ජංගම ගිණුමේ හිඟය සිව්වැනි මාසයටත් ඉහළට... වෙලද හිගය ඩොලර් බිලියන 6.5 පනී...


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාවට අනුව, 2026 වසරේ ජූලි මාසයේදී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කර තිබේ.

මෙය වසර තුළ පිට පිටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිව්වැනි මාසය ලෙස සටහන් වේ.

මහ බැංකු දත්තවලට අනුව, 2026 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 552.2ක ද, මැයි මාසයේදී ඩොලර් මිලියන 194.5ක ද සහ ජූනි මාසයේදී ඩොලර් මිලියන 148.7ක ද වශයෙන් ජංගම ගිණුමේ හිඟයන් වාර්තා වී තිබුණි.

ඒ අනුව, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මුල් මාස හයක කාලය තුළ ජංගම ගිණුමේ සමස්ත හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 387ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් නිර්මාණය වී ඇති වෙළෙඳ හිඟයයි.

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

වෙළෙඳ ගිණුමේ හිඟය පිළිබඳව සලකා බැලීමේදී, 2025 වසරේ ජනවාරි - ජූලි කාලසීමාව තුළ ඩොලර් මිලියන 3,850ක්ව පැවති හිඟය, 2026 වසරේ එම කාලසීමාව වන විට ඩොලර් මිලියන 6,507ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම අභිබවා ආනයන සඳහා වැය වන පිරිවැය ඉහළ යාම මෙම ආර්ථික පීඩනයට ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.





Sri Lanka Faces Major Deficit in Mobile Account Balances as Economic Challenges Mount

A recent report from the Central Bank of Sri Lanka highlights a significant foreign exchange deficit, revealing that by July 2026, the country’s mobile account balance is projected to fall short by a staggering $142 million.

This marked the fourth consecutive month within the year to record a deficit in the mobile account. Data from the Central Bank indicates that prior months also faced alarming shortfalls: $552.2 million in April, $194.5 million in May, and $148.7 million in June.

As a result, the total deficit for the mobile account has surged to $387 million during the first six months of 2026, from January to July, raising serious concerns about the state of Sri Lanka’s economy.

The report identifies a critical factor contributing to these deficits: a growing trade imbalance driven by rapidly escalating import expenses that outstrip export revenues. This trend has been exacerbated by ongoing geopolitical tensions in the Middle East and depreciation of the Sri Lankan Rupee against the US Dollar, further inflating import costs.

Examining trading account deficits, the report notes a stark increase: from a $3,850 million deficit in the January to July period of 2025, this figure ballooned to $6,507 million in the same timeframe for 2026.

The rising costs of imports surpassing revenues from goods exports are underscored as the primary reasons behind the mounting economic pressure, presenting a daunting challenge for policy makers as they seek solutions to stabilize the economy.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. මේ නිව්ස් තියෙන්නෙ ජෙප්පො නොවන අයට බලන්න​. ජෙපි සොම්බින්ට අශූචි ගොඩක් හරි මලකුණක් හරි තියනවනම් දාපල්ල​.

    ReplyDelete
    Replies
    1. ලංකට්ටප්පුහාමිගේ කාලේ නෙ ඒ උනාට හොඳටම කලේ.

      පෝර නැතුව කාබනික වෙලා ගූ නැවු වලට වන්දි ගෙවල, ගෑස් ටැංකි බෝම්බ ගහල, පෝලිම් වල මිනිස්සු ආතල් අරං ඒ දවස් වල හැටියට මේවා නවත්තන්න ආපහු අරගලයක් කරන්න වත් වෙයි ද මන්ද.

      ඒත් ඉතිං දහ දෙනෙක් එකතු කර ගන්න එකත් දැන් අමාරුයි ඒ වැඩේ ට.

      Delete
    2. සොම්බි ජෙප්පෙකුට අශූචි නැවකැයි, යටඇඳුමකුයි හම්බ වෙලා. තලු මරනව​.

      Delete
    3. කාදිනල් තට්ට මයිනාSeptember 2, 2026 at 8:33 PM

      ඇයි දැන් ජෙප්පන්ට අපේ පාස්කු මලකඳන් ටික වෙන්දේසි කරන එක ඇතිවෙලාද?

      Delete
  2. ANURAGE DEKA JAYA WEWA

    ReplyDelete
Previous Post Next Post