හූතින් රතු මුහුද අල්ලාගෙන Bab el-Mandeb වසා දමමින්.. ලෝකයම යලි අර්බුදයක... තෙල් මිල ක්‍ෂණිකය ඉහලට..


ඉරාන හිතවාදී යේමනයේ හුති සටන්කාමීන් එරට ප්‍රධාන වරාය නගරයක් වන මොකා (Mocha) නගරයේ පාලනය සියතට ගෙන, රතු මුහුදු තීරයේ පිහිටි උපායමාර්ගික දූපත් කිහිපයක් දෙසට සිය ගමන් මඟ තහවුරු කරගෙන ඇත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට මැතිවරණයෙන් අනතුරුව ඉරාන යුද්ධය නිමාවට පත්වනු ඇතැයි ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව මෙම තීරණාත්මක සිදුවීම වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ලොව ප්‍රධානතම නාවික වෙළෙඳ මාර්ගයක් මෙන්ම රතු මුහුදේ දකුණු පිවිසුම වන බබ් එල්-මැන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය කෙරෙහි හුති සටන්කාමීන් සතු බලපෑම මෙම මෙහෙයුම හරහා තවදුරටත් ශක්තිමත් වී ඇති බවත්, ඔවුන් මේ වන විට හනීෂ් දූපත් දක්වා ළඟා වී ඇති බවත්ය.

සෞදි අරාබියට අයත් නෞකාවලට හැර අනෙකුත් සියලුම නාවික සමාගම්වල නෞකාවලට රතු මුහුදේ ගමන් කිරීම ආරක්ෂිත බව හුති පාලනය යටතේ පවතින මානුෂීය මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් පසු, ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය සැපයුම් සඳහා ප්‍රධාන වශයෙන් රතු මුහුදු මාර්ගය මත යැපෙමින් සිටියි.

හුති ප්‍රකාශක මොහොමඩ් අබ්දුල්සලාම් සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාමාර්ග හුදෙක් ආත්මාරක්ෂක පියවරයන් පමණක් වන අතර, යේමනය වෙත එල්ල වන ප්‍රහාර නතර වූ වහාම මෙම මෙහෙයුම් ද අත්හිටුවන බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධියට ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටි මෙම නාවික මාර්ගයේ පූර්ණ පාලනය නතු කර ගැනීමට හුතිවරුන්ට හැකි වුවහොත්, එය ඇමෙරිකාව සමඟ පවතින ගැටුමේදී ඉරානයට දැවැන්ත උපායමාර්ගික වාසියක් හිමිකර දෙනු ඇත.

ප්‍රධාන සැපයුම් මාර්ග අවහිර වීමේ දැඩි අවදානම හමුවේ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල බ්‍රහස්පතින්දා දිනයේදී සියයට 4කින් පමණ ඉහළ ගොස් ඇත.

අර්බුදය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීමේ අරමුණින්, යේමනයේ හුති මිත්‍ර පාර්ශ්වයන් පාලනය කරන ලෙස දන්වමින් සෞදි අරාබිය විසින් පාකිස්තානය හරහා ඉරානය වෙත අනතුරු ඇඟවීමක් යොමු කර ඇත.

පාකිස්තානය මෙම පණිවිඩය ටෙහෙරානය වෙත භාර දුන් බව තහවුරු කළ ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, හුතිවරුන් පාලනය කිරීමේ හැකියාවක් ඉරානය සතුව නොමැති බවයි.

පසුගිය පෙබරවාරි මාසයේදී යුද්ධය ආරම්භ වූ දා සිට ගල්ෆ් කලාපයේ නාවික ගමනාගමනය ඉලක්ක කරගනිමින් ඉරානය සහ ඇමෙරිකාව අතර මෙතෙක් සිදුවූ දැවැන්තම ප්‍රතිප්‍රහාර මාලාව ක්‍රියාත්මක වන පසුබිමක මෙම නවතම ගැටුම් වර්ධනය වී තිබේ.

ඉරානයේ සහාය ලබන ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන හුති සටන්කාමීන්, ගාසා යුද්ධයේදී පලස්තීනුවන්ට සහය පළ කරමින් ඊශ්‍රායලයට සහ රතු මුහුදේ වාණිජ නෞකාවලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි.

රජයේ හමුදා ආරංචි මාර්ග පවසන පරිදි, යේමන රජයේ හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් රතු මුහුදු තීරයේ පිහිටි දුබාබ් (Dhubab) සහ පෙරීම් (Perim) දූපත් ආශ්‍රිතව යළි ස්ථානගත වෙමින් සිටින අතර, එම ප්‍රදේශවල පාලනය රැක ගැනීම බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට අතිශය තීරණාත්මක සාධකයකි.

'කඳුළු දොරටුව' (Gate of Tears) නමින් හැඳින්වෙන බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය අරාබි අර්ධද්වීපයේ යේමනය සහ අප්‍රිකානු කලාපයේ ජිබුටි හා එරිත්‍රියාව අතර පිහිටා ඇති අතර, එය සූවස් ඇළ ඔස්සේ යුරෝපයට සහ ආසියාවට ඉන්ධන හා වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ලොව ප්‍රධානතම ජීවනාලියකි.

යුද ගැටුම් සහ ඊට සමගාමීව ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය වාර්තාගත ලෙස පහත වැටී ඇති අතර, එළඹෙන නොවැම්බර් මධ්‍යවාර මැතිවරණයට බලපෑම් කිරීමට ටෙහෙරානය උත්සාහ කරන බවට ට්‍රම්ප් චෝදනා කළේය. මැතිවරණයෙන් පසු යුද්ධය වහාම අවසන් වනු ඇති බව ඔහු මාධ්‍ය වෙත කියා සිටියේය. තවද, ඉරානයේ නටාන්ස් (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි දැඩි ආරක්ෂිත භූගත උමං සංකීර්ණයක් වන 'පික්ඇක්ස් කන්ද' (Pickaxe Mountain) වෙත අමෙරිකාවෙන් ප්‍රහාර එල්ල විය හැකි බවට ද ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වොෂින්ටනය ගත් උත්සාහයන් ද මෙම නව ගැටුම් හමුවේ අඩාල වී ඇති අතර, ඇමෙරිකාව විසින් ඉරාන තෙල් ප්‍රවාහන නෞකා පහක් විනාශ කිරීමට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තිබූ නෞකා 10කට තමන් පහර දුන් බව ඉරානය ප්‍රකාශ කර තිබේ.





Houthis Capture Strategic City of Mocha and Strengthen Control in Red Sea

In a significant development, Houthi fighters have successfully taken control of Mocha, a major port city in Yemen, affirming their hold over several strategic islands along the Red Sea coastline. This move has been reported just hours after U.S. President Donald Trump indicated that the war in Iran will come to an end following the elections in that country.

International media highlights that the Houthis’ influence over the Bab el-Mandeb strait, a crucial maritime corridor and the southern gateway to the Red Sea, has notably increased through this operation. Reports suggest that they have advanced close to the Hanish Islands, enhancing their strategic posture in the region.

The coordination center for human operations under Houthi control has stated that navigation through the Red Sea remains secure for all shipping companies except for vessels belonging to Saudi Arabia. This statement underscores the Houthis' capabilities and influence in the area.

The ongoing conflict has raised alarms regarding global oil supplies, particularly following the blockage of the Strait of Hormuz, a vital passage for oil transport. Saudi Arabia, the world's largest oil exporter, is dependent on routes through the Red Sea for its oil supplies.

Houthi spokesman Mohammed Abdul Salam emphasized that their actions are purely defensive, asserting that they would halt operations immediately should attacks on Yemen cease.

If the Houthis gain complete control over this crucial maritime route, it could provide Iran with a significant strategic advantage amid its confrontations with the United States.

Concerns regarding disruption of major supply routes have led to a notable increase in the price of Brent crude oil, which rose by approximately four percent on Thursday.

Amid efforts to prevent escalation, Saudi Arabia has issued a warning to Iran via Pakistan, urging the Houthi allies to assert control in Yemen's maritime domain.

A senior Iranian official confirmed that the warning message was relayed to Tehran, mentioning that Iran lacks the capacity to control the Houthis effectively.

This recent escalation in hostilities has unfolded against a backdrop of ongoing retaliatory strikes between Iran and the U.S., particularly since the onset of conflict in February, targeting naval movements in the Gulf region.

Aligned with Iran, the Houthis have voiced support for Palestinians during the Gaza conflict, persistently attacking Israeli targets and commercial vessels in the Red Sea.

Military sources from the Yemeni government indicate that allied forces are restructuring near the islands of Dhubab and Perim along the Red Sea coast, a critical factor for maintaining control and ensuring security in the Bab el-Mandeb strait.

The Bab el-Mandeb strait, often referred to as the 'Gate of Tears', serves as a vital conduit for fuel and trade commodities from the Arabian Peninsula to Europe and Asia, making it one of the world’s most important waterways.

The ongoing conflict and the accompanying rise in fuel prices have reportedly impacted President Trump's approval ratings, with allegations suggesting Tehran may seek to influence the upcoming midterm elections in November. Trump controversially claimed that the war will soon conclude post-elections, warning of potential strikes against the strategically significant 'Pickaxe Mountain' facility near Iran's Natanz nuclear center.

Efforts by Washington to restore normalcy to maritime traffic through the Strait of Hormuz have been undermined by these continued conflicts. Iran has claimed to have retaliated by striking ten vessels near the strait in response to the destruction of five of its oil tankers by the U.S.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ලංකට් පඩංගුවේ උන්ට සෙනික මෝචනය වෙන නිව්ස්

    ReplyDelete
  2. බන්ධනාගාර නිලධාරීන් මගේත් ගුදයට ඇඟිලි ගහයි. නාමල්ගේ වගේ. ඒක නිසා මට නම් බෑ.
    බයගෝතා fcid එකේදී හඬා වැටෙයි

    පුවතක්

    ReplyDelete
    Replies
    1. Sinhalyo, Sakkili. (Kapu bath piganey rena ewun, Thamange ekata kelwenakam balagena inna ewun) Balapiyawu thambi diha.

      Delete
Previous Post Next Post