මාලිමාව කරගෙන යන්නේ 75 අවුරුද්දේ වැඩපිලිවෙලමයි...


වර්තමාන රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් වසර 75ක් තිස්සේ සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට සමගාමීව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

පසුගිය වසර හැත්තෑ හයක කාලය තුළ මෙරට දේශපාලන අධිකාරිය සිදුකළේ කුමක්දැයි වත්මන් රජය නිරන්තරයෙන් ප්‍රශ්න කරන බවත්, ඊට නිසි පිළිතුරු ලබාදීමට තම පක්ෂය සූදානම් බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

රජය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින්නේ තම පක්ෂය විසින් විවිධ අවධීන්හිදී ආරම්භ කරන ලද වැඩපිළිවෙළවල් බව පෙන්වා දුන් දිසානායක මහතා, එම සැලසුම් ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම පිළිබඳව පක්ෂයක් ලෙස සතුටු විය හැකි බවද ප්‍රකාශ කළේය.

පසුගිය වසර 75ක කාලය පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට සමස්ත ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකරමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දී ඇති බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.





SLFP Secretary Highlights Government's Long-Term Plans During Media Briefing

The current administration is effectively implementing strategies that have been in the pipeline for 75 years, according to Duminda Dissanayake, Secretary of the Sri Lanka Freedom Party (SLFP). He made this statement during a media briefing held in Colombo in conjunction with the party's anniversary celebrations.

Dissanayake emphasized the need for accountability, revealing that the present government consistently questions the political authority's actions over the past sixty-seven years. He affirmed the party's readiness to provide appropriate responses to these inquiries.

He pointed out that the government is executing initiatives launched by the SLFP at various points in its history, suggesting that the party could take pride in how these plans are being operationalized.

Additionally, Dissanayake noted that throughout the past 75 years, the SLFP has played a crucial role in serving the public and securing numerous victories for the nation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් වසර 75ක් තිස්සේ සැලසුම් කරන ලද වැඩපිළිවෙළ......

    මුගේ අප්පගේ සැලසුම් එව්වා. කෝ යකෝ උඹලගේ කාලේ වගේ මිනිස්සු තෙල් පෝලිම් වලද? ගෑස් පෝලිම් වලද? හාල් කෝටා එකකට ද දෙන්නේ? ගූ නැව් එනවද? ලයිට් කපනවද? පාඩු ලබන ගගා යකඩ වලට ආයතන ටික විකුනං කනවද? කුඩු, අයිස් කන්ටේනර් පිටිං එනවද? ආර්යාවගේ බල්ලගේ බෙට්ට අල්ලන්න හමුදාවේ කොල්ලෝ පස්සෙන් යනවද?වැලිකොට්ට ගහල රේස් පදිනවද? එක ජාතියකට විතරක් සලකල අනික් උං බල්ලා මාක් එකට දාල තියෙනවද?

    උඹල කරපු ඉටිගෙඩියක් නෑ මේ රටට. අර රත්තරං තුවක්කුවෙන් පුකට වෙඩි තියාගනින් වෙන වැඩක් ඇත්තෙම නැත්නං.

    ReplyDelete
  2. මුන්ට මේ කරගෙන යන වැඩ ටික දරාගෙන ඉන්න බැරිකම තියෙන්නේ.

    උඹලා ආයි බලයට ඇවිල්ලා ඉවරයි බං

    ReplyDelete
  3. උඹල කරපු ඉටිගෙඩියක් නෑ මේ රටට. අර රත්තරං තුවක්කුවෙන් පුකට වෙඩි තියාගනින් වෙන වැඩක් ඇත්තෙම නැත්නං.

    ReplyDelete
  4. එතකොට මෙයා කියන්නෙ මේ ආණ්ඩුවෙ වැඩපිලිවෙල SLFP එකට අනුව “හරි” කියලද? එහෙම නම් ගිහින් වැඩපිලිවෙලට උදවු කරපල්ල.

    ReplyDelete
Previous Post Next Post