නල්ලූර් තිලීපන් පිළිරුව පොලිසියෙන් ගලවාගෙන යයි..


 මාරාන්තික උපවාසයක නිරතව මියගිය තිලීපන් නමැත්තාගේ 39 වන අනුස්මරණය වෙනුවෙන් යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර තිබූ ලෝකඩ පිළිරුව පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

1987 වසරේ සැප්තැම්බර් 15 වැනි දින නල්ලූර් කන්දස්වාමි කෝවිල ඉදිරිපිටදී ඉල්ලීම් 05ක් මුල් කරගනිමින් ආහාර හා ජලය වර්ජනය කරමින් උපවාසය ආරම්භ කළ තිලීපන්, අඛණ්ඩව දින 12ක් පුරා එහි නිරතවීමෙන් පසු එම වසරේම සැප්තැම්බර් 26 වැනි දින මියගියේය.

ඔහුගේ 39 වන අනුස්මරණ දිනය නිමිත්තෙන් මෙම ලෝකඩ පිළිරුව නිරාවරණය කර තිබූ අතර, ප්‍රදේශවාසීහු මල්මාලා පලඳවා පුෂ්පෝපහාර දක්වමින් ඔහු සැමරීමට පියවර ගත්හ.

ඊයේ (26) දිනට යෙදුණු තිලීපන්ගේ අවසන් දින සැමරුමෙන් අනතුරුව මෙම ඉවත් කිරීම සිදුව තිබේ.

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් පාවහන් පිටින් අදාළ පරිශ්‍රයට ඇතුළු වී, බලහත්කාරයෙන් එම ලෝකඩ පිළිරුව රැගෙන ගිය බව දමිළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) ප්‍රධාන ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඔහුගේ මරණය සිදු වූ දිනට සමගාමීව උතුරු පළාත පුරා තවත් අනුස්මරණ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබූ බවද වැඩිදුරටත් වාර්තා වේ.





Police Remove Steel Structure in Commemoration of Thiilipan’s 39th Death Anniversary

In a noteworthy incident, a steel structure erected in memory of Thiilipan has been dismantled by police in the Nallur area of Jaffna, coinciding with the 39th anniversary of his remarkable hunger strike.

Thiilipan initiated a hunger strike on September 15, 1987, in front of the Kandaswamy Kovil in Nallur, demanding five key concessions related to the rights of his community. After enduring twelve consecutive days of fasting, he tragically passed away on September 26 of that same year.

On the occasion of his memorial, the steel structure was unveiled, with local residents paying their respects by laying floral tributes and offering floral arrangements to honor his memory.

The removal of the memorial occurred just after the observance of Thiilipan's final day on the 26th. Reports indicate that without prior warning, a substantial police presence, exceeding 15 officers, invaded the area wearing civilian shoes and forcibly took down the structure, as stated by Selvaraja Gajendran, the secretary of the Tamil National People’s Front (TNPF).

Additionally, it has been reported that several other memorization events were organized across the Northern Province to commemorate the day of his death.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. ඊයේ (26) දිනට යෙදුණු තිලීපන්ගේ අවසන් දින සැමරුමෙන් අනතුරුව මෙම ඉවත් කිරීම සිදුව තිබේ.

    ඉවත් කරන්න තිබුණේ සමරණ කලින්.දැන් පෙරහැර ගිහිං ඉවරයි.

    ReplyDelete
  2. ඊයේ (26) දිනට යෙදුණු තිලීපන්ගේ අවසන් දින සැමරුමෙන් අනතුරුව මෙම ඉවත් කිරීම සිදුව තිබේ.

    ReplyDelete
  3. ඩෝබියො වෙනුවෙන් සතියක නිහඩ කාලයක්….. අපේ ගෙදරත් ඉයේ බනක් තිබ්බ. හාමුදුරුවො එද්දි කරඩුව ගෙනල්ල යද්දි අරන් ගියා. ගහපු හට් ටිකත් කොල්ලො ටික අද උදේ ගැලෙව්ව. මගෙ වැඩේ කොල්ලො කලාට කොඩින්ගෙ වැඩේ කරනිනෙ පොලිසිය😂😂😂

    ReplyDelete
  4. රට දැය බේරාගත් රණවිරුවන් බිලිඳුන් ස්ථාන වලත් එම රණවිරුවන්ගේ පිළිරුවක් සහිත ස්මාරකයක් ඉදිකරන්න.හින්දු දකුණු ඉන්දීය චිත්‍රපට බල බල ගොබ්බ චණ්ඩිකම් දාලා අන්තිමට තමන්ගේ ජාතිය වනසා ගත් සම හරක් දමිළ ජනතාව නිසා අවුරුදු 30-40ක් රටම විනාශ වුනා.එයාලා මෝඩ තකතීරු චූන් අරගෙන කරපු විනාශය නතරකල සේනාධිනායක.මහින්ද රාජපක්ෂගේ පිළිරුවක් හැම දමිළ නිවසකම තබා උදේ හවස පහනක් පත්තු කරලා වන්දනා කරපල්ලා වසල දමිළ ගොබ්බ ජනයිනි.

    ReplyDelete
  5. ආරියතිලක 


    ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය බලය පැහැර ගැනීමට ක්‍රියා කළ, රාජ්‍යද්‍රෝහී කැරැළි තුනකින්(1971, 1987/88/89 සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ බෙදුම්වාදී කැරැල්ල) රට ආරක්ෂා කර ගැනීමට, ආරක්ෂක හමුදා සමඟ දායක වූ  ශ්‍රී ලංකා පොලිසිය, තිලීපන්ගේ පිළිරුව ඉවත්කිරීමට මැදිහත් වීම සතුටට කාරණයක් වේ. රටේ ත්‍රස්වාදය සැමරුම් කිරීමට කිසිවෙකුටත් ම ඉඩක් නැත. 


    1971 හා 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් ඇති කරන ලද,  ත්‍රස්තවාදී රාජද්‍රෝහී කැරළි දෙක හේතුවෙන්  දිවි අහිමි වූ පිරිස්, “බක්මහ විරුවන් ලෙස හා “ඉල්මහ විරුවන්” ලෙස සැමරුම් කිරීම ද රාජ්‍ය විරෝධී  ත්‍රස්තවාදය සැමරීමක් බව කිව යුතු ය. එම රාජද්‍රෝහී ත්‍රස්තවාදී සැමරුම්, ශ්‍රී ලංකා ජනරජයට කරන ද්‍රෝහීකමක් බව ද කිව යුතු ය. එම සියලු ත්‍රස්තවාදී සැමරුම්, සිහිවටන ලක් පොළොවෙන් ඉවත් කිරීමට ක්‍රියා කිරීම රජය ඇතුලු සැමගේ වගකීම ය.

    ReplyDelete
  6. LTTE සහ ජේවීපී යනු 2ක් නොව 1ක් බව මතක තබා ගන්න. ත්‍රස්තවාදී කුරිරු යුද්දෙ වෙලාවේ දකුනෙ මර බිය බීශනය ඇති කර ඔවුන්ට සහයෝගය දුන්නේ මේ අද ආන්ඩු බලය තියෙන ම්ලේච්චයින්.ත්‍රස්තවාදී පනත යටතේ අපී මේවා කරනවා අරවා කරනවා කියල මේ නාටක පෙන්වනවා සැමරුම ඉවර වුනාට පස්සෙ. තව මෝඩයෝ ඉන්නවනේ රැවටෙන්න.

    ReplyDelete
Previous Post Next Post