22 පෙත්සම් විමසූ හැටි ගැන පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥයන්ද පුදුම වේ.. අසාමාන්‍ය දේ සිදුවූ බව කියයි..


 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගය නිරීක්ෂණය කිරීම සඳහා මෙරටට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩල නීතීඥ සංගමයේ සභාපති ස්ටීවන් තීරු මහතා, එම විභාගය අවසානයේ මාධ්‍ය වෙත සිය නිරීක්ෂණ සහ අදහස් පළ කළේය.

ඔහු සඳහන් කළේ විනිසුරු මඩුල්ල ඉතා ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් නීතීඥවරුන්ට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් බවයි. කෙසේ වෙතත්, නඩු විභාගය අවසන් වූ ආකාරය පිළිබඳව ඔහු සිය දැඩි කනස්සල්ල පළ කර සිටියේය.

පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට වාචිකව පිළිතුරු ලබා දීමට අවස්ථාව ලබා නොදී, ලිඛිතව පමණක් කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දීම අවාසනාවන්ත තත්ත්වයක් බව ස්ටීවන් තීරු මහතා පෙන්වා දුන්නේය.

"බොහෝ අධිකරණ පද්ධතිවල මෙවැනි වැදගත් නඩුවලදී වාචිකව පිළිතුරු දීමේ අයිතිය නිරන්තරයෙන් ලබා දෙනවා. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නොවෙයි," යනුවෙන් ඔහු අවධාරණය කළේය.

අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපාන මෙවැනි තීරණාත්මක නඩුවක් සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් හෝ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් මඩුල්ලක් පත් නොකිරීම පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය.

අගවිනිසුරුවරයා මඩුල්ලේ සිටියද, අනෙකුත් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් මෙම විභාගයට අසුන් නොගැනීම පිළිබඳව නීති වෘත්තිකයන් අතර කනස්සල්ලක් පවතින බව ඔහු සඳහන් කළේය.

සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් අවස්ථාවලදී අධිකරණයේ ඉහළම නිලධාරීන් සිව්දෙනාම අසුන් ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අධිකරණයේ ස්වාධීනත්වය යනු ඕනෑම රටක පුරවැසියාගේ අවසාන බලකොටුව බවත්, රජයේ බලයට එරෙහිව පුරවැසියා ආරක්ෂා කරන්නේ ස්වාධීන අධිකරණයක් මගින් බවත් ස්ටීවන් තීරු මහතා මෙහිදී සිහිපත් කළේය.

"යම් හෙයකින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වුවහොත්, ඉන් ගොඩ ඒමට වසර ගණනාවක් ගත වෙනවා. එවැනි රටවල අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයක් නැහැ," යැයි ඔහු පැවසීය.

මෙම නඩු විභාගය හරහා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු වන්නේද නැතහොත් පිරිහෙන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, එම විශ්වාසය රැක ගැනීම නීති වෘත්තිකයන්ගේ මෙන්ම ජාත්‍යන්තර සංවිධානවලද වගකීමක් බව ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.





Legal Expert Raises Concerns Over Judicial Procedure in Constitutional Amendment Hearings

Stephen Thiru, the President of the General Assembly of Public Law Practitioners, arrived in the country to observe the hearings related to the 22nd Amendment to the Constitution. After the proceedings concluded, he shared his insights and observations with the media.

During his remarks, Thiru highlighted the patience exhibited by the judges, who provided ample time for legal representatives to present their arguments. However, he expressed strong dissatisfaction regarding the way the hearings concluded.

He pointed out that it was unfortunate that legal representatives of the petitioning parties were not given the opportunity to respond verbally, being restricted to presenting written arguments only.

"In many judicial systems, the right to provide oral responses in significant cases like this is continuously upheld. Such a restriction is not common practice," Thiru emphasized.

He also raised concerns about the lack of a full bench or a panel consisting of senior judges to address such a crucial matter that directly impacts judicial independence.

Despite the presence of the Chief Justice in the panel, he noted that there is anxiety among legal professionals regarding the absence of other senior judges in the proceedings.

Typically, during critical instances like this, it is customary for all top officials of the judiciary to be present, he added.

Thiru reminded the audience that judicial independence serves as the ultimate safeguard for citizens in any country, protecting them against governmental power through an independent judiciary.

"If, for any reason, the independence of the judiciary is compromised, it may take years to restore it. In such countries, public trust in the judicial system is severely diminished," he stated.

The hearings also raised concerns about whether public trust in the judiciary would be affirmed or eroded through this process, emphasizing that maintaining this trust is a responsibility not only of legal professionals but also of international organizations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. පාහර, ත්‍රස්තවාදී ජෙප්පන් ගම් මට්ටමින් ගහලා පන්නන්න කාලය හරි 💪😡

    ReplyDelete
    Replies
    1. සූලසේනයත් මස් කඩේ චොප්පයා වගේ ඉන්නෙ 88/89 කාලෙ යහමින් ජෙප්පො එක්ක දඩයමේ ගිය පගරෙක්ද දන්නෙ නෑ

      Delete
  2. හොව් හොව්..කලබල වෙන්න එපා. ලොකයම ගල් කරවන තවත් නඩු තීන්දු ඉදිරියෙදී බලාපොරොත්තු වන්න. මහ ජනයා ඌට සර් කියන ජූනියස්ලා ටිකක් දාගෙන පංච පුද්ගලං එක චාචිකං තීන්දු බලාපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. මහ ජනයා ඌට සර් කියන ජූනියස්ලා ටිකක් දාගෙන පංච පුද්ගලං එක චාචිකං තීන්දු

      Delete
  3. අභියාචනාධිකරණ විනිසුරු ගුරුසිංහ මහතා උසස් වීමක් නොමැතිව විශ්‍රාම ගියා. විහිලුව නම් තවමත් ශ්‍රෙෂ්ටාධිකරණ පුරප්පාඩු තියෙනවා. 22 වයස දීර්ග කරන්නෙ කලිසම නැතිව ලොගුව පමණක් ඇද තීන්දු දෙන මහ එකාව විතරක් තියා ගන්න බව පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. මහ ජනයා ඌට සර් කියන ජූනියස්ලා ටිකක් දාගෙන පංච පුද්ගලං එක චාචිකං තීන්දු

      Delete
  4. පස් දෙනෙක් හිටියට වැඩක් නැහැ. මහ එකා පැලවත්තෙන් ලියලා දුන්නු තීන්දුව පැල වත්තෙන් දාපු කටා නායකට යැව්වා. ඊට පස්සෙ හැමොටම කිව්වා තොපිට කියන්න තියෙන දෙයක් ලියලා දීපියව් කියලා. නන්දා මාලනිය මෙහෙමත් ගැයුවා කුමටද එරට අධිකරණය නීතිය හා විනිසූරන්.

    ReplyDelete
    Replies
    1. මහ ජනයා ඌට සර් කියන ජූනියස්ලා ටිකක් දාගෙන පංච පුද්ගලං එක චාචිකං තීන්දු

      Delete
  5. පොදුරාජ්‍ය මණ්ඩලය හෝ වෙන මොන ආයතනයේ හෝ මතය හෝ නිර්දේශ මුකුත් මෙහි වැදගත් වෙන්නෙ නෑ; වැදගත් වෙන එකම සාධකය අනුර කුමාරගෙ අණියම් ප්‍රියම්භිකාවගෙ අභිලාෂය විතරයි. 

    ReplyDelete
  6. 😂😂 ජාත්‍යන්තරවත් ලංකාව විහිළුකරයන් ගේ සහ වංචා කාරයන්ගේ දේශයක් බවට පත් කළ මාලිමා රජයට අපගේ ප්‍රණාමය

    ReplyDelete

  7. මෙතෙක් රටේ පැවති රජයන් විසින් රටේ පවතින නීතියට යටත්ව, ආයතන සංග්‍රහය, මුදල් රේගුලාසීන්ට අනුකුලව ආයතනවල සේවක අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන කාර්ය මණ්ඩල වල වැටුප් ඉහළ දැමීම, විශ්‍රාම කාලය දීර්ඝ කිරීම වැනි කාරණා කරනු ලැබීය.
    ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, salaries and carder comission වැනි ආයතන පිහිටුවා ඇත.
    එසේ තිබියදී මේ ආණ්ඩුව එක් පුද්ගලයෙක් එනම් අග විනිසුරු ඉලක්ක කරගෙන අවුරුදු දෙකක විශ්‍රාම කාලය දීර්ඝ කිරීම නිසා අධිකරණයේ ස්වාධීනත්වය නැතිවන බවවත් මෝඩ මාලිමා පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ව්‍යවස්ථාවෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැකදෙන්නේ ජනතාවගේ ආරක්ෂාවටමය.
    සරළව පැහැදිලි කරන්නේ නම්, මේ වසර අන්තිමේ විශ්‍රාම ගෙන ගෙදර යාමට නියමිත අග විනිසුරුට, ආගමික නායකයන්, රටේ බුද්ධිමත් වුර්තිකයන් ඇතුළු බහුතර ජනතාව විරුද්ධ වෙද්දීත්, සියළු වරප්‍රසාද සහිතව තව අවුරුදු දෙකක් අග විනිසුරු පුටුවේ වැජඹෙන්නට අවස්ථාව සාදා දෙන රටේ ජනාධිපතිට අගවිනිසුරුගේ විශේෂ ලබැඳියාවක් ඇතිවීම ඉතා සාමාන්‍ය සංසිද්ධියකි.
    ඔහුට එම අතිවිශේෂ තත්වය ලබාදීම නිකන්ම සිදුනොවන බවත් කොන්දේසි, විවිධ එකඟතාවන්ට යටත්ව සිදුවන බවත් මාලිමා කාරයන්ට හැර ඕනෑම කෙනෙකුට වැටහෙයි.
    ඒ අනුව ඉදිරියේදී මාලිමාවට විරුද්ධ වන ඕනෑම කෙනෙකුගේ ජීවිත වලට මෙන්ම දේපල වලටද දැඩි තර්ජනයක් ඇති බව මොළයක් ඇත්නම් ඔබට තේරුම් ගත හැකිවනු ඇත. මේ දිනවල ලක්ෂ දෙකේ තුනේ වංචාවලට වසර හතේ අටේ සිර දඬුවම්, මරණ දඬුවම් ආදී මාලිමා කරුවන් පිනවන දඬුවම් පැනවීම් අනුව ඉදිරියේදී ඔබට වැටෙන නඩුවක් සඳහා යම් සහනයක් ගැනීමට නම් ජනාධිපතිගේ අනුකම්පාව අරගෙන දෙනලෙස යදිමින් දේශපාලකයන් පස්සෙන් යාමට සිදු වනු ඇත. ඒ නිසා මෙතෙක් පැවති රජයන් යටතේ අධිකරණය ස්වාධීනව තිබූ හෙයින් අපට සාධාරණය ඉෂ්ඨ වනු ඇති බවත්, අපගේ යම් වරදක් සඳහා නියමිත දඬුවම පමණක් ලැබෙන බවටත් අපට තිබූ විශ්වාසය සම්පුර්ණයෙන්ම නැතිවේ. දේශපාලකයන්ගේ පළිගැනීමේ අවශ්‍යතා අනුව අපට ලැබෙන නඩු තීන්දු තීරණය වනු ඇත.
    ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව විශ්‍රාම කාලය දීර්ඝ කළ අග විනිසුරුගේ පිහිටෙන් ආණ්ඩුවට අවශ්‍ය අවශ්‍ය පරිදි ව්‍යවස්ථා සංශෝධන කිරීමට මෙන්ම, ඒකාධිපති පාලන ක්‍රමයක් යටතේ දිගටම බලයේ සිටීමට මෙන්ම, අධිකරණ බලය ඉඩම් හා පොලිස් බලතල වැනි බලතල ලබාදී යුද්ධයෙන් දිනා ගත නොහැකිවූ උතුරු නැගෙනහිර නීතියෙන්ම වෙන් කර දෙන අයුරු පපුව පැලෙන තරම් වේදනාවෙන් බලා සිටීමට සිදුවනු ඇත.
    සිටින අග විනිසුරුට බලපාන අයුරින් විශ්‍රාම කාලය දික් කිරීම නිසා අධිකරණයේ ස්වාධීනත්වය නැතිවන ආකාරයත් ඔබට මෙන්ම රටට වන අගතිය ගැනත් මෙතරම් සරලව කියා තිබියදීත් නොතේරෙන්නේ නම් එය ඔබගේ බුද්ධියේ තරම බැවින් කරන්න දෙයක් නැහැ. නමුත් රණවිරුවන් දිවිහිමියෙන් රැකදුන් අපේ මාතෘ භුමිය සහ මෙතෙක් ජනතාව භුක්ති විඳි නිදහස අධිකරණයේ ස්වාධීනත්වය නැති වීම නිසා ජනතාවට අහිමි වන්නේ නම් ඔබේ සුළු සුළු වාසි උදෙසා ඊට වචනයකින් හෝ උදව් කර රටට ද්‍රෝහි වීමට දායක වීමේ පාපයෙන් සහ ජනතා සාපකිරීම් වලින් ගැලවීමට නම් ඔබට සහ ඔබේ දරු පවුල්වලට කිසිදිනක නොහැකි වනු ඇත.

    ReplyDelete
  8. මොළ සෝදා නිර්මාණය කර ගනු ලබනා අසංවේදී මිලේඥ හැලි වඳුරන් වැනි නරැමයන් පිළිබඳව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානය,.!September 3, 2026 at 1:25 AM

    ලෝකයේ පවතිනා නූගත්ම වහලුන් බිහිකරනා අච්චු කන්තෝරැව, තිඹිරිගෙය නොහොත් ස්භාව ධර්මය තුලින් වෙන්කර සංවේදී භාවය මරා දමා ,.
    නාසිවාදී බටහිරයන්ට නයගැතිවන ලෙසටම මොළ සෝදා නිර්මාණය කර ගනු ලබනා අසංවේදී මිලේඥ හැලි වඳුරන් නොහොත්,. ඉංගිරීසි කතාකරමින් ගිනියම් අව්වේ කෝට්බෑය පළඳා, ගිනි ගිරීස්මය නොතකා මස්වැදි මිලෙඥ සුද්දා සිගන්වන්නට සුදු පැහැති බොරැ කොන්ඩයද පළඳා,.
    අස්වාභාවික අසම්මත මානය සහිතවු සියුම් අවසිහියකින් සහ උජාරැවකින් බටහිර අන ඵ් ආකාරයෙන්ම හිස නමා දන්නමා අන්ධභක්තියෙන් පිලිගනු ලබනා කැත අප්පිරිය දනවන, නීතිය සුරා ලෙවකා, බඩ වියත රැකගන්නා හඪුගඳ වහල් වනචාරී බඩගෝස්තරවාදීන් නොහොත් විනිසූරන්න්න් සහ සවභාවධරමයේ නීතිය සූරා කන ගිරීස්මයේ කළු කෝට්බෑය ,කළු කබා පළඳිනා බටහ්හිරගැති වහල් කළු චරිත පිළිබඳව සහ ඔවුන්ගේ ලංකා රාජ්‍ය තුළ පවත්වාගෙන යනු ලබනා ක්‍රියාකාරකම් ඇතුළුව,.
    දැඩි වෙෙරයකින් යුක්තව මුග්ධාණුභාවයන් මුසපත්වී,.
    සජීවී ශාක මහපොළවෙන් උදුරා භූමිතෙල් දමා ගිනි තබනා මිලේඥ වනචාරී මොළ සෝදා නිර්මාණය කරනාළද අසම්මතයේ කළු වහළුන්ගේ සජීවී පැතිකඩවන් යුනිපෝම පළඳිනා මොළ සෝදා නිර්මාණය කර ගනු ලබනා අසංවේදී මිලේඥ හැලි වඳුරන් වැනි නරැමයන් පිළිබඳව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානය,.!

    ReplyDelete
    Replies
    1. Jepi paraya thoge amma hali vandiriyak. rada avajathakaya

      Delete
  9. mehema unge manthri warayage sitan mudal kolla kana ratak daka thiyeda?? amna sinhalayo pathu lova ounta labemin atha.. meka vihiluwak neme.

    ReplyDelete
  10. පුදුම වෙන්ඩ කිසිම දෙයක් නෑ, මේ අමුතු ඇටේ වැඩ සිද්ධවෙන්නෙ මේ විදිහට තමයි.

    ReplyDelete
  11. කිව්ව බොරු වහන්න නම් මොකෙක් හරි ඇතුලට දාන්නම ඕනෙ… ඔමායල වගේ කට උල් කරල මහින්ද හොරා කිව්වට හොරකම් කරපු එක ඇටයක්වත් හොයා ගන්න බැරි නිසා සැකපිට අරන් ඇප නැතුව සිරසට බ්‍රේකින් නිව්ස් එකක් ගහන්න හරි ඇතුලට දාන්නනම් සූරසේන වගේ පොරක් ඕනෙමයි… පලිගු මැනිකෙ එකේ පට් පට් සූරසේනම තමයි මූත්😂😂😂😂😂 නිකමට හිතන්න දැන් 5ශිෂ්‍යත්ව ප්‍රතිපල මාසෙන් ගත්තෙ ගුරුවරුන්ගෙ වයස වැඩි කරලද? පඩ් වැඩිකරලද? අඩුම තරමින් ගුරුවරු අලුතින් පත් කරලත් නෙවෙයි. කාර්්‍යස්ම තාව වැඩි කරල. හරියට මෙහෙයවල. ඩෝබියන්ට මේවා කියනවට වැඩාය ලේසියි බල්ලට සිංහල උගන්නන එක

    ReplyDelete
  12. ලඟදීම ශේ්‍රෂ්ඨාධිකරණය පැලවත්ත ශාඛාවක්. ඔබ කැමති තීන්දු ලබාගැනීමට සුදානම් වන්න.
    🤣🤣🤣🤣

    ReplyDelete
  13. ජෙප්පෝ කියන විදියට බන්ධනාගාර ගැටලු ඇතිවුණේ නඩු ගොඩගැහිලා තිබුණු තදබදය නිසා ලු. රටේ සමස්ත ජනතාවම ජෙප්පන් කියන කතා පිළිගන්නේ නැහැ. ජෙප්පන්ගේ අමානුෂික, කුරිරු, තක්කඩි මෙන්ම මෝඩ සැලසුම් මොනවාදැයි කල්තියා හඳුනාගැනීමට රටේ මෙන්ම විදේශයන්හි සිටින බුද්ධිමත් මිනිසුන්ට හැකියාව තිබෙනවා. ලංකාවේ දුප්පත්, නූගත් සහ අඩු ආදායම් ලබන ජනතාව පමණක් ජෙප්පන්ගේ පචවලින් රැවටීමට හැකියි.

    අගවිනිසුරු දිගටම තබා ගැනීමේ නාටකය වෙනුවෙන් දිවි පිදූ සිරකරුවන්ට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  14. නඩු ගොඩගැහිලා තියෙනවා නම්, විසඳුම අගවිනිසුරුගේ සේවා කාලය දික් කිරීම නෙවෙයි. අලුත් අගවිනිසුරුවරයෙකු පත් කරලා අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරන එකයි.
    අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරලා තියෙන්නේ බලයේ ඉන්න අයගේ පහසුවට නෙවෙයි—ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නයි. මේ සරල කාරණයවත් නොතේරෙන තරමට දේශපාලන වහල්කමට යටවෙන්න එපා.

    ReplyDelete
Previous Post Next Post