කතානායක බිත්තියටම හේත්තු වෙයි... නිල නිවසේ සේවක ලිපිගොනු අල්ලස් කොමිසම භාරයට ගනී..


කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව විමර්ශන පවත්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කථානායක නිල නිවසට අනුයුක්ත සේවකයන්ට අදාළ සියලුම ලිපිගොනු සහ ලේඛන සිය භාරයට ගෙන ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරයි.

පාර්ලිමේන්තු නිලධාරීන් විසින් මෙම අදාළ ලේඛන අල්ලස් කොමිසම වෙත භාරදී ඇති බව එම පුවත්පත අනාවරණය කර ඇති අතර, කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු, ඔවුන්ගේ වැටුප් විස්තර මෙන්ම වාහන භාවිතය පිළිබඳ වාර්තාද ඒ අතර වන බව සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.





Investigation Launched into Allegations Against Speaker Jagath VIP

The Bribery and Corruption Investigation Commission has taken possession of all documents related to the staff assigned to the official residence of Speaker Jagath Vikramaratne, amid ongoing inquiries into allegations against him. This development was reported by the Sunday Times.

Parliamentary officials have submitted these relevant documents to the anti-corruption body, revealing that they include information about the Speaker's personal staff, details of their salaries, as well as reports concerning vehicle usage.

The complaint prompting this investigation was filed by former deputy secretary of Parliament, Chaminda Kulathunga.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post