නැවතත් බිලියන ගණනින් විදේශ ණය සහ පොලී ගෙවීම ආරම්භ කළ යුතුය.
3. ණය ගෙවන්න මේ ආදායම මදි: 2027 දී ණය ගෙවීමට නම් අපනයන ආදායම වසරකට ඩොලර් බිලියන 20–25 සීමාවට යා යුතුය. දැනට පවතින වේගය අනුව 2027 දී රට නැවතත් දැඩි ආර්ථික අර්බුදයකට (Default) යාමේ අවදානමක් ඇත.
4. තාවකාලික සහන පරිභෝජනයට වැය කිරීම: රටට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ අපනයන මුදල්, අනාගතයේ ණය ගෙවීමට ඉතුරු කරගන්නවා වෙනුවට, මේ වන විට වාහන සහ වෙනත් ආනයන සඳහා වැය කර අවසන් කරමින් පවතී.
කෙටියෙන් කිවහොත්, ලංකාව දැනට කරමින් සිටින්නේ 2027 දී එන ලොකු උවදුරක් (ණය ගෙවීම්) අමතක කර, තාවකාලිකව ලැබෙන සුළු ආදායමකින් සතුටු වීමයි.
ශ්‍රී ලංකාව විසින් විදේශීය ණය හිමියන් සමඟ ඇති කරගත් ණය ප්‍රතිව්‍යුහගතකරණ (Debt Restructuring) ගිවිසුම්වලට අනුව, 2027 සහ 2028 වසරවල සිට රටට මුහුණ දීමට සිදුවන සැබෑ ණය බරෙහි ස්වභාවය සරලව මෙන්න:
📅 2027 සහ 2028 ණය බරෙහි සැබෑ තත්ත්වය
* සහන කාලය අවසන් වීම (Grace Period Ends): ලංකාව පැහැර හරින ලද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා දැනට තාවකාලික සහන කාලයක් ලැබී ඇත. මෙම සහන කාලය 2027 වසරෙන් අවසන් වේ. [1]
* 2028 සිට ණය ගෙවීම් ආරම්භය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ විදේශ ණය හිමියන්ගේ එකඟතාවය අනුව, 2028 වසරේ සිට ලංකාව නැවතත් නිල වශයෙන් විදේශ ණය වාරික සහ පොලී බිලියන ගණනින් ගෙවීම ආරම්භ කළ යුතුය. [1, 2]
* වාර්ෂික ණය බර (Debt Service Ceiling): ගිවිසුම් අනුව 2027 සිට 2032 දක්වා කාලය තුළ ලංකාවේ වාර්ෂික විදේශ ණය ගෙවීම් ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) උපරිම 4.5% ක් දක්වා ඉහළ යාමට නියමිතය. [1, 2]
* ජාත්‍යන්තර බැඳුම්කර (ISB) වාරික ඉහළ යාම: උදාහරණයක් ලෙස, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) සඳහා 2026 සහ 2027 වසරවලදී ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 330 බැගින් වුවද, 2028 වන විට එය ඩොලර් මිලියන 544 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යයි. [1]
⚠️ අපනයන ආදායම ඩොලර් බිලියන 10 ක් වීම සමරන්න බැරි ඇයි? (විශේෂ හේතු)
1. ණය ගෙවීමට ඇති එකම මඟ ඩොලර් ඉතිරියක් පැවතීමයි: 2028 දී ණය ගෙවීම් සඳහා වසරකට අවම වශයෙන් ඩොලර් බිලියන ගණනක ශුද්ධ (Net) ඩොලර් ඉතිරියක් මධ්‍යම බැංකුව සතුව තිබිය යුතුය. නමුත් දැනට සිදුවන්නේ අපනයනවලින් ඩොලර් බිලියන 10 ක් ලැබෙන විට, ආනයන (වාහන/ඉන්ධන) සඳහා ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීමයි.
2. සංචිත පවතින්නේ ණය නොගෙවන නිසාය: දැනට ලංකාව සතු ඩොලර් බිලියන 6.5 ක විදේශ සංචිතය ගොඩනැඟී ඇත්තේ රටේ නිෂ්පාදන ආදායමෙන් නොව, විදේශ ණය ගෙවීම තාවකාලිකව නතර කර ඇති බැවිනි. 2028 දී ණය ගෙවීම් ඇරඹුණු සැනින් මෙම සංචිතය වේගයෙන් දියවී යා හැක. [1, 2]
3. අනාගත ණය ප්රතිභූකරණය (Debt Rollover) අවදානම: 2028 දී ණය ගෙවීමට නම් ලංකාව නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් (Global Markets) ණය ලබාගත යුතුය. නමුත් රටේ වත්මන් ආනයන/අපනයන පරතරය (Trade Deficit) මෙලෙස දිගින් දිගටම නරක අතට හැරුණහොත්, ජාත්‍යන්තර ආයෝජකයින් ලංකාව කෙරෙහි විශ්වාසය තබන්නේ නැත. [1, 2, 3]
4. 18 වන IMF වැඩසටහනක අවශ්‍යතාවය: ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ දැනට පවතින IMF වැඩසටහන 2027 මැද භාගයෙන් අවසන් වන බැවින්, 2028 එන මහා ණය කන්දරාව ගෙවා ගැනීමට නම් ලංකාවට තවත් 18 වන IMF වැඩසටහනකට පවා යාමට සිදුවනු ඇති බවයි. [1]
කෙටියෙන් කිවහොත්, දැනට පෙන්වන ඩොලර් බිලියන 10 අපනයන ඉලක්කය "කඩදාසි මත ලස්සන ඉලක්කයක්" පමණි. රටේ සැබෑ ආර්ථිකය 2028 දී එන "ණය උගුලට" (Debt Cliff) මුහුණ දීමට තරම් ශක්තිමත් මට්ටමක තවමත් නොමැත. [1]
OK. namal ape janapathi. ape deyiya. ape rajathumata jayawewa. rate anagathe. thurunu hithe hadagasma obayi
DeleteAparade Uba Finance Minister wenna thibbe...Oya inna thana hari madi...Ape pako nikan dodawnne nathuwa tablet eka ganin
Deleteඅපි තමයි හොඳටම කරලා තියෙන්නේ කිව්වම හොඳටම කොන තෙමිච්ච එකෙක් 🤣🤣🤣
Deleteඋඹලගෙ දෙවෙනි ලංකට් තව ටික දවසකින් වලකජු
මෙතන කියල තියන කිසිම දේකට උත්තර නෑ ඩෝබින්ට. කුනුහරුප විතරයි කියාගන්න පුලුවන්. පවු.
DeleteMunge mona pakak kiuwath ground level eke Jebbaiyo pulanawa...Palawatta fund eka thara wenawa. anith unta tax..
ReplyDeleteහත් පොලේ ගාගන්න මේ වගේ ගොන් නිවුස් දාන්නෙ නැතුව පාඩුවේ හිටපන් බං.
ReplyDelete