බස් පර්මිට් 56ක වංචාවක්.. රේණුක පෙරේරා අත්අඩංගුවට..

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ සේවා බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වන රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම සඳහන් කරන අන්දමට, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ දක්වා ඇති ව්‍යවස්ථාපිත නීතිමය පටිපාටීන් උල්ලංඝනය කරමින්, නීතිවිරෝධී අන්දමින් තෙවන පාර්ශ්වයන් වෙත දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී සේවා බලපත්‍ර 56ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මීට අමතරව, 2014 සැප්තැම්බර් 19 වන දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක නිර්දේශ නොසලකා හරිමින් සහ නියමිත වාර්ෂික බලපත්‍ර ගාස්තු අයකර ගැනීමට අපොහොසත් වෙමින්, පෞද්ගලික බස් රථ හිමියන්ට අයුතු සහගත ලෙස වාසි සලසා දී රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවටද හිටපු සභාපතිවරයාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.





Former Commission Chair Arrested Over Alleged Corruption in Public Transport Licensing

Renuka Perera, a member of the Sri Lanka Podujana Peramuna party and former chairman of the National Transport Commission, has been arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption in connection with a large-scale corruption scandal linked to the issuance of passenger transport bus service licenses on the Southern Expressway.

The Commission disclosed that the investigation targets the unlawful issuance of 56 passenger service licenses to third parties, which contravenes established legal procedures outlined in the National Transport Commission Act No. 37 of 1991.

Additionally, serious allegations have been leveled against the former chairman for providing undue benefits to private bus operators, neglecting a cabinet decision made on September 19, 2014, and failing to collect the prescribed annual license fees, causing a significant financial loss to the government.

Following his arrest, Perera is set to be presented before the Colombo Chief Magistrate's Court to face the next legal steps in this ongoing investigation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. කරන කලට පව් මීපැනි සේ,.September 17, 2026 at 12:51 PM

    ඵල්ලා මරා දැමීම හෝ සියළු දේපළ රාජසන්තක කර දිවි තිබෙන තුරාවට බරපතළ වැඩ සහිතව සිරගත කළ යුතුයි,.!


    අහින්සක මිනිසුන්ගේ පරිප්පු ග්‍රෑම් සීයයට ගිනිපෙට්ටියට බදුගසා ,.බදු මුදල් රිසිසේ අවභාවිතාවේ යොදවා ප්‍රතිළාභ ලැබූ සියල්ල ඵල්ලා මරා දැමීම හෝ සියළු දේපළ රාජසන්තක කර දිවි තිබෙන තුරාවට බරපතළ වැඩ සහිතව සිරගත කළ යුතුයි,.!


    ''බර පතළ වැඩ'' යනු බදු මුදලින් ක් කා බිබී සිරගෙවල්වල හිඩැස් පිර වීම නොවන බවත්,.
    රජයට සිදුකළ පාඩුව පියවීමට සහ ඳඪුවම ලෙස දිනපතා බොල ජොයින්ට් ගෙවී යනලෙසටම බරට වැඩ කළයුතු බව අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. පච හුණ්ඩුවා 3% කරා යන අධිවේගී ගමන, කමෙන්ට් වලින් නවත්තන්න හදන තවත් ඩෝබි මොංගලයෙක් !!
      අනුකම්පා කරමි උඹලට.

      Delete
  2. horunta puka dena pohotuuwata ridila

    ReplyDelete
  3. Phohottuwek nam ekko kudu, ekko nadu, ekko badu, ekko gedara ganita wena un gahanawa, ekko hena horek, ekko daara waachalayek melo wadak bari.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම එක්කො අයියයි නංගියි ජාතක කරපු පුතෙක්, එක්කො අම්මගෙ නංගි එක්ක නිදිවදින හිපාටුවෙක්, එක්කො පාර්ලිමේන්තු බත් කාලා පිපිරෙන්නම මහත් වෙච්ච කාලකන්නියෙක්, එක්කො බීඩි ගත්හ බෝක්කු උඩ වාචාල දෙසාබාපු ආසනයෙන්.

      Delete
  4. 2030 මෙන්න පුවතක්. කන්ටේනර් 323 ක් පැන්නීමෙන් රජයට පාඩුකිරීම, මේසයකට ගසා හාල් මුදලාලිලාට වාසි කර ජනතාවට පාඩු කල, ගල් අගුරු කා බැලීමට නොහැකි වීම නිසා බාල ගල් අගුරු නිසා රජයට බිලියන ගනනක් පාඩු කිරීම, ඩොලර් බිලියනයක වන්දිය මිලියනයකට බස්සවා රජයට පාඩු කිරීමෙන්, ඩොලර් මිලියන දෙක හමාරක් වෙනත් හැකර් ( යාලුව ) පාර්සවයකට බර කිරීමෙන් රජයට පාඩු කිරීමෙන්, අවුරුදු පහක් රට එක තැන පල් කර නැවතත් බන්කොලොත් රාජයයක් බවට පත් කිරීමෙන් රජයට බිලියන දහස් ගනනක්ද පාඩු කිරීමෙන්, සහ .... ඉතුරු ටික හිතා ගනිල්ල ඩෝබියනේ...

    ReplyDelete
    Replies
    1. කන්ටේනර් 323 ක් පැන්නීමෙන් රජයට පාඩුකිරීම,
      මේසයකට ගසා හාල් මුදලාලිලාට වාසි කර ජනතාවට පාඩු කල,
      ගල් අගුරු කා බැලීමට නොහැකි වීම නිසා බාල ගල් අගුරු නිසා රජයට බිලියන ගනනක් පාඩු කිරීම,
      ඩොලර් බිලියනයක වන්දිය මිලියනයකට බස්සවා රජයට පාඩු කිරීමෙන්,
      ඩොලර් මිලියන දෙක හමාරක් වෙනත් හැකර් ( යාලුව ) පාර්සවයකට බර කිරීමෙන්

      Delete
  5. He is the man who made 90g Highland yoghurt 80 g by lifting the container bottom

    ReplyDelete
Previous Post Next Post