සුනඛයන් ලියාපදිංචියට ගාස්තුවක්.. වසරක් පාසා ලියාපදිංචි කල යුතුයි...

ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීම, සුනඛ ගහනය විධිමත්ව පාලනය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් සකස් කරන ලද ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ’ නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කර ඇති මෙම පනත් කෙටුම්පත මගින් මෙතෙක් ක්‍රියාත්මක වූ ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි කර, වඩාත් කාලෝචිත සහ දැඩි නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

වයස සති හයකට වැඩි සෑම සුනඛයෙකු සඳහාම වාර්ෂිකව ජලභීතිකා මර්දන එන්නත ලබාදීම සහ අදාළ පළාත් පාලන ආයතනය වෙත නියමිත ගාස්තුවක් ගෙවා වාර්ෂිකව ලියාපදිංචි කිරීම අයිතිකරු හෝ භාරකරු විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.

සුනඛයන් එන්නත් කිරීම රජයේ හෝ ලියාපදිංචි පශු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු අතර, ඒ සඳහා නිල සහතිකයක් නිකුත් කෙරේ. එම එන්නත් සහතිකය ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනය මගින් ලියාපදිංචි අංකයක් සහ ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනු ලබයි.

බලයලත් නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින අවස්ථාවක එන්නත් සහ ලියාපදිංචි සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වන හිමිකරුවන්ට ඒ සඳහා දින 14ක සහන කාලයක් හිමිවන අතර, එම කාලය තුළද ලියාපදිංචි නොවන්නේ නම් නියමිත ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. අනතුරුව අදාළ පළාත් පාලන ආයතනය විසින් එම සතා එන්නත් කර ලියාපදිංචි කිරීමට පියවර ගනු ඇත.

පොදු ස්ථානවල සුනඛයන් අතහැර දමා යන පුද්ගලයන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක පවත්වන ලඝු නඩු විභාගයකින් පසු රුපියල් 10,000ක් නොඉක්මවන දඩයක් හෝ මාස 3ක් දක්වා සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමට විධිවිධාන සලසා ඇත.

පළාත් පාලන ආයතනයකින් ලබාගන්නා නිල බලපත්‍රයකින් තොරව සුනඛ පැටවුන් අලෙවි කිරීමේ අරමුණින් අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, බලපත්‍රලාභී මධ්‍යස්ථානවල සතුන්ට ප්‍රමාණවත් ඉඩකඩ, ආහාර, ජලය සහ සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සැලසීම අනිවාර්ය වේ.

අයාලේ යන සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම හෝ පුමංගහරණය කිරීම පළාත් පාලන ආයතන මගින් පශු වෛද්‍යවරුන් ලවා සිදු කළ යුතු අතර, සුනඛයෙකු විසින් සිදු කරනු ලබන ආක්‍රමණ හෝ තුවාල කිරීම් සම්බන්ධයෙන් එහි අයිතිකරු සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

මීට අමතරව, විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරනු ලබන සියලුම සුනඛයන් දින 30ක අවම කාලසීමාවකට යටත්ව නිරෝධායනයට ලක්කිරීමද මෙම පනත් කෙටුම්පත මගින් අනිවාර්ය කර තිබේ.





New Legislation Introduced for Canine Rabies Control and Registration in Sri Lanka

A new draft law aimed at eradicating rabies, regulating dog breeds, and ensuring their registration has been officially announced through the government's gazette. This legislation comes under the directive of the Minister of State for Provincial Administration, Local Government, and Provincial Councils.

The new regulations propose to revoke existing orders related to rabies control and dog registration, replacing them with a more comprehensive and stringent legal framework. This change seeks to enhance public health measures concerning rabies, a disease posing significant risks to both humans and animals.

According to the requirements outlined in the draft, all dogs over six months of age must receive the rabies vaccination annually. Furthermore, the owner or caretaker is obligated to pay a specified fee to the respective local government authority for registration purposes.

The vaccination must be administered under the supervision of a government-sanctioned veterinarian, who will issue an official certificate. After presenting this vaccination certificate and paying the requisite fees, the local authority will provide a registration number and a registration certificate.

In instances where a pet owner fails to present the vaccination and registration certificates when requested by an authorized officer, they will be granted a grace period of 14 days to comply. If they still do not register within this period, they will incur an additional fine of 2,000 Sri Lankan Rupees on top of the standard registration fees. Subsequently, the local authority will proceed with the vaccination and registration of the animal.

The legislation also introduces penalties for individuals who abandon dogs in public places, which could result in a fine not exceeding 10,000 Sri Lankan Rupees or imprisonment for up to three months, following a summary trial in the Magistrate's Court.

Establishing breeding centers for dogs without an official license from local government authorities is entirely prohibited. Licensed breeding facilities must ensure that animals have adequate space, food, water, and sanitation facilities.

Moreover, procedures for the sterilization or euthanasia of unwanted animals must be conducted by veterinarians authorized by local authorities. The owner bears full responsibility for any attacks or injuries caused by their dog.

Additionally, all dogs imported from abroad are required to undergo a mandatory quarantine period of at least 30 days, as stipulated in the draft legislation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. hoda thiranayak.....

    ReplyDelete
    Replies
    1. අනේ බං අකුදිගෙ ගූ කනවා කියල ඔච්චර කන්න එපා. මේකෙ වෙන්නෙ අහින්සක පාරෙ ඉන්න බල්ලෙක්වත් ගෙදර ගෙනත් හදන එකට වැට බදිනවා. කොහොමත් මුන් කිව්වනෙ පාරෙ බල්ලො මරන්න ඕන කියල කන්න දෙනවනම් ගෙදර ගෙනියන්න කිව්ව. අනිත් රජයවල් කරේ පාරෙ බල්ලො වන්දයාකරනය කරා. එන්නත් ගැහුවා. ගමේ නගරෙ මිනිස්සු කන්න දුන්නා. කාලකන්නි මස්වැද්දො රට කරනකොට ඔහොම තමයි

      Delete
    2. Balu badda suddage kale wage. Ohoma yang. Hari soke.

      Delete
  2. බලු බද්දක්

    ReplyDelete
  3. බලු බද්ද. හෙට අනිද්දා මුන් හුස්ම ගන්න එකටත් ගහවි.

    ReplyDelete
  4. Umbe lamai school yanawada. Class yanna be ballo elawanawa. Meka karannama one wedak. Buran Eddie owner missing. Api gahawwoth redi kadan unaware.

    ReplyDelete
  5. සීලෙ අපිට අපිසීලෙට..අපේ සලකුන සීලරතන,.!September 13, 2026 at 5:11 PM

    සීලෙ අපිට අපිසීලෙට..අපේ සලකුන සීලරතන,.!

    පාර්ලිමෙන්තුවේ සුණඛයන්,නිළධාරී ඇතුළු වහල් කාලකන්නි වංචනික පරගැති අමන මූසලයන්, පුරවැසියන්ගේ බදු මුදලින් හනගසා බල්ලන් ලෙසට වහා ලියාපඳිංචි කරනු,.!

    ReplyDelete
  6. ඊලඟට ත# බද්ද, ලොකු සයිස් අය අමාරුවේ?

    ReplyDelete
  7. ගමේ ගෙදරකට සෙනේ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ.මේකාගේ කළු නපුරු මූණ හෙට හතට පලනු මැන සුවාමිනේ

    ReplyDelete
  8. පර සුද්දාගෙ කාලේ ගැහුව බලු බද්ද කලු කෙබරකොටා නැවත ක්‍රියාත්මක කරනවා. ඊළඟට ඇඟ බද්ද ගේනවා. රේඩියෝ සහ ටීවී වලටත් බද්ද ගහනවා. අන්තිමේදි කෙබරකොටා තොපි මරලා කනවා.

    ReplyDelete
  9. එන්නත් කිරීම ගැන කතා කරොත් රජය පශු වෛද්‍ය කාර්යාලවල වෛද්‍යවරයා ඉන්නෙම නෑ.මෙහෙ මනුස්සයා එන්නේ බදාදට විතරයි ඇවිල්ලා පැය භාගයක් ඉඳලා මිසින් .private clinic එකේ ඉන්න එකා හිතාගෙන ඉන්නේ අනිත් මිනිස්සු උගේ අත පල්ලෙන් වැටිලා කියල..හෙන සද්දේ. වෙලාවක මිනිහ නම් අඩිය අඟලට තලා ගන්නවා.සේවාවන් වල රජයේ සහ පුද්ගලික අතර මිල අති විශාල වෙනසක් තියෙනවා.රජයේ එකේ වුනත් වැඩක් කරගත්තහම බිලක් එහෙම දෙන්නේ නෑ හිතිච්ච ගනන්. වතාවක පෞද්ගලික අංශයෙන් පන්දහට කරගන්න පුළුවන් වැඩේ දොළොස්දහස් පන්සීයක් අයකරලා බි ල් මොනවත් නෑ සල්ලි සාක්කුවේ දාගත්තා.moh එකෙන් කරන්න ඕනේ එන්නත් කරන වැඩසටහන් කිසිම ක්‍රමවත් බවක් නෑ. මේ පැත්තෙ අවුරුදු දෙකකින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක නෑ.ගහෙන් ගෙඩි එන්න වගේ ගැසට් ගහල වැඩක් නෑ.පහසු මිලට වැඩේ කරගන්න ක්‍රමවත් ක්‍රමවේදයක් හදන්නෙ නැතුව.

    ReplyDelete
  10. සුනඛයෙකු විසින් පොදු ස්ථානයක මලපහ කලොත් ඒ සම්බන්ධයෙන් ද එහි අයිතිකරු සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

    ReplyDelete
  11. ඔක්කොම ඩෝබි ලියාපදිංචි කරනවා .. ජලභීතිකාව

    ReplyDelete
Previous Post Next Post