22 අහෝසි කරන්න නම් ජනමත විචාරණයක් අනිවාර්යයි.. නැතිව බෑ..


විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත්වූ පසු එය යළි අහෝසි කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් මෙන්ම ජනමත විචාරණයක් ද අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම නීතිමය රාමුවෙන් පිටතට ගොස් එය අහෝසි කිරීමට කටයුතු කිරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයේ සමාප්ති කතාව සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ප්‍රකාශ නිකුත් කරන සමගි ජන බලවේගයට කිසිදා රටේ බලය ලබා ගැනීමට නොහැකි වන බවයි.

විපක්ෂය මෙලෙස 22 වැනි සංශෝධනය අහෝසි කරන බව පවසන්නේ නීතිය පිළිබඳව කිසිදු නිසි අවබෝධයක් නොමැතිව යැයි ද හෙතෙම චෝදනා කළේය.

එමෙන්ම 22 වැනි සංශෝධනය අහෝසි කිරීම යනු ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස නැවත වසර දෙකකින් අඩු කිරීම සහ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සැබවින්ම විපක්ෂය සූදානම් වන්නේ එවැනි පියවරක් ගැනීමට දැයි රටට පැහැදිලි කළ යුතු බවට ද අභියෝග කළේය.





Minister Nalinda Jayatissa Emphasizes Requirements for Revocation of Constitutional Amendment

Following the enactment of the 22nd Amendment to the Constitution, Minister Nalinda Jayatissa highlighted in Parliament that any move to revoke this legislation would necessitate a two-thirds majority in Parliament as well as a public referendum. The chief organizer of the ruling party underscored the gravity of such a decision, emphasizing that bypassing the prescribed legal framework would constitute a violation of the Constitution.

In a concluding address during the debate on the constitutional amendment, he remarked that declaring the 22nd Amendment null and void would render it impossible for the Samagi Jana Balawegaya to gain power in the country at any future point.

He also criticized the opposition's claim to revoke the amendment, arguing that it reflects a lack of proper understanding regarding the law. Furthermore, he pointed out that the repeal of the 22nd Amendment would effectively reduce the retirement age for judges in the Supreme Court and all other courts by two years and would lead to a decrease in the number of judges.

Minister Jayatissa challenged the opposition to clarify whether they are genuinely prepared to take such significant steps, stressing the need for transparency regarding their intentions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. Horunta hik gewenu mohota

    Anura turned the game 🎯
    Anura now have real power

    ReplyDelete
  2. 1000 k wiyadam kaloth 900 kma horunta

    MR RW sanhatiyama hire yanna one 😬

    ReplyDelete
  3. නෑ නෑ විසි දෙක එහෙම්මම තිබුණාවේ මොකද උඹලව එලෙව්වට පස්සේ උඹලට වැඩේ දෙන්නේ ඒකෙන්මයි.අනේ ගොනෝ තිබුන තැන ඉඳලා විසි දෙකට ගේන්න ජන මත විචාරණයක් ඕනෙ නැත්තං ආපහු එතෙන්ට ගෙනියන්නත් ජනමත විචාරණයක් ඕනෙ නෑ කියලා පොඩි එකෙකුටත් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ගොනෝ, 22 genakotama eke dala thiyenee 22 ain karanna ජනමත විචාරණයක් ඕනෙ

      Delete
  4. මෝඩ නලින්ද පකයෝ 23න් වෙන්නෙ 22 අහෝසි කරන එක තමයි. 18, 19න් කැඩුවා 20, 21න් කැඩුවා. ඔත්තෙ සංශෝධන කරන්නෙ ඒකාධිපති ඉරට්ටෙ සංශෝධන අහෝසි කරන එකයි. මහින්දත් හිතන් හිටියෙ උඹල වගේම බලය සදාකාලිකයි කියල. ඔහොම හිටහල්ලකො

    ReplyDelete
  5. මුස්පේත්තුවා

    ReplyDelete
  6. දැන් ඔයාට ගොඩක් සතුටුයි නේ. දැන් නාමල්, ඇතුළු සෙට් එකම හිරේ දාන්න පුළුවන්. රංග, සූරසේන, ශානි ත්‍රිසම් එකට ඕන තීරණ අරගෙන විඅප්ක්ෂය කුඩුකරලා දන්නා පුළුවන්. නාමල් අනිවාර්යනෙම අවුරුදු 5කට ඇතුලට දානවා.. මිනිහගේ ප්‍රජා අයිතිය නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එක මට අවුලක් නෙමෙයි. එත් මේ ජෙප්පෙනට මේවා රිටන් වෙන දවසක් එනවා.. දන ලබන කාලකන්නි සතුට ඇතුලේ තියෙන්නේ ඉතාම බයානක අනාගතයක්. මේ වගේ කුපාඩි තක්කඩි රැලකට බලය දුන්නේ සිංහල බෞද්ධ සහ දෙමල අමනයින්ට තව කෙලෙවෙන්න ඕන. මොකෝ දෙමළා මේකෙන් කොහොමත් බේරෙනවා.. සිංහල බෞද්ධ ගොබ්බයින්ට තව කෙලවෙනවා... මේවා මෙහෙම වෙන්න ඕන වැඩ. 22 ට ජය.

    ReplyDelete
  7. ආරියතිලක

    “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්! රාජද්‍රෝහය නම් අපරාධ වරදක්!

    වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු යි.. අත් අඩංගුවට ගත යුතු යි..


    “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සමුළුවක් අමතා මෙම ප්‍රකාශය කර කළේ ය.


    එහිදී ඔහු මෙසේ ද කිය යි.

    “අපිට ලැබිල තියෙන්නේ ආණ්ඩු බලය, තව තියනවා කොටසක් රාජ්‍ය බලය කියල කොටසක් ආණ්ඩු බලය කියන්නේ ඔය ගොල්ලො කතිරයක් ගසා ලබා දෙන බලය ඒක එක දවසින් දෙන්න පුළුවන්. එක දවසින් ලැබෙනව. අපට ඒ ලැබිල තියනව ආකාර තුනෙන්ම, ඊ අඟ එක තමයි රාජ්‍ය බලය; රාජ්‍ය බලය කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඉස්සරහට එන අපි ආණ්ඩුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සියල්ල ගමන් කළ යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඒ තමයි රාජ්‍ය බලය; රාජ්‍ය බලය එක දවසින් එන්නේ නැහැ ඒක ලබා ගන්න කාලයක් ගත වෙනව”


    “දෙවන කාරණය තමයි බලය ගත්ත ආකාරය ගත්තොත් එහෙම දැන් මම කිව්වා ආණ්ඩු බලය රාජ්‍ය බලය ඒකින් ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත;

    අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,


    88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”


    මෙම ප්‍රකාශය ජනතා පරමාධිත්‍යයේ බලය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව කිව යුතු ය. එසේ ම රාජ්‍යද්‍රෝහී බව නැවත සාක්ෂි සහිතව ප්‍රදර්ශන කිරීමක් බව කිව යුතු ය.


    2024 සැප්තැම්බර් 21 දින හා 2024 නොවැම්බර් 14 දින පවත්වන ලද ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන දෙක ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි පවත් වන ලදී. ඒ ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති ජනතා පරමාධිපත්‍යයයේ බලතල ක්‍රියාත්මක් කිරීමට ය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂයට, මැතිවරණ දෙකෙහිදී ම දෙන ලද ඡන්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියවෙන ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට යටත් ව, ජනාධිපති ධූරය සහ ආණ්ඩු බලය (ව්‍යවස්ථාදායක බලය) ක්‍රියාත්මක කිරීමට මිස වෙනත් දේශපාලන අහිමතාර්ථ දියත් කිරීමට නො වන බව කිව යුතු ය.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති රාජ්‍ය බලමහිමය, ජනතා පරමාධිපත්‍යයයේ බලයට යටත් කොට ව්‍යවස්ථාදායකයෙන් ද විධායකයෙන් ද සහ අධිකරණය මගින් ක්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවෙන් පනවා ඇත්තේ ය.

    ආණ්ඩු බලය යනු ව්‍යවස්ථාදායකයේ බලය ය. ව්‍යවස්ථාදයකය හෙවත් පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පත් වී ඇති කවර හෝ මන්ත්‍රීවරයෙකු විසින්


    “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කියනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් රාජ්‍යයට ද්‍රෝහීවීමක් වේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ බලමහිමයට ද්‍රෝහී වීමක්; ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා බලය ප්‍රතික්ෂේප කිරීමක් බව ද කිව යුතු ය.


    ආණ්ඩු බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් පත්වන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් කියවෙන ව්‍යවස්ථාදායක බලය අනුව ක්‍රියාත්මක වන්නේ ය.


    ReplyDelete
  8. පිස්සු හුත්තෙක්.

    ReplyDelete
  9. ඉතිරි කොටස….

    ආරියතිලක

    ආණ්ඩුවේ ම පාලන විධානයේ කොටසක් වන විධායකය ද හෙවත් ජනාධ්පතිධූරය ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ බලය ක්‍රියාත්මක් කිරීමක් වන්නේ ය.

    රාජ්‍ය බලය කිසිවෙකුටත් අත් කරගත නො හැකි බව;

    “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කිසිවෙක් හට කීමට හිමිකමක් නැත්තේ ය.

    කිසිම ආකාරයකින් රාජය බලය පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට ගත හැකි දෙයක් නොවන බව කිව යුතු ය. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය ද කිසිවෙකුට අත්පත් කර ගත නො හැක.

    රාජ්‍යයේ සියලු බලමහිමය ශ්‍රී ලංකා ජනරජය දරා සිටින බව;

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 166 වන ව්‍යවස්ථාවෙහි,


    “166. ජනරජයේ බලතල, වරප්‍රසාද, පරිහාර, හා අයිතිවාසිකම්

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මකවීම අරම්භ වන තෙක් ක්‍රියාත්මක කළා වූ ද, කළහැකි වූ ද බලතල හා වරප්‍රසාද ද පරිහාර හා අයිතිවාසිකම් ද ඇතුළු සියලු බලමහිමය, පාර්ලිමේන්තුව වෙනත් අන්‍යාකාර විධිවිධාන සැලැස්වුවහොත් මිස, ශ්‍රී ලංකා ජනරජයට හිමි වන්නේ ය. ශ්‍රී ලංකා ජනරජය ඒ සියලු බලමහිමය දරා ක්‍රියාත්මක කරන්නේ ය.”

    යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත්තේ ය.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 (1) ව්‍යවස්ථාව;

    “76 (1) ව්‍යස්‍ථාදායක බලය පවරා දීම:

    පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නො කළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නො පිහටවිය යුත්තේ ය.”

    යනුවෙන් පනවා තිබීමත්,


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    3 වන වව්‍යවස්ථාවෙහි:

    “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍ය අත්හළ නො හැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්, සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.”

    යනුවෙන් පනවා තිබීමත් හේතුවෙන් පරමාධිපත්‍යයේ බලය අත් හළ නොහැකි බැවින් ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය බලය, පරමාධිපත්‍යයේ බලය කිසිවෙකුට අත්පත් කර ගත නොහැක්කේ ය. ශ්‍රී ලංකා පුරවැසි හා ලෝකයේ කිසිදු රාජ්‍යයකට, එම බලය අභිබවා කටයුතු කළ නො හැක්කේ ය. ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය බලමහිමයට විරුද්ධව ක්‍රියා කිරීම, පිරිස් එකතු කිරීම, දේශන තැබීම හෝ


    “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත”

    යයි ප්‍රකාශ කිරීම හෝ එම ප්‍රකාශය මත පිහිටා පිරිස් එකතු කිරීම හෝ දේශන තැබීම හෝ ශ්‍රී ලංකා දේශය තුල හෝ ඉන් පිටත පිරිස් එකතු කිරීම, දේශන තැබීම, කුදු මහත් සියලු ක්‍රියාකාරකම්වල නිරත වීම, හෝ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථව උල්ල්ංඝය කිරීමක් වනවා ඇත. එය අපරාධමය වරදක් ද වේ. ඒ රාජද්‍රෝහය නැමැති වරද ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද වන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රකාර දිවුරුම ද, හෝ 161 වන ව්‍යවස්ථාවේ (ඈ) (III) පරිදි වූ මන්ත්‍රීවරයෙකු විසින් නම් 7 වන උපලේඛනගත දිවුරුම ද උල්ලංඝනය වනවා ඇත්තේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා ප්‍රකාරව

    ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම නැමැති වරද ඇති කරන්නේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා නම්:-

    “157අ (1) ශ්‍රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්‍රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.

    (2) ශ්‍රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”

    යනුවෙන් පනවා ඇත්තේ ය.

    ReplyDelete
  10. ඉතිරි කොටස…

    ආරියතිලක

    අපරාධමය වරද වන්නේ, දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්තිය සෘජුව ම උල්ලංඝනය වීම ද 114,115,116 වගන්ති ද,118, 121,122 යන වගන්ති ද උල්ලංඝනය වීම නිසාවෙනි.


    නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පහත ප්‍රකාශය අනුව;


    “දෙවන කාරණය තමයි බලය ගත්ත ආකාරය ගත්තොත් එහෙම දැන් මම කිව්වා ආණ්ඩු බලය; රාජ්‍ය බලය ඒකින් ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත;

    අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,


    88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගහල ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”

    මෙම ප්‍රකාශය මෙසේ වෙන් කර ගත් විට


    1. “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත.”

    2. අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,

    3. 88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”


    මෙම ප්‍රකාශ ඛණ්ඩ ත්‍රිත්වය අනුව

    ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කරන අවස්ථාවෙ පෙනී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බව පැහැදිලි ය. 1971 කැරැල්ල හා 1988/89 කැරැල්ල මෙහෙය වූයේ ජනතා විමුක්ති පෙරමුණ මිස වෙන කවුරුත් නො වේ. ජාතික ජන බලවේගය ආරම්භය 2019 ජූලි 13 ය. 1971 හා 1987/88/89 ජවිපෙ විසින් රාජ්‍ය පැහැර ගැනීමේ රාජද්‍රෝහී කැරැල්ල සාධාරණීය කිරීම පමණක් නොව එසේ කිරීමට නො හැකි වීමෙන් ආණ්ඩු බලය හා රාජ්‍ය බලය යන දෙක ම අත්පත් කර ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව පවසයි. කැරැළි දෙකෙන් කුමන හෝ කැරැල්ලක් සාර්ථක වූයේ නම් ආණ්ඩු බලය සහ රාජ්‍ය බලය යන දෙක ම ලබා ගත හැකිව තිබූ බව පවසයි. එයද “ගහල ගැනීමෙන්” ය. එනම් ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව ආයුධ සංනද්ධ ත්‍රස්තවාදය මගිනි. එසේ ගහල ගැනීමට නො හැකි වීමෙන් ආණ්ඩු බලය හා රාජ්‍ය බලය එදා අහිමි වුවත් “අද ආණ්ඩු බලය ලබා ගෙන තිබෙනවා. නමුත් එදා 71 හා 88/89 අයුධ සංනද්ධ කැරැල්ලේ ඉලක්කය වන, එදා පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දරා සිටිමින් හා ප්‍රදානය කොට ජනතාව භික්ති විදින, ශ්‍රී ලංකා රාජ්‍යයයේ රාජ්‍ය බලය නොව, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්වාදය ඉලක්කය කරගත් රාජ්‍ය බලය තමයි අපට අවශ්‍ය කරන්නේ. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රදානය කොට භුත්ති විදින රාජ්‍ය බලය නො වේ” යන්න ය.


    එසේ නම් 1971 සහ 1988/89 ජවිපෙ ආයුධ සංන්ද්ධ කැරැලි දෙකෙන් අත්පත් කර ගැනීමට නො හැකි වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රදානය කොට භුක්ති විදින රාජ්‍ය බලය නොව අපට ඇවැසි වෙනත් රාජ්‍ය බලයක් ලබා ගත යුතු ය. ස්ථාපිත කළ යුතු ය යනුවෙන් තම පක්ෂ සාමාජිකයන් හෝ වෙනත් පිරිස් හෝ දැනුවත් කිරීම කළ බව පැහැදිලි ය. 1971 සහ 1988/89 ජවිපෙ ආයුධ සංන්ද්ධ කැරළි දෙක සාධාරණීය කිරීම යනු නැවතත් අවශ්‍ය වුවොත් ජවිපෙ පක්ෂ ක්‍රියාකාරීන් හෝ ජාතික ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් හෝ, දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රදානය කොට භුක්ති විදින රාජ්‍ය බලය පැහැර ගත යුතු බවට යෝජනා කිරීමක්, ඒ ස‍ඳහා පූර්ව මානසික සූදානම් කිරීමක්, පිරිස් ඒකරාශි කිරීමක්, ඒ සඳහා උද්‍යෝගය ඇති කිරීමක් කළ බව පැහැදිලි ය.


    ඒ හේතුවෙන් දණ්ඩනීති සංග්‍රහයේ 114,115,116 වගන්ති 118, 121,122 යන වගන්ති වලින් කියවෙන රාජද්‍රෝහී වරද සිදුවන බව පැහැදිලි ය.


    මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටේ ජනතාවට උත්තර දීමට නීතිය ක්‍රියාත්මක කිරීමට බැදී ඇත්තේ ය. තම ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් කරන ලද මෙම ප්‍රකාශය නොසලකා හැරිය නො හැක. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ මතය මේ සම්බන්ධයෙන් ජනතාවට නොවලහා දැන ගැනීමට සැළැස්වීම ද මෙම ප්‍රකාශය කළ නියෝජ්‍ය ආමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව හා දණ්ඩනීති සංග්‍රයේ නීති විධිවිධාන අනුව නීතිය ක්‍රියාත්මක් කිරීමට නොපමාව ක්‍රියා කළ යුතු බව අපගේ අදහස ය.


    “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත.”

    යයි කවර තැනැත්තකු හෝ ප්‍රකාශ කෙරේ ද එම තැනැත්තාට හට නීතිය නොවලහා ක්‍රියාත්මක කොට රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ආරක්ෂා කිරීම ඇවැසි බව අපගේ අදහස ය.

    ReplyDelete
  11. පිස්සු යකෙක්. මූ හොර දොස්තර

    ReplyDelete
  12. අධිකරණය ජෙප්පන්ට ඕනැ විදියට හදාගත්තා ට පස්සෙ අනාගතයේදී ඡන්ද නොතියා දකුණු කොරියාව වගේ ඒකාධිපති පාලනයක් ඇතිකරගන්න හැකියාව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දකුණු කොරියාවේ නොවෙයි උතුරු කොරියාවේ..
      උතුරු කොරියාවේ එහෙම වුණේ ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පැරදුණු නිසා..කොරියාව ඒ වෙන කොට පාලනය කළේ ජපානයෙන්. කොරියාව දෙකටකැඩී යුධ වන්දි ලෙස දකුණු කොරියාව ඇමරිකාව සතු වුණා. ඇමරිකාව දකුණු කොරියාවට උදව් කළා රජයක් වශයෙන් බිහි වීමට. උතුරු කොරියාව සෝවියට් රුසියාව සතු වුණා රුසියාවට අයිති කොටස උතුරු කොරියාව වශයෙන් පසු කලක රුසියානු පාලනයන් ම මාක්ස්වාදී රජයක් ඇති කළා. රුසියාවේ යුධ බලය හා තාක්ෂණය මත එය සිදු වුණා .

      Delete
Previous Post Next Post