22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉදිරිපත් වූ ඉල්ලීමක් පිළිබඳ සිය තීරණය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නඩු විභාගය විනාඩි 15ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.
අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබූ අතර, එහිදී පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම අධිකරණය හමුවේ ඉදිරිපත් කළේය.
ඒ අනුව, දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත මඩුල්ලක් මගින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට පියවර ගන්නා ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීමට සහය දක්වමින් තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරු ඇතුළු නීතිඥ මඩුල්ලක් කරුණු ඉදිරිපත් කළහ.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාවට අනුව ඕනෑම නඩු විභාගයක් සඳහා විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ පරම අභිමතය අගවිනිසුරුතුමා සතු වන බවයි. එම බලය සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් කිසිදු පාර්ශවයකට නීතිමය හැකියාවක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥ පිරිස ද සොලිසිටර් ජෙනරාල්වරයාගේ තර්කය අනුමත කරමින් ප්‍රකාශ කළේ විනිසුරු මඩුල්ලේ සංයුතිය තීරණය කිරීමේ පූර්ණ බලය අගවිනිසුරුවරයා සතු වන බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩු විභාගය මෙලෙස තාවකාලිකව කල් තැබීමට නියෝග කළේය.
----- Upadated ---
එම කල් තැබිම අවසානයේ යලි රැස්වූ අධිකරණය පැවසුවේ විනිසුරුවරුන් පසු දෙනාගේ විනිසුරු මණ්ඩලය විසින්ම පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවයි.
Supreme Court Postpones Hearing of Petitions Against 22nd Constitutional Amendment
In a significant procedural move, the Supreme Court has temporarily suspended the hearing of petitions challenging the 22nd Constitutional Amendment. This decision, made today, comes as the court prepares to announce its ruling after a request was presented for the case to be examined by a full bench of all sitting judges.
The Chief Justice, alongside a five-member Supreme Court panel, convened today to address the petitions, with Senior Counsel M.A. Sumandiran representing the petitioners. He urged the court to appoint a bench comprised entirely of current justices to review the submissions.
In support of this request, several other senior litigators, including Saliyah Peiris, Ali Sabry, Jeffrey Alagaratnam, Eranjith Silva, Srinath Perera, Anura Madhdegoda, and Maithree Gunaratne, presented their arguments advocating for the full bench examination.
However, the Attorney General’s representative, Solicitor General Viraj Dayaratne, countered, citing Article 132(3) of the Constitution, which grants the Chief Justice the exclusive authority to determine the composition and number of judges presiding over any case. He emphasized that there is no legal provision allowing for intervention by other parties in this matter.
Supporting the Solicitor General, Senior Counsel Nigel Hatch, representing an intervener, reiterated that the power to decide the bench’s composition rests solely with the Chief Justice.
After considering all the presented arguments, the Supreme Court ordered the postponement of the proceedings to declare its decision on the petition.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සුමන්තිරන් කොටියා කියපු උන් කෝ යකෝ.
ReplyDeleteදැන් තියරිය වෙනස් නේ.... අරචුනා නාමල්ගේ දෙයියා - ප්‍රභා අර්ජුනාගේ දෙයියා. උන් ඔක්කොම ජාතික වීරයෝ බයියන්ගෙ
කොටියා කොටියමයි. තොට පෙන්නෙ 22 විරුද්ධ කොටි විතරක්ද. තමන් තමුන් දරණ මතයක් වෙනුවෙන් පෙනී සිටියට කමක් නැහැ. නමුත් වහල් කමෙ සීමාවක් තියා ගන්න.
Deleteඩයස්පෝර කොටා ඔහොම වැඩ කරනවානම්
DeleteCHOPPER එකට තෙල් ගහගෙන ඉන්න එක හොඳය
වැලිකඩ ජනපති මැතිඳට රෙවිලා, ලක්ෂ තුනට හත නං මට කීයද කියලා ගණන් හැදිලා
Deleteමෙතන දී ඇත්තේ තරමක වෙනස් තත්වයක්
Deleteඑකක් ඇන්ග්ලිකන් පල්ලිය 22 ට විරුද්ධයි - සුමන්තිරන් කියන්නේ ඇන්ග්ලිකන් පල්ලිය සමග සමීප සම්බන්ධයක් පවත්වන මෙතඩිස්ට් පල්ලියේ හිටපු උප සභාපතිවරයෙක්
මීට අමතරව දෙමළ සංධානය තුලද 22 ගැන විරෝධයක් තිබෙනවා
සුමන් ගේ විරෝධය එන්නේ අන්න එහෙමයි
නඩුකාරයත් ප්‍රමිෂ්කගෙ
Deleteබඩුවත් ප්‍රමිෂ්කගෙ.
"සුමන්තිරන් කොටියා කියපු උන් කෝ යකෝ." ...ඩෝබී තියරිය
Deleteලපයා පචයා උනාට ඌ ඇත්තක් කිව්වොත් ඒක ඇත්ත නෙමෙයි කියලා අපි කියන්නේ..
හැබැයි පච වලට පච..කෙබර වලට කෙබර .. හැබැයි ඉතින් ඇත්තක් නම් කියන පාටක් නෑ
ChatGpt says this against the dumb AG councellor. ව්‍යවස්ථාවේ 132(3) අනුව අගවිනිසුරුවරයාට, යම් appeal/proceeding/matter එකක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ වැඩි ගණනකින් යුත් Bench එකක් විසින් අසන ලෙස නියෝග කිරීමට බලය ඇත. එය කළ හැක්කේ:
ReplyDeleteඅගවිනිසුරුවරයාගේම initiative එකෙන්;
එම නඩුව අසන විනිසුරුවරුන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක ඉල්ලීමෙන්; හෝ
පාර්ශවයක අයදුම්පතක් මත, එම ප්රශ්නය “general and public importance” ඇති එකක් බව අගවිනිසුරුවරයාගේ මතය නම්.
ආණ්ඩුවත් හොඳ game එකක් දෙන්න වගේ. පජාත ප්න්ත්රවාදය කිව්වත් එහෙම එකක් පෙන්න නෑ
ReplyDeleteHa. oka hodatama dannawa thummulle padda.ugen ahaganin
Deleteනඩුකාරයත් ප්‍රමිෂ්කගෙ
Deleteබඩුවත් ප්‍රමිෂ්කගෙ.
😁😁😁
ReplyDeleteඑතනින් ම පෙනවා ලැබැදියාවන් පිළිබද ගැටුම්. තමන්ට ප්රතිලාභ ඇති අධිකරණ කටයුත්තක් සදහා තමන්ම තීරණය දීම කෙතරම් සදාචාර ද?
ReplyDeleteHa mahaththayo
Deleteවිනිසුරු 5 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලකට, කලින් විනිසුරු 3 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් දුන් නීතිමය මතයෙන් වෙනස් තීරණයකට පැමිණීමට හැකියාව තිබෙනවා. නමුත් “දැන් 5 දෙනෙක් ඉන්න නිසා කලින් 3 දෙනාගේ තීරණය automatically අවලංගු කරන්න පුළුවන්” කියන එක නිවැරදි නැහැ.
ReplyDeleteශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකම අධිකරණයක්. විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් ගණන වැඩි වීමෙන් පමණක් එයට වැඩි අධිකරණ බලයක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත්, විනිසුරු 5 දෙනෙකුගෙන් යුත් මඬුල්ලක තීරණයකට ප්‍රායෝගිකව සහ නීතිමය වශයෙන් වැඩි බරක් (greater weight) තිබිය හැකියි.
මෙහි වැදගත්ම කරුණ
2022 දී විනිසුරු 3 දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ මඬුල්ල ප්‍රකාශ කළ මූලධර්මය ඉතා පැහැදිලියි:
දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හෝ ධුර කාලය සෘජුව හෝ වක්‍රව වෙනස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන්නේ නම්, එය Article 3 යටතේ ජනතා පරමාධිපත්‍යයට බලපාන බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය විය හැකියි.
දැන් 22 වන සංශෝධනය සම්බන්ධයෙන් විනිසුරු 5 දෙනෙකුගෙන් යුත් මඬුල්ලකට කලින් තිබූ එම මතය:
පිළිගන්නත් පුළුවන්, වෙනස් කර අර්ථකථනය කරන්නත් පුළුවන්, නැතිනම් මේ නඩුවේ කරුණු 2022 නඩුවට වෙනස් බව පෙන්වා එය අදාළ නොවන බව තීරණය කරන්නත් පුළුවන්.
නමුත් කලින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලි මූලධර්මයක් දී තිබෙන නිසා, එයින් වෙනස් වීමට ශක්තිමත් නීතිමය හේතුවක් තිබිය යුතුයි.
ඒ නිසා මගේ පුරෝකථනය
මම තවමත් වැඩි ඉඩක් දෙන්නේ:
දැනට සේවයේ සිටින විනිසුරුවරුන්ටත් නව විශ්‍රාම වයස අදාළ කරනවා නම් → 2/3 + ජනමත විචාරණයක් අවශ්‍යයි කියන තීරණයට.
නමුත් 5 දෙනාගේ මඬුල්ල 2022 තීරණය වෙනස් ආකාරයකින් අර්ථකථනය කළහොත් 2/3 පමණක් ප්‍රමාණවත් කියන තීරණයකට පැමිණීමටත් නීතිමය ඉඩක් තිබෙනවා.
ඒ නිසා “5 දෙනාට 3 දෙනාගේ තීරණය වෙනස් කළ හැකිද?” — ඔව්, හැකියි.
“5 දෙනෙක් නිසාම එය වෙනස් කළ හැකිද?” — නැහැ.
මගේ දැනට තිබෙන තක්සේරුව අනුව ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීරණය වීමේ හැකියාව 60–70% පමණ කියලා මම තක්සේරු කරනවා. Chat gpt
5 දෙනා ඇති කියන තීරණයෙන්ම අවසාන තීරණයත් සිතා ගත්තට කම් නැත.හොරාගේ අම්මගෙන් තවත් පේන ඇහිල්ලක් පමණයි ඔය.
ReplyDeleteමෙහෙම වුණාම එන තීන්දුව ගැන දැම්ම අදහසක් ගන්න පුළුවන්.අගවිනිසුරු ගාවට ඉන්න ජ්‍යෙෂ්ඨත්වයෙන් මුල් හතර දෙනාම හලලා තමන්ට ඕන කට්ටිය පත් කරගත්තා.දැන් තියෙන්නෙ තීන්දුව දෙන්න විතරයි විභාග කරන්න දෙයක් නෑ.
ReplyDeleteනඩුකාරයත් ප්‍රමිෂ්කගෙ
ReplyDeleteබඩුවත් ප්‍රමිෂ්කගෙ.